සමරේ සහ සමරේ කියන්නේ ලංකාවේ ටැලන්ට් ෂෝ එකකින් මතුවුණ චරිත දෙකක්. මේ වෙද්දී ඔවුන් Youtube Channel එකක් කරනවා. අද අපේ කතාව ඒ ගැන. හඬ අනුකරණය තමයි මෙතැන තියන ටැලන්ට් එක. ඒ නිසාම සමාජ මාධ්‍ය ඇසුරේ ඔවුන්ට යම් ප්‍රතිරූපයක් ගොඩනැගිලා. මෑතකදී සමරේ කරපු රූ රැජිණ සහ බිත්තිවල සිතුවම් ගැන දේශපාලන අදහස් කියන වීඩියෝ එක මූලික කරගෙන තමා මේ කතාබහ අපි ගොඩනගන්නේ.
කොහොම වුණත් Channel එකට දැනට තියෙන්නේ Subscribe දහදහකට ආසන්න ප්‍රමාණයක්. ඒත් සමරේගේ ටැලන්ට් එක අවතක්සේරුවකට කරන්න අපිට බෑ. ලංකාවේ ප්‍රබල පෙළේ දේශපාලන චරිත වගේම තවත් ප්‍රභූ චරිත කිහිපයක්ම අනුකරණය කරන්න ඔහුට පුළුවන්. ඒ වගේම එම අනුකරණන් තුළින් හුදු හාස්‍යයට එහා ගියපු ප්‍රබල සමාජ පණිවිඩ ලබාදීමේ හැකියාවක් ඔවුන් තුළ තියෙනවා. අපි කතාකරන මේ වීඩියෝ එක ඇසුරෙන් ඒක මනාව ඔප්පු වෙනවා.
ඉතා කාලීනම මාතෘකා දෙකක් තමා මේ වීඩියෝවේ පදනම. ඒක ප්‍රබල සමාජ ප්‍රහසනයක්. ඒ චරිතවලට ආරෑඪ වෙමින් ඔවුන් තුළින් ඉදිරිපත් කරන කියවීම ඇතුළේ ආකාර කිහිපයකට හිතන්න අපිව පොලඹවනවා. කොහොම වුණත් මේ මෙච්චර දක්ෂතාවක් තිබිලාත් Youtube Hit වල උඩට එන්න මේ දෙන්නට බැරිවෙලා තියනවා. අපි දන්නවා Youtube හරහා නෙවෙයි මේ අය ගොඩනැන්නේ. වෙනම පාරකින් තමයි මෙතැන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ අඩුපාඩු ටික ගැනත් කතා කරනවා.
අපි දකිනවා කතා සංකල්ප කිහිපයක් Youtube ඇතුළේ ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නාට්‍යමය අවස්ථාවේ හැරුණම අනික් තැන්වල තමන්ගේ කතාව හරියට රූප භාෂාවට පෙරළන්න ඔවුන් අසමත්. ඒ වගේම ජංගම දුරකථන භාවිතයෙන් වීඩියෝ කිරීම අපි දකිනවා. අපි කතාකරන මේ වීඩියෝ එක එහෙමයි. ජංගම දුරකථන Youtube වීඩියෝකරණට භාවිත කිරීම වැරදි දෙයක් නෙවෙයි. ගැටලුව තියෙන්නේ ඒ Video එක අමුවෙන් නොකර නිර්මාණාත්මකව කිරීම.
කොහොම වුණත් කියන්න ඕනෑ මේ සමරේලා කියන්නේ දක්ෂයෝ. මෙතන දෙන්නෙක් එකතුවෙන නිසා ලොකු ගමනක් යන්න ඔවුන්ට පුළුවන්. අත අරින්නේ නැතුව වැඩේ ඇතුළේ ඉන්න එක තමා වැදගත්. අවශ්‍ය වෙන්නේ වීඩියෝ කරන ගැන මීට වඩා පොඩ්ඩක් හිතන එක. හොඳ සංකල්ප නිර්මාත්මකව ඉදිරිපත් කරන එක. එහෙම වුණොත් සමරේලා Trending ලිස්ට් එකේ උඩින්ම රැඳෙන එක කාටවත් නවත්තන්න බෑ.
► Text - Nisal / Pic – Internet