මෑතකදී ටෙලි නාට්‍යයක් රූගත කිරීමක් අතරතුරදී අපූරු කතන්දරයක් තමයි අද මේ කියන්න යන්නේ.
ඔන්න එක්තරා කලා ශිල්පියෙකුට ඒ නිර්මාණයේ රඟපාන්න තියෙන්නේ නීතීඥවරයකුගේ චරිතයක්. සතියක් විතර අසල හෝටලේක නැවතිලා ඉන්නේ නළු නිළි කට්ටියම. දැන් මේ ලෝයර්ගෙ චරිතෙ කරන නලුවා රෑ දවල් දෙබස් කටපාඩම් කරගෙන ඒ චරිතෙට ආරූඪ වෙලාලු ඉන්නේ.
දවසක් රෑ හීනෙනුත් දොඩවනවා තවත් නළුවෙකුට ඇහිලා තියෙනවා.
තමා පෙනී හිටින්නේ දෙවෙනි විත්තිකරු හැටියට නේද? හරි නිමල් ඔයාට අද සිමෙන්ති කොට්ට කීයක් ඕන වෙනවද?
බැලින්නම් මේ නළුවා මේ දවස්වල ගේ හදනවලු. ගේ හදන බාස්ලත් මෙයාට කෝල් කර කර බඩු ඉල්ලනවා. දැන් මෙයාට දෙකම පැටලිලා.
ඉස්සර වගේ නෙවෙයි දැන් හැදෙන පොඩි ළමයි ලවා වැඩ කරවගන්න එක ලේසි සෙල්ලම් නෙවෙයි. කාටුන් පෙන්නනවා කියලා තමයි කෑම කවන්නත් වෙන්නේ මේ කාලෙ ළමයින්ට.
ඔන්න ළඟදි අපේ කලා ශිල්පිණියකුත් ලස්සන කතාවක් කිව්වා. එයාගෙ චූටි දුව යන්නෙ මොන්ටිසෝරි. උදේට බබාව ඇහැරවලා ලෑස්ති කරන එක ලොකු යුද්ධයක්ලු.
ඔන්න දැන් දත් මදින්න ඊ කියන්න පුතේ කියලා කිව්වම දැන් එයා කට අරින්නෙ නෑලු.
බැහැ බැහැ. හැමදාම ඔහොම තමයි මාව රවට්ටන්නේ. ඉස්සෙල්ලා ඊ කියන්න කියයි. ඊටපස්සේ එෆ් කියන්න කියයි. ඊටත් පස්සේ මුලු ඉංග්‍රීසි හෝඩියම කියන්න කියයි මට බබා කිව්වලු.
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු දෙන්නෙක් දවසක් විවේකීව මුණගැහුණු වෙලාවක ඒ අයගේ වෘත්තියට අදාළ සමහර දේවල් ගැනත් අදහස් හුවමාරු කරගත්තලු.
ඔයා කොහොමද ලෙක්චර්ස් කරද්දි ඒක ඉවර කරන්න කාලෙ හරියි කියලා?
පන්තියේ සිසුන් ඒගොල්ලන්ගෙ ඔරලෝසු දිහා දෙතුන් පාරක් බලද්දි මම දන්නවා දැන් ලෙක්චස් නවත්තන්න කාලෙ හරි කියලා. ඔයා කොහොමද ඒක දැනගන්නේ?
මමද? මම ඉතින් දිග ලෙක්චර්ස් දීලානෙ පුරුදු. නවත්තන්න වෙලාව හරි කියලා මම දැනගන්නේ සමහර ළමයි ඒගොල්ලන්ගේ අත් ඔරලෝසුවල බැට්රි මාරු කරනවා දකිනකොට
Text - Mithra