මම නිෂ්පාදනය කළ හාරත හේරා ටෙලිනාට්‍ය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙනවා. ඉතින් ඒ නිෂ්පාදන කටයුත්තත් එක්ක 2020 වසරේදී තවත් හොඳ ටෙලිනාට්‍යක් නිෂ්පාදනය කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ටෙලි නාට්‍යයකට වඩා ඒ කාලේ අපේ රටේ විකාශනය වුණ හොඳ ටෙලිනාට්‍යයක් තමයි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්බන්ධව මේ වනවිට පිටපත් කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙන්නේ. නමුත් තවම එයින් එක් පිටපතක් තෝරාගෙන නැහැ. කෙසේ වෙතත් හොඳ පිටපතකට අනුව හොඳ ටෙලිනාට්‍යයක් 2020 වසරේදී අධ්‍යක්ෂණය කරන්න අදහසක් තියෙනවා.
පසුගිය කාලෙදි අපේ රට අස්ථාවර රටාවකට අනුව තමයි ගෙන ගියේ. අපි හරියට අතරමං වුණා වගෙයි දැනුණේ. නමුත් 2020 වසර ගැටලුකාරී තත්ත්වයෙන් මිදිලා ධනාත්මක සිතුවිලිවලින් පොහොසත් රටක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ සෑම සාමාන්‍ය කෙනකුගේම ජීවිත සුබදායී වසරක් වෙන්න යැයි මම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය මිනිසුන්ගේ කුස පිරෙන්නේ නැතිව කලාකරැවන් වන අපේ කුස පිරෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ ආර්ථිකය යහපත් වුණේ නැත්නම් ඔවුන් චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක්, කලා කෘතියක් නරඹන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය යහපත් වේවායි මම ප්‍රාරථනා කරනවා.
2020 වසරේදී නිර්මාණ කිහිපයකටම අවස්ථා ලැබිලයි තියෙන්නේ. ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ නිර්මාණයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. මම රඟපෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්ෂණය කළ The newspaper චිත්‍රපටය වගේම සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ තවත් නවතම චිත්‍රපටයක් 2020 වසරේදී තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඒ චිත්‍රපට දෙකම සටන් අධ්‍යක්ෂකවරයකු ලෙසින් සිනමාවට පිවිසුණු මාව වෙනත් මාර්ගයකට යොමු කළ නිර්මාණ වෙනවා. ඒ නිසා ඒ හැමදේම මට අලුත් වෙනසක් එක්කරාවි. ඒ වගේම චනික පෙරේරා නිර්මාණය කළ රන් පිළිවැව කියන ටෙලි නාට්‍යයටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කටයුත්තත් 2020 වසරේදී දැකබලා ගන්නට පුළුවන් වේවි. මේ හැමදෙයක්ම සලකලා බලද්දි 2020 වසර මේ වසරට වඩා හොඳ වසරක් වේවි යැයි මම විශ්වාස කරනවා. ඒ වගේම 2020 වසරේදී මගේ කණ්ඩායමත් එක්ක සටන්කාමී නිර්මාණයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හැමදෙයක්ම කරන්න අපිට දැන් හොඳ නායකත්වයක් තියෙනවා. හොඳ දැක්මක් තියෙනවා. රටක් අවුල්නම් කිසිම ක්ෂේත්‍රයක් සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා 2020 වසර සිනමාව තුළ ඇති සියලු අර්බුදකාරී තත්ත්වයන් විසඳී නිර්මාණවලට සාධාරණයක් කරන රටක් බිහිවේවායි මම ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ප්‍රේක්ෂකයන්ට කැමති නිර්මාණ ලබාදුන්නොත් පමණයි මේ කලාව පවතින්නේ. ඒ නිසා තමන් අදහන දහමට ළැදි සමාජයක් බිහිවේවායි මම ප්‍රාර්ථනා කරනවා.
