2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

අර්.. බුද... බුද... හරි කරදර

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

සුදු මහත්තයෝ.. ඔන්න ටිකක් අමුතු ජාතියේ කතාවක් ගලපන්න යන්නේ. මා සුදාලා දන්නවා... අපි එක එක ජාතියේ Y Trend ගැන කතා මන්දෝ කරලා තියෙනවනේ.. හොඳ ඒවා නරක ඒවා ගොන් ඒවා පට්ට ඒවා... එක එක ජාතියේ ලයින් මතක ඇතිනේ මයි හිච්චලාට... මේ එක ජාතියකටවත් අයිති නැති එකක් මේක ෆ්‍රොන්තෝ.. සීන් කෝන් එක අපේ Youth එකේ තියෙන අමුතු ජාතියේ ප්‍රශ්න ගැන.. සිරාවට මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ Y Trend වල ප්‍රතිඵල විදියට මචෝ.. Smart phone එකත් මේකට අදාළයි. ඉතින් අපි මේවා ගැන කතා කරන්න හිතුවා. ආතල් ප්‍රශ්න.. ඒත් ජෝක් එකකටනම් ගන්න එපා. සීරියස් ගනිල්ලා.. හරිය..

ෆෝන් එකේ බැටරිය.. ඔන්න පළවෙනි ජාතික ප්‍රශ්නය. ‍යන යන තැන අරගෙන යන චාජරේ.. Power බැංකුව... මල වදේ... ඔන්න දවසක් බුකියේ තිබ්බා මෙහෙම කතාවක්. පූසන්ට පණ නවයක් තියෙන නිසා බැටරිය වෙනුවට පූසෙක්වත් හයිකර ගත්තානම් ගොඩ කියලා. කොහොමද ඒක... බට්ටි Love කියලා Massage නිසා අවුල්වෙච්ච නැති තරුණ ජීවියෙක් මේ සිරි ලංකන් එකේ නැති තරම්. ගමනක් යනකොට දවසේම හොඳටම ෆෝන් එක පාවිච්චි කරනවා. ඩේටා ඔන් එකේ තියනවා. පස්සේ කෙලවෙනවා. දුක තමයි පුතී...

චූටි කතාවක් කියන්නම්.. අපි ට්‍රිප් එකක් යනවා. අඩියෙන් අඩියට සෙල්ෆි සහ දකින හැමදේකම ෆොටෝ ගන්නවා. දැන් ඇති කියලා හිතුණත් ආයේ ෆෝන් එක අදිනවා. ෂේප් එකේ පළවෙනි දවස ඇදෙනවා. නවතින තැනකදී හැමෝම දුවන්නේ ප්ලග් පොයින්ට් එකක් ළඟටනේ.. හා බොරුද?  එතකොට වැඩ ඇරිලා ගෙදර ගිය ගමන් මුලින්ම කරන්නේ ෆෝන් එක චාර්ජ් කරන එක නෙවෙයිද? ඔෆිස් එකේ චාජර් එකක් නැද්ද? ෆෝන් එක එක්ක ඇතිවෙලා තියෙන ආත්මීය බැඳීම තමා මේ ඔක්කෝටම හේතුව. ලෝකේ කොච්චර දියුණු වුණත් මේ ප්‍රශ්නයට හරි උත්තරයක් තාම නෑ. සීරියස් නොගත්තාට මේක පට්ට අර්බුදයක් සුදෝ.. හා නැද්ද?

ඊළඟට ගෙදරදී අපේ සුදාලා මුහුණදෙන දැවැන්ත අර්බුදය මොකක්ද? අම්මට තාත්තට ෆෝන් එක නයාට අඳුකොළ වගේ”නේ. හා බොරුද? මෙහෙම හිතිලා නැද්ද? අම්මලාගේ කාලේ ෆෝන් තිබුණේ නැති නිසා එයාලට මේවා තේරෙන්නේ නෑ. ඒකනී ෆෝන් එක අතේ තියාගෙන හිටියාම හැමදේම අවුල් වෙනවා කියලා එයාලා හිතන්නේ. උණ හෙම්බිරිස්සාවක් හැදුණත් ඒකට වැරදි ෆෝන් එක... නිවාඩු දවසට ගෙදර වැඩක් මඟහැරුණත් ඒකටත් වැරදි ෆෝන් එක. ෆේස්බුක් එක හේතුවක් වෙලා මොකක්හරි අපරාධයක් රටේ සිද්ධ වුණොත් ඔන්න එයාලා බය වෙනවා. එතකොට ඒකටත් වැරදි ෆෝන් එක. ඔය බඩකඩිත්තුව හැමතිස්සේම අතේ.. ඕක තමා හෙනහුරාට ඉඳලා තියෙන්නේ.. ඔය වගේ කතා අපේ පැංචෝ අහලා නැද්ද?
මේකත් ඉතින් අපේ පරම්පරාවේ උන් මුහුණදෙන මාර අර්බුදයක්. සුළුවට ගන්න එපා.. ගොඩක් උන්ට ඔය ප්‍රශ්න තියෙනවා. පරම්පරා ගැටුම ඕකට හේතුවක් කියලත් සමහරු කියනවා මචෝ‍..

