2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ගොන් පොෂ් සහ තඩි බඩවල්

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

ඔන්න Y Trend වලින් පට්ට කෑමක් සෙට් කරන්න යන්නේ. කෑමක් කියන්නේ ගුටි කෑමක් නෙවෙයි අලේ. මේක ක්ෂණික කෘත්‍රිම කෑමක්. සීන් එක මේකයි. අලත් Generation එකේ Food Culture එක ගැන තමා අද කතාව. කියන්නට දුකයි අපිත් ඔය එව්වා මෙව්වා කනවා සත්තයි. ඒ නිසා මරණේ ළඟයි ආලෝකේ දුරයි.

මා සුදා කාලේ වේගෙන් වෙනස් වෙනකොට අපේ ගොඩක් පුරුදු වෙනස් වුණා. අල, කොළ, මාළු, එළවළු එක්ක ගෙදරින් බත් කන පුරුද්ද දැන් Youth එකේ නෑ. කඩෙන් කෑම තමා දැන් Trend එක. ඇති හැකි උන් සුපිරි Restaurant ගානේ ගිහිල්ලා නැති බැරි උන් පරාටා පාරක් දාන්න කොත්තුවක් කන්න තමා ට්‍රයි එක. ඉඳලා හිටලා පීසා කඩේකට රිංගන්න ඕඩර් කරලා මොනවා හරි Office එකට ගෙදරට ගෙන්න ගන්න අපේ පරම්පරාව පට්ට ආසයි. ඒ විතරක් නෙවෙයි ගෙදර හිටියත් නූඩ්ල්ස් එකක් ඔම්ලට් එකක් නැත්නම් Special මොනවා හරි හදාගෙන කන්න තමයි Try එක. කොටින්ම කියනවා නම් ඉස්සර වගේ බත් කන්න රටේ තාරුණ්‍යයෙන් භාගයක් කැමති නෑ. ඒක සම්ප්‍රදායික මෝඩ වැඩක් කියලා තමා එයාලා හිතන්නේ.

එක මෙහෙමයි. කෑම බීම කියන්නේ මචෝ සමාජ තත්ත්වය පෙන්වන දෙයක් ඉස්සර ඉඳලා. ඒ නිසා සල්ලි දීලා කන එකයි උයන් කන එකයි දෙකක් විදිහට අද ගොඩක් දෙනෙක් දකිනවා. කෑම සීන් එක ඇතුළේ පොෂ් සීන් එකක් තියෙනවා මචෝ. Restaurant එකකට ගිහිල්ලා සෙට්වෙලා කන එක Order කරලා ගෙන්න ගෙන කන එක වේවා පට්ට පොෂ් වැඩ කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා. සමහරුන්ගේ Family Culture එක ඇතුළේ මේ Food Culture එල Nomel. ඒ කියන්නේ ඒ අය ඔය විදිහට කන්නේ බොන්නේ පුරුද්දට. ඒත් මේක බලලා එයාගේ සමාජ තත්ත්වය ළංවෙන්න හිතේ තියාගෙන එහෙම කන්න බොන්න රඟන්න යන අය ගැනයි ඔය අපි කිව්වේ.

සුදෝ ඔය මරගාත සීන් එකේ නැතත් ගොඩක් කොල්ලෝ රෑට කොත්තු, පරාට, බිත්තර රොටි, බිත්තර ආප්ප වගේ ජාති රෑට කන්න පට්ට ආසයි. මොකද ගෙදර බත් එක රෑට කන්න සුදාලා කැමති නෑ. ජොබක් කරනවා නම් දවල් කෑම එක ගැන ගොඩක් අය හරියට සලකා බලන්නේ නෑ. අහුවෙන දෙයක් කනවා. ගෙදරින් ගෙනිච්චොත් එහෙමයි. නැත්නම් ඒත් කඩෙන්. ඒ කොහොම වුණත් රෑට තමා කෑම ගැන වැඩිපුර හිතන්නේ. කොටින්ම රෑට රජෙක් වගේ කන්න Try කරන එක දැන් Trend එකක්. සාමාන්‍යයෙන් හැමදාම රෑට ඇපේ තාරුණ්‍යය අනම් මනම් කන්නේ පොඩියට නෙවෙයි ලොකුවට. ඒ කාලා ගොඩක් රෑ වෙලා දොයියපතන් වෙනවා. පැංචෝ සාක්ෂි ඕනනම් අපේ රටේ පාටි එකක් හරි කෑම කඩයක් හරි ගිහිල්ලා බලන්න. ඒ ඕනේ නෑ ඔයා ගැනම හිතන්න කෝ... හා... ආ..... බොරුද සත්තරං. ඒ වුණාට ඉතින් මේ විදිහට රෑට ගොඩක් කන එක සෞඛ්‍යයට අහිතකර හිතකර බෑ.

