ආචාර්ය රොජර් ටයර්ස් කියන්නේ එංගලන්තයේ සදම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පරිසර සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්. ඔහු බොහෝ කාලයක් තිස්සේ ගුවන් ගමනාගමනය නිසා පරිසරයට, වායුගෝලයට සිදුවන හානිය ගැන පර්යේෂණ කරපු කෙනෙක්. පර් යේෂණවලින් තමන් ගොඩනගා ගත්තු දැනුම පොතටපතට විතරක් සීමා නොකරන ආචාර්ය රොජර් පහුගියදාක හරි අපූරැ සංචාරයක් සිදුකළා. ලන්ඩනයේ ඉඳන් පැය කිහිපයක් ඇතුළත චීනයේ බීජිං නගරයට අහසින් යන්න පුළුවන්කම තියෙද්දී රොජර් දින 14ක් තිස්සේ සදම්ප්ටන් ඉඳන් චීනයට දවස් 14ක් තිස්සේ කෝච්චියෙන් ගමන් කළා.
කොහොම වුණත් මේ සංචාරය සැලසුම් කරගන්නම රොජර්ට මාස ගාණක් ගතවෙලා තිබුණා. මේ දින 14ක දුම්රිය ගමන තුළදී කෝච්චි 10කට මාරු වෙන්නත් ඔහුට සිදුවුණා. ඒ වගේම ඔහු පහුකළ දුම්රිය ස්ථාන ගණන සීයකට අධිකයි.
ඔහු පසුව මාධ්‍යයට පවසපු ආකාරයට මේ ගමන සුන්දරත්වය වගේම නීරස බවත් කැටි කරගත්තු ගමනක්. පැය ගණනාවක්, දින ගණනාවක් එකම වාගේ තණතිලි, ගස්කොළන් පහුකරගෙන යනකොට නීරස බවක් දැනෙන එක සාධාරණයි. ඒ නිසා පරිසරයේ වෙනස්කමක් තියෙන තැනකදී කවුළුවෙන් එළියට ඇස් යොමුකරපු රොජර් අනෙක් බොහෝ වෙලාවට කාලය ගතකරලා තියෙන්නේ පොත් කියවමින් හෝ රූපවාහිනී මාලා නාටක නරඹමිනුයි.
ආචාර්ය රොජර් කියන්නේ මේ විදිහේ අදහස් තියෙන දහස් ගණනක් අය අතුරින් තවත් කෙනෙක් විතරයි. ලෝකෙ පුරා, විශේෂයෙන්ම යුරෝපය පුරා මේ වෙද්දි වායු දූෂණය හේතුවෙන් ගුවන් ගමනාගමනයෙන් ඈත්වෙන්න මිනිස්සු දහස් ගණනක් පෙළඹිලා.
මට දේශන ශාලාවේදී වායු දූෂණය ගැන ශිෂ්‍යයින්ට කියන දේවල් ප්‍රායෝගිකව කරලා බලන්න වුවමනාව තිබුණා. මම හිතන විදිහට අපි හැමෝම ගුවන් ගමනක යෙදෙන්න කලින් දෙවරක් ඒ ගැන හිතලා බලන්න ඕනෙ. අවම වායු දූෂණයක් සහිතව තමන්ට අවශ්‍ය කරන තැනට යන්න හැකි වෙනත් මාර්ගයක් තියෙනවා නම් ඒ කැපකිරීමට අපි හුරුවිය යුතුයි රොජර් එහෙම කියනවා.
ඒත් දූපත්වාසී ජනතාවට නම් ඒ විදිහට ගුවන් ගමන් නතර කිරීම ප්‍රායෝගික දෙයක් නොවන බවත් ඔහු පවසනවා. මම කියන්නේ නෑ නවසීලන්තෙ ඉන්න මනුස්සයෙක්ට ගුවන්ගමන් නතර කරලා දවස් ගාණක් බෝට්ටුවක නැගලා මහ මුහුද හරහා වෙනත් රටකට යන්න කියලා. හැබැයි පුළුවන් හැම තැනකදීම අපි ගුවන් ගමන් නතර කරන්න උත්සාහ ගතයුතුයි ඔහු වැඩිදුරටත් පවසනවා.
► Text - Suranga / Pic - Internet