2020 අපේ ලොකුම ඉලක්කය වෙන්නේ අපේ අලුත් චිත්‍රපටය වන සුපර්ණායි. ඒ චිත්‍රපටය මේ වනවිටත් හොඳ සිනමා සම්මාන උළෙලවල් කිහිපයක්ම නියෝජනය කරලා තියෙනවා. ලෝකයට වනාන්තර පිළිවෙත පිළිබඳව උනන්දු වන කාලයක අපේ මේ කළ හැකි දේ පිළිබඳව සුපර්ණා හරහා අපි කතාබහ කරනවා. 2020 ජනවාරි මාසයේදී නැවුම් වසරක නැවුම් සිනමාපටයකින් රිද්ම මණ්ඩලයෙන් සුපර්ණා තිරගත වන්නට නියමිතයි. මේ සිනමාපටය ප්‍රදර්ශනය වීමත් සමඟ ගස්වැල්වල, පරිසරය අගය මෙන්ම ප්ලාස්ටික් අවම කිරීමේ උනන්දුව පිළිබඳව වෙනස් විදිහට අලුත් ව්‍යාපෘති ආරම්භ වේවියි අපි විශ්වාස කරනවා.
සුපර්ණා සිනමාපටය තුළින් වෙනස් ඇසකින් බලන්නට, අලුත් ප්‍රවේශයක් ලංකාව පුරාම ඇතිවේවි. විශේෂයෙන්ම ලංකාවේ ඇති භූගත ජලය පරිස්සම් කරගන්න, රටට ආවේණික අපේම දේ ආරක්ෂා කරගන්න වගේම රටේ ජීවත් වෙන හෙලයා එක්ක ලෝකයේ සැරිසරන්නට කියා දේවි. අපේ රටේ දේ මුළු ලෝකයට පෙන්නන හොඳ සිනමාපටයක් වන සුපර්ණා අද වනවිට රටවල් කිහිපයකම ප්‍රදර්ශනය කරන්නට ආරාධනා බොහෝමයක් ලැබිලා තියෙනවා. ඒ නිසා 2020 ආරම්භයත් එක්ක සුපර්ණා සිනමාපටය ලෝකය පුරාම සැරිසරාවි. නැවුම් වසරක්, නැවුම් සිනමාපටයක් එක්ක ගමන් කරන 2020 මුළු ලෝකයටම සුන්දර වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
2020 වසරේදී හිතුමතේ ජීවිතේ, ෂෙලීනා, ශ්‍රී සිද්ධා ඇතුළු මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්නට තිබෙනවා. ඉතින් ලොකුම බලාපොරොත්තුව වන්නේ ඒවයි. ඒ වගේම මම රඟපෑ ටෙලිනාට්‍යයක් ද විකාශනය වන්නට තියෙනවා. 2020 තවත් නිර්මාණයකට දායක වෙන්න ආරාධනා ලැබිලයි තියෙන්නේ. එවැනි හොඳ නිර්මාණවලට දායක වෙන්න ලබන වසරේදීත් බලාපොරොත්තු වෙනවා. 2019 වසරේදී මට හොඳ ආදරණීය රසික පිරිසක් මුණගැසුණා. ඔවුන් මගේ නිර්මාණ අගේ කළා. මගේ අඩුපාඩු පෙන්නලා දුන්නා. හැම නිර්මාණයකදීම මාත් එක්ක හිටියා. ඒ දක්වපු ළෙංගතුකමට, ආදරයට ගොඩක් ස්තූතියි. 2020දිත් ඒ ආදරය, ළෙංගතුකම මම බලාපොරොත්තු වෙනවා. සිනමාව තුළ සහ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කරද්දී ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් හැමදෙයක්ම විසඳී 2020 වසර කලා ක්ෂේත්‍රයේ ඉන්න අපිටත්, අපේ ආදරණීය රසික රසිකාවියන්ටත් සෞභාග්‍යමත් වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
► Text - Jayamali / Pic -Sumudu & Internet