මෑතකදී ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අපූරු සිද්ධියක්. ප්‍රවීණ නිළියක් රඟපාන ටෙලිනාට්‍යයේ අැගේ පුතා හැටියට රඟපාන්නේ නවක නළුවෙක්.
අදාළ දර්ශනයේ තියෙන්නේ අම්මා - ඒ කියන්නේ මේ ප්‍රවීණ නිළිය - තම පුතාව සාප්පු සංකීර්ණයක් තුළ හදිසියේ හමුවෙලා කරන කතා බහක්.
මේ දෙන්නා දෙබස් කියාගෙන යද්දී අධ්‍යක්ෂකවරයා සීන්එක කට් කරලා කැමරා අධ්‍යක්ෂකට කිව්වලු මේ දෙන්නව ලව් එකත් එක්ක ගන්න කියලා.
වැඩේ යනවා. අයෙමත් ඩිරෙක්ටර් කියනවලු ලව් එකත් එක්ක ගන්න කියලා.
ප්‍රවීණ නිළියට මේ කිසිම දෙයක් තේරුණේ නැහැ. ඇය ඩිරෙක්ටර්ගෙන් ඒ ගැන අහලා. බැලිනම් මේ දෙන්නා කතා කරන රූප රාමුවේ පසුබිමක තියෙනවලු LOVE කියලා ගහපු ලොකු ස්ටිකර් එකක්. ඩිරෙක්ටර් මහත්තයට ඕන වෙලා තිබුණේ ඒ ස්ටිකර් එකත් අහුවෙන විදිහට සීන් එක ගන්න.
නිදහස් චතුරස්‍රය තියෙන්නෙ කොළඹ වුණාට තත්පර 10ක රූප රචනාවක් රූපගත කරන්න වුණත් ඒ සඳහා අවසරය ගන්න තියෙන්නෙ බත්තරමුල්ල සෙත්සිරිපායේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන්.
එකත් අවුලක් නැහැයි කියමුකෝ. යම්කිසි මුදලක් ගෙවලා නිසි අවසරයක් ලබා ගනිද්දී ඒකට පිළිවෙළක් තියෙන්න එපායැ.
ඒත් පසුගිය සතියේ හරියටම සඳුදා දවසක අපේ කීර්තිමත් අධ්‍යක්ෂවරයෙක් ගිහින් තියෙනවා මේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට, තත්පර 20ක රූපගත කිරීමක් නිදහස් චතුරස්‍රය අසල කරගැනීමට අවසර ලබාගැනීමේ අදහසින්.
ඒත් සතියේ මුල්ම වැඩ කරන දිනයේ මේ අදාළ අංශයේ කිසිම සේවකයෙක් නැහැල්ලු. මුළු අංශයේම අය එදා රාජකාරි නිවාඩු ගිහින්.
“ඉතින් මහජන සේවය වෙනුවෙන් එක සේවකයෙක්වත් රාජකාරි වැඩට තියාගන්න බැරි වුණාද? මේ අධ්‍යක්ෂකවරයා පුදුමයෙන් ඇහුවලු.
නිවාඩු ගැනීමට හේතුව ඊට කලින් දවසේ රෑ සංස්කෘතික දෙපාර්තමේන්තුව සංවිධානය කළ කලාභූෂණ සම්මාන උළෙලට අදාළ සේවක මහත්ම මහත්මීන් සහභාගී වුණ නිසාලු.
අපේ කලා ශිල්පිනියක් ළඟදී දවසක ගෙදර කලබලේ උයන්න ගිය වෙලාවක අත කපාගෙන. මැහුම් දාන්නත් වෙලා. මේ දවස්වල මෙයා රඟපාන ටෙලිනාට්‍යක රංගන කටයුතුවලට මේ නිසා තරමක බාධාවකුත් වෙලා.
මේ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂකවරයා හැමදාම උදේට කතා කරනවා මෙයාගෙ සුවදුක් විමසනවා කෝල් එකක් දීලා. හැමදාම අහන්නේ එකම ප්‍රශ්නේ.
“අක්කේ කතා කරන්න පුළුවන්ද? දවසක් ඒ නිළියට එහෙම අහපු ගමන් මල පැනලා.
“අනේ මල්ලි මේ මගේ කැපුනේ අත හරිද, කට නෙවෙයිනෙ. ඒනිසා කතා කරන්න බැරිකමක් නැහැ. එයා කිව්වලු.
► Text - Mithra