එයින් පිරිමියා හනී බත‍්‍රා වන අතර ඔහුගේ ප‍්‍රියම්බිකාව මොනිකා බත‍්‍රා. මේ දෙන්නත් බබාලා නැති නිසා යන්නේ කලින් බත‍්‍රා යුවළ තෝරාගත් වෛද්‍යවරයා වන ඩොක්ටර් ආනන්ද් අන්සාරී ගාවටමයි. මෙ යුවලටත් නළ දරු උපතක් සඳහා පුරුෂ බීජ වෛද්‍යවරයා විසින් ලබා ගන්නවා. කාලය ගතවෙලා දරුවන් උපදින දවසත් ළං වෙනවා. ඔන්න වරුන් බත්රාගේ බිරිඳ දීප්ති බත‍්‍රාව දරු ප‍්‍රසූතියට සූතිකාගාරයට ගන්නවා. බබා ඉපදුනාම එතන ඉන්න හෙද නිලධාරිනියක් බබාව වරුන් බත‍්‍රාට සහ දීප්ති බත‍්‍රාට පෙන්වනවා. ඔවුන් දකින්නේ මොනිකා බත‍්‍රාගේ සැමියා හනී බත‍්‍රාගේ මුහුණ තියෙන දරුවෙක්ව. කතාවේ හොඳම ටික දැනගන්න ඔබට තව ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. 2019 දෙසැම්බර් 27 වෙනිදා තිරගත වෙන ගුඩ් නිව්ස් කියන හින්දි සිනමා පටයේ කතාවේ සාරාංශය තමයි මම ඔබට කිව්වේ. මේ ගුඩ් නිව්ස් කියන හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාජ් මෙහ්තා වන අතර එය නිෂ්පාදනය කරලා තියෙන්නේ හිරූ යාශ් ජෝහර්, අරුන භාතියා, කරන් ජෝහර්, අපූර්වා මෙහ්තා සහ ශෂන්ක් ඛයිතන් විසිනුයි. ජ්‍යෝතී කපූර් සහ රාජ් මෙහ්තා විසින් ලියා තියෙන ගුඩ් නිව්ස් හින්දී සිනමා පටයේ දෙබස් ලියා තියෙන්නේ රිශාබ් ශර්මා විසිනුයි. තිර රචනය ජ්‍යෝතී කපූර් සහ රිශාබ් ශර්මා විසින් සිදුකර තියෙන ගුඩ් නිව්ස් හින්දී සිනමාපටයේ කතාවට හිමිකම් කියන්නේ ජ්‍යෝතී කපූර්. ජෝන් ස්ටේවර්ට් රා ඕ විසින් සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන ගුඩ් නිව්ස් හින්දී සිනමාපටය 2018 වසරේ තමයි රූ ගත කරන්න පටන් අරගෙන තියෙන්නේ. 2019 අප්‍රේල් වෙනකම් රූ ගත කිරීම් සිදුවුණා කියලා තමයි ආරංචිය. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටය හැඩ කරන්න චරිතයන්ට පණ දෙන්න එකතුවුණු ඔබ අපි ආදරය කරන ඔවුන් ගැනයි.
වරුන් බත‍්‍රාගේ චරිතයට පණ පොවන්නේ මෙන්න මේ සිනමාපට වලින් ඔබ හමුවෙලා තියෙන දන්න කියන කෙනෙක්.
Rustom (2016), Ajnabee (2001), Garam Masala (2005).Saugandh (1991), Khiladi,Mr. Bond,1992 Deedar,Dil Ki Baazi, Kayda Kanoon, Waqt Hamara Hai, Sainik ,Yeh Dillagi,Suhaag,Sabse Bada Khiladi, Khiladiyon Ka Khiladi,Dil To Pagal Hai (1997), International Khiladi.,Hera Pheri,Dhadkan,Khiladi 420,Ajnabee,Haan Maine Bhi Pyaar Kiya.,Aankhen,Awara Paagal Deewana.,Andaaz,Khakee,Bewafaa,Dosti: Friends Forever.,Phir Hera Pheri.,Welcome (2007); Namastey London, Bhool Bhulaiyaa,Tashan, Singh Is Kinng,Chandni Chowk to China,Housefull, Khatta Meetha,Tees Maar Khan,Patiala House,Thank You.,Desi Boyz (2011),Housefull 2,2013 Special Chabbis,Once Upon a Time in Mumbai Dobaara!,Airlift,2017 Toilet: Ek Prem Katha.,padman,2019 Housefull 4,
1967 සැප්තැම්බර් 09 වෙනිදා ඉන්දියාවේ පන්ජාබ් වල අමිත්සර් වල ඉපදුනු ඔහු මේ වෙද්දී ජීවත්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ මුම්බයි නගරයේ වන අතර ඔහු කැනේඩියානු ජාතිකයෙක් කියලයි සඳහන් වෙන්නේ. 1991 වසරේ පටන් ඔහු හින්දි සිනමාව නළුවෙක් නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් නියෝජනය කරනවා. නැෂනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මාන විතරක් නෙවෙයි ඔහු 2009 වසරේදී පද්ම ශ්‍රී ගෞරව නාමයෙනුත් පිදුම් ලැබූ කෙනෙක්. දැනට දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන ඔහු 2001දී ජනප‍්‍රිය සිනමා නිළි ට්වින්කල් ඛන්නා එක්ක විවාහ වුණා. උපතින් හරි නම ඕම් භාටියා ලෙසින් සඳහන් ආක්ෂය කුමාර් යන නාමයෙන් අපි දන්න ඔහුයි මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ. වරුන් බත්රාගේ බිරිඳ දීප්ති බත‍්‍රාගේ චරිතයට පණ පොවන ඇය ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඇයව මතක් වෙනවද කියලා බලන්නකෝ.
