විවාහක යුවළක් කාලෙකට පස්සේ පහුගිය දවසක ගියාලු හින්දි චිත්‍රපටයක් බලන්න කොළඹ සිනමා හලකට...
ප්‍රේමය පිරී ඉතිරෙන ලස්සන ආදර කතාවක්ලු. දෙන්නම චිත්‍රපටය හොඳටම රසවිඳලා කාර් එකේ ගෙදර එන ගමන් බිරිඳ අහනවලු. “මම මේ කල්පනා කළේ ෆිල්ම් එකේ ප්‍රේමවන්තයා ආදරේ කරනවා වගේ ඔයාට බැරි මොකද මට ආදරේ කරන්න.
මහත්තයා ක්ෂණිකව දුන්නලු උත්තරයක්.
පිස්සු කතා කරනවද අනේ? ඔයා දන්නවද එහෙම කරනවට ඒ නළුවට කොච්චර ගෙවනවාද කියලා..
කොළඹ සිට දුර ගමනක් යන ඉන්ටර්සිටි බස් එකකට නැග්ගලු කලාවටත් දුරින් සම්බන්ධකමක් තියෙන කෙනෙක්. මෙයා ගිහින් වාඩිවෙලා තියෙන්නෙ ලස්සන තරුණ ගෑනු ළමයෙක් ළඟ තිබුණු සීට් එකේලු.
මිනිහට දැන් මේ තරුණ ගෑනු ළමයත් එක්ක කතා කරනකම් ඉවසිල්ලක්ම නැහැලු. ඒත් ඔළුවට කිසිම අදහසක් ආවෙම නැහැලු. එක පාරටම කෙල්ලගෙන් හමාආපු සුවඳ විලවුන් පාරත් එක්ක මෙයාට ආවලු අදහසක්...
“මිස් මොනවද ඔයා පාවිච්චි කරන සෙන්ට් වර්ගය.. හරිම සුවඳයි..
“ඇයි මොකටද අහන්නේ. කෙල්ල ඇහුවලු.
“නෑ... මගේ වයිෆ්ටත් මේ වගේම සෙන්ට් එකක් අරන් දෙන්න.. ඒකයි.
“එපා.. එපා.. ඔය මහත්තයගේ වයිෆ්ට ඔය සෙන්ට් එකක් අරන්දෙන්න එපා. එයාට කරදර වෙයි. ඕක ගාගෙන එයා තනියෙන් ගමන් බිමන් ගියාම එයාට පිරිමින්ගෙන් බේරුමක් නැති වෙයි.
ඇය මේ කාගෙත් සිත් ගත් ජනප්‍රිය කලා ශිල්පිනියක්. නුවණින්, රුවින් පමණක් නොව යහපත් ගතිපැවවතුම් වලින්ද අගතැන්පත් ඇගේ අත්අකුරැත් ඇය තරම්ම ලස්සනයි.
ඇගේ ලස්සන අත්අකුරු නිසා පාසල් කාලේ ටීචර්ලගෙනුත් බේරැමක් නැහැලු ඉස්කෝලේ වැඩවලදී.
ඔන්න ඒ කාලේ මෙයාගේ හිතේ තිබුණ ලොකුම හීනෙ තමයි කවදා හරි දවසක අයිඩෙන්ටිකාඩ් ඔෆිස් එකේ රස්සාවක් හොයාගන්නඑක. අයිඩෙන්ටිවල පිටිපස්සේ මෙයාගෙ අත්අකුරුවලින් ලස්සනට නම්ගම් ලියන්න තිබුණ ආසාවට.
ඒත් දෛවය කරන්නෙත් හරි අපූරු දේවල්.. එදා අයිඩෙන්ටිකාඩ් ඔෆිස් එකේ වැඩ කරන්න හීනමවපු මේ කෙල්ලට අද ලංකාවෙ කොහේ ගියත් මෙයාට අයිඩෙන්ටියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරමටම ජනප්‍රියයි.
► Text - Mithra