එක්තරා රංගන ශිල්පියකු ළමා චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර කුඩා ළමුන් පිරිසකට කියපු කතාවක් තමයි මේ කියන්න යන්නෙ. ඔන්න එකමත් එක පාසලක ගුරූවරියක් කුඩා සිසුන් පිරිසකට හොඳ ගතිගුණ හා විනීතව හැසිරීමේ වැදගත්කම කියලා දුන්නලු.
දැන් හිතමුකො, බස් එකට නඟිද්දි ඔය දරුවෙක් වැරදිලා කාගෙ හරි කකුලක් පෑගුවා කියලා. එතකොට ඔයා මොනවද කියන්නෙ...
සොරි කියනවා ළමුන් සියල්ලම එකම හඬින් කිව්වා.
හරි දැන් කකුල පාගපු කෙනා ඔයාට මුදලක් දුන්නොත්?
ළමයි කට්ටියම නිශ්ශබ්ද වුණාලු. ඒත් එක ළමයෙක් දුන්නලු අපූරු උත්තරයක්.
මමනම් එතකොට එයාගෙ අනිත් කකුලත් හොයාගෙන පාගනවා.
ඔන්න චිත්‍රපට, ටෙලිනාට්‍යවල රඟපාන ශිල්පියෙක් ළඟදි රෝහල්ගත වුණාලු. එයාට තිබිලා තියෙන්නෙ පරණ කැස්සක්. ඉස්පිරිතාලෙ නවත්තපු පළවෙනි දවස මුළු රෑම කහිනවලු සද්දෙට. පහුවදා බෙහෙත් වැටුණට පස්සෙත් කැස්සෙන්නම් අඩුවක් නැහැලු. ඔන්න ඊටත් පහුවදා උදේ නර්ස් බෙහෙත් දෙන ගමන් කිව්වලු අදනම් ඔයාගෙ කැස්සෙ සද්දෙ අඩුවෙලා තියෙනවා. මේ බෙහෙත දිගටම ගත්තම හරියයි කියලා.
බෙහෙත්වලට නෙවෙයි මිසී සද්දෙ අඩු වුණේ, මම ඊයෙ මුළු රෑම ප්‍රැක්ටිස් කළා සද්ද අඩුවෙන් ඇහෙන විදිහට කහින්න. ඒකයි.
ඔන්න පත්තරේක කර්තෘ කෙනෙක් උදෙන්ම ඇවිත් එක්තරා ගමක ප්‍රාදේශීය වාර්තාකරැවකුට හදිසියෙන්ම කෝල් එකක් ගත්තලු.
මරු කතාවක් තියෙනවනෙ ඔයාලගෙ ගමේ. එහෙ එක මනුස්සයකුට පුළුවන් කියන්නෙ එකම වෙලාවක සිංහල සින්දුවකුයි ඉංග්‍රීසි සින්දුවකුයි කියන්න. කතාව ලියලා පින්තූරත් එක්ක මට අදම එවනවා, කර්තෘ කිව්වලු.
අයියෝ සර් වැඩක් නැහැ. මම ඒ කෙනාව දන්නවා. එතන කතාවක් නැහැ සර්.. වාර්තාකරු කිව්වලු.
කතාවක් නෑ. ඒක මාර කතාවක්නෙ..
ඔව් සර් කතාවක් නැහැ තමයි. ඒ මිනිහට ඔළු දෙකක් තියෙනවා.
► Text - Mithra