2000 Refugee, Aśoka, Kabhi Khushi Kabhie Gham., (2001),2004 Chameli.,2006 Omkara.,2007 Jab We Met,2010 We Are Family, 3 Idiots (2009) ,Bajrangi Bhaijaan (2015), 2009 Kurbaan,2012 Heroine, 2012 Talaash:,2016 Udta Punjab.2006 Chup Chup Ke; Don,2009Kambakkht Ishq, 2010Milenge Milenge,Bodyguard, Ra.One,Ek Main Aur Ekk Tu (2012),Veere Di Wedding 2018
1980 සැප්තැම්බර් 21 වැනිදා ඇය ඉපදුනේ සිනමා පවුලක. ෆිල්ම් ෆෙයාර් සම්මාන 06ක් ඇතුළුව සම්මාන උළෙලවලින් බොහෝ සිනමා සම්මාන ප‍්‍රමාණයක් තමන්ගේ නමට වෙන් කරගන්න සමත් වුණු මේ කියන හැඩකාරිය දැනට එක්දරු මවක්. හින්දි සිනමා යුවළක් වන රන්ද්ජීර් කපූර් සහ බබීතාගේ වැඩිමහල් දියණිය කරිෂ්මා කපූර් වෙද්දී මෙයා ඊට පසුවයි ඉපදුනේ. ඇය වෙනින් කිසිවෙක් නෙවෙයි සයිෆ් අලිඛාන්ගේ බිරිඳ තයිමූර්ගේ මව කරීනා කපූර් ඛාන්. කරීනා දීප්තී බත‍්‍රාගේ චරිතයට පණ පොවමින් එය ජීවමාන කරද්දී දැන් ඔබට කියන්න හදන්නේ හනී බත‍්‍රාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. 1984 ජනවාරී 06 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ ජලන්දර් දිස්ත‍්‍රික්කයේ දොසන්ජ් කලන්වලදී ඉපදී ඇති මේ කියන්න හදන නළුවා දැනට ජීවත්වෙන්නේ ඉන්දියාවේ පන්ජාබයේ ලූදියානාවලයි. 2004 වසරේ පටන් නළුවෙක් ගායකයෙක් සහ රූපවාහීනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වශයෙන් ඉන්දියාවේ ජනප‍්‍රියවෙලා තියෙන ඔහුව ඔබ අපි දැක තියෙනවා මෙන්න මේ සිනමාපටයන්ගෙන්.
2012 The Lion of Punjab, Jihne Mera Dil Luteya, 2015 Disco Singh, 2016 Sardaarji, 2017 Udta Punjab, Ambarsariya
ඔහු නමින් දිල්ජීත් දෝසන්ජිත්. ඔහු තමයි ගුඩ් නිවස් හින්දී සිනමාපටයේ හනි බත‍්‍රාගේ චරිතයට පන පොවන්නේ. හනී බත්රාගේ බිරිඳ ගැනයි දැන ඔබට කියන්න හදන්නේ. 1992 ජූලි 31 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ බොම්බේ නගරයේ ඉපදී තියෙන ඇය 2014 වසරේ පටන් හින්දී සිනමාවට සම්බන්ධව කටයුතු කරනවා. මෙන්න මේ සිනමාපටවල තමයි ඇය චරිතයන්ට පන පොවා තියෙන්නේ.
2014 Fugly, 2016 M.S. Dhoni: The Untold Story,2018 Lust Stories,Kabir Singh (2019)
මේ කියන්න හදන හැඩකාරියට ජනප‍්‍රිය හින්දි සිනමා නිළියක් වන ජුහී චව්ලා ඥාතීත්වයෙන් නැන්දා කෙනෙක් වෙනවා. හනී බත්රාගේ බිරිඳ මොනිකා බත‍්‍රාගේ චරිතයට පණ පොවන්නේ කියාරා අද්වානී විසිනුයි. ඔය කිව්ව හතරදෙනාට අමතරව ඩොක්ටර් ආනන්ද් අන්සාරීගේ චරිතය අදිල් හුසේන් විසිනුත්, ගුඩ් නිව්ස් හින්දී සිනමාවේ ඇති සෙසු චරිත හැඩ කරන්න තිස්කා චොප් රා, ගුල්ෂාන් ග්‍රෝවර්, අන්ජානා සුඛානී, යුක්තා මූඛෙයි, ඖරිතා ඝෝෂ් එකතුවෙලා තියෙනවා.
ගුඩ් නිව්ස් හින්දි සිනමාපටයේ ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරන්නේ තනිෂ්ක් බාග්චී, රෝචක් කොහ්ලි, ලව්, ලිජෝ ජෝර්ජ්, ඩී.ජේ. චේතාස්, බාද්ශාහ, මන්ජ් මියුසික්, හර්බී සහාරා, ශුඛ්බීර් මේ සිනමාපටයෙ ඇති ගීතයන්හි ගී පද කුමාර්, රෂ්මී විරාග්, තනිෂ්ක් බාග්චී, ශුඛ්බීර්, ගුර්ප‍්‍රීත් සයිනි, අරී ලෙෆ්, මයිකල් පොලොක් හර්බී සහාරා සහ වායූ විසින් සිදුකරලා තියෙනවා.
► Translation — Chandana