කෑමට ඔබ වෙන්න දාස
කෑම ඔබට වේය දාස
වැඩිවෙයි බඩ දාස දාස

ඔන්න ලංකාවේ තාරුණ්‍යයට තියෙන බරපතළ අර්බුදය තමා මචෝ බඩ. ඒකත් මේ ආහාර සංස්කෘතියේ ප්‍රතිඵලයක් තමා පැංචෝ. කොච්චර කෙට්ටු වුණත් බඩ චුට්ටක් දානවා. ඇඟපත තඩිනම් කලගෙඩියක් වගේ බඩක් එනවා. බඩ අඩුකරන්න ජිම් යනවා. පස්සේ නවතිනවා. ගෑනු ළමෝ එක එක කරල් පෙති බොනවා ඩයට් කරනවා. ඒ වුණාට ආරේ ගති නෑරේ වගේ ආයේත් වෙලාවක් ආවම ඇට්ටි හැලෙන්න කනවා. බඩ ගැන තියෙන Trend ටික සුදෝ වෙනම ගලපන්න ඕනෑ. කොහොම වුණත් බඩ එන්න මූලික හේතුව පිටි, තෙල් වගේ ජාතිවලට ලොල්වුණ අපේ Y Trend එක.

අපේ සුදා හැම දෙයක්ම බදින්නයි, තෙල් දාන්නයි, තෙම්පරාදු කරන්නයි පටන් අරගෙන. තැම්බිලි මැලවිලි වානා. බදින්න තමා ඕනා. වැඩ වැඩී අපි බිසී. තෙම්පරාදු කරපු කෑම ඉක්මනින් නරක් වෙන්නේත් නෑනී. එක ලොකු පහසුවක්නේ. ඔය තරුණ මමීලා එහෙම කියනවා අඩා... ඒ කස්ටිය ගොඩක් කෑම හදන්නේ ගැඹුරු තෙලේ බැදලා. නිසා තෙල් ප්‍රමාණය තවත් ඉහළයි. අනිත් එක තෙල් පාවිච්චි කරන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්. කඩේ කෑම නම් එකම තෙලේ දෙතුන් පාර බදින්නේ. ඒක ඔක්කොටම වඩා භයානකයි.

මේ Trend එක නිසා රටට වෙලා තියෙන හානිය ගැන අපිට ළඟදී දවසක කියවන්න ලැබුණා. මගේ පැංචෝ පැංචියෝ මේ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕනෑ. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හදවත් රෝග නිසා ලංකාවේ මිනිස්සු බහුතරයකට නැට්ටම කෙලවෙලා ඉන්නේ. බලන්නකෝ ඉස්පිරිතාලෙ පැත්තේ ගිහිල්ලා. සුදෝ මේ රෝග තුන නිසා තමයි රටේ සිදුවන මරණවලින් 18.3ක්ම සිදුවෙනවා කියලා කියන්නේ. අපේ ලංකාවේ අපි කාටත් ලොකු බඩක් තියෙනවා. පොඩ්ඩක් පාරේ යන ගමන් උවමනාවෙන් බැලුවොත් ඒක සුපිරිටම තේරැම් ගන්න පුළුවන්. බඩ සීන් එක ගැන කියනකොට මතක් වුණේ. අපේ මිනිස්සු සමස්ථයක් වශයෙන් මහත්වෙන්න පටන් අරන් තියෙනවා කියලා සමීක්ෂණයකිනුත් හෙළිවෙලා. අපේ ජනගහණයෙන් 25.2ක් ස්ථුල මට්ටමේලු ඉන්නේ. ඒ කින්නේ ලංකාවේන් හතරෙන් එකක් අපි වගේ තඩියෝ. අනික් එක යකඩ ඌණතාව, විටමින් – A ඌණතාව සහ ප්‍රෝටීන් හිඟකම ලංකාවේ තියෙන ලොකූම සෞඛ්‍ය ගැටළුවක්ලු. ළමයින්ට තමා එක ලොකුවට බලපාල තියෙන්නේ. යකඩ නැති නිසා අනාගත පරම්පරාව මලකඩ කන සීන් එක්ක නෑ කියලා අපිට සතුටු වෙන්න පුළුවන්ද?

අපේ තාරුණ්‍යය වගේම අනාගත කෑම නිසා මාර නෑමකට සෙට් වෙනවා.  ඒ නිසයි අද මේ වගේ Story යක් Line කරේ පැංචෝ. ආතල් කැඩුණා නම් සමාවෙන්න ඕනෑ. කටට රස දැනෙන ආහාර සේරම අයින් කරලා “ඇඟට ගුණ” දේවල් විතරක් කන්න කියලා නෙවෙයි සත්තරනේ අපි කියන්නේ. එහෙම කන්න ගියොත් ජීවත් වෙන එකත් අප්පිරියා වේවි සිරාවට. අපි කාටත් පුළුවන් පොඩ්ඩක් වෙනස් වෙන්න. අපි කන කෑම වේලට පොඩි පොඩි වෙනස්කම් කරගන්න.

 

► Text - Nisal   /  Pic – Internet