Notification එනවා ඕසෙට... පට්ට වදයක් බං... අරූ Tag කරනවා. අරකි මැසෙන්ජර් එකට එක එක මඟුල් දානවා. අර අංකල් Good Morning මැසේජ් එවනවා... නැන්දා Face Book එකක් හදාගෙන එයා බලන බලන ඒවා අපිට එනවා. ඔන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් අපට තියෙනවා. හිතවත් අය නිසා මේ ප්‍රශ්නවලදී අපේ උන් සෑහෙන්න අසරණයි මගේ සුදෝ.. Social Media ඇතුළේ ඇණයක් වෙච්ච චරිත ඔන්න මා සුදාලට මතක් වෙන්න ඕන. අපි කාටත් හම්බවෙලා තියෙනවා ඒ වගේ චරිත.. මෙතනදී Notification අම්බානෙට එනකොට මාර හිසරදයක් සුදාලට හැදෙනවානී. ඩේටා ඔන් කරන්න බෑ... ටොන් ටොන් ගගා Notification එනවා. ප්‍රසිද්ධියේ නෝණ්ඩි වෙනවා මේ මඟුල් නිසා. හරි බොරුද? ඉතින් ෆොන්තෝ මෙහෙම වෙන්නේ Social Media  ආචාරධර්ම ගැන කිසි අවබෝධයක් නැති චරිත නිසා බං..

ඊළඟට ආදරෙයි ෆෝන් එක අතරෙයි තියෙන සහසම්බන්ධතාවය.. අයියෝ ඒක ජාත්‍යන්තර අර්බුදයක් මචෝ.. Call ගන්නවා. Waiting වැටෙනවා. සණ්ඩු වෙනවා. ලව් එක පටන්ගත්ත අලුත පැය ගාණක් ෆෝන් එකේ. පොඩ්ඩකට ෆෝන් එක තියන්න බෑ. පට්ට ප්‍රශ්නයක්. ෆෝන් එක හින්දා එක එක සැක උපදිනවා. ෆෝන් එක නිසා පවුල් කැඩෙනවා. තාරුණ්‍යයේ අර්බුද මචෝ මේවත්.. ඔන්න ආතල් සීන් එකක් කියන්නම්. ගොඩක් අය කෙල්ලෝ කොල්ලෝ ජීවිතේ එකපාරක් හරි අදාළ එක්කෙනාට යවන්න ඕන මැසේජ් එකක් වෙන කාටහරි යවලා තියෙනවා. හා බොරුද? අාතල්නේ... එතකොට ෆෝන් පොලේ ගහපු අය ඉන්නවා ඕසේට. ෂෝයි අනේ.. Mobile එකයි Love එකයි කියන්නෙ දැන් එකින් එකට බැඳිලා තියෙන දෙයක්.

අවසාන වශයෙන් ෆෝන් එක නැතිවීම කියන්නේ මාර ප්‍රශ්නයක් සුදෝ.. ඔන්න ඒක වෙලා නන්නත්තාර වුණාම පිස්සු කොරයි ආ.. දැන් එතකොට මේ ඔක්කොම ප්‍රශ්නවලට හේතුව Smart Phone නේ. නෑ නෑ සත්තරං එහෙම නෙවෙයි මේ කතාව ඉවර වෙන්නේ. අපේ සිතුවිලි තමා මේ හැමදෙයක් පිටුපසම තියෙන හේතුව.. අපියි වෙනස් වෙන්න ඕනෑ.. හැම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙන්නේ අපි ඇතුළේ. මේ කතාවේදී විතරක් නෙවෙයි කොයි කතාවෙත් එහෙමයි මචෝ..

 

► Text - Nisal   /  Pic – Internet