2020 ජනවාරි 04 වන සෙනසුරාදා

තුට්ටු දෙකට තට්ටු වුණෝ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:31 100

සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ...! අවුරුද්දේ පළවෙනි Trend එක අවුරුද්ද ගැන දෙන්න හිතුවා සුදෝ. නත්තල් සමරලා අවුරුදු කාලා අපේ කස්ටිය දැන් ෆුල් හැපනින් එකේනේ ඉන්නේ. ඔන්න සීරුමාරුවට මේ පැත්තේ අයිනට වෙලා අහගෙන ඉන්න. අවුරුදු කාලේ ආතල් වයසේ අපේ Y Trend. කනේ ඇඟිලි ගහගන්න ඔට්ටු නෑ හරිය. අහගෙන හිටිං.

පහුගිය දෙසැම්බරය ලබද්දී අපේ මචාලට මෙන්න මෙහෙම කියවුණා. අඩේ ඒ අවුරුද්දත් ගියානේ දැනුනේත් නෑ මාරයි ආ... එතකොට මචීලා මෙහෙම කිව්වා. අනේ ඒකනි මෙයා. අපි New Year එකට රෙඩී වෙන්න එපැයි. ෂොපින් කරන්නත් තියෙනවා...

ඔන්න කට්ටිය මේ වගේ  කතා කරන අතරෙ ගොඩක් අය මෙහමත් හිතුවා.
මේ අවුරුද්දේ කරගන්න හිටි වැඩ සෑහෙන්න මිස්වෙලා. ශිට්... අවුරුද්දක් වයසටත් ගිහිල්ලා. අපෝ ලබන අවුරුද්දේ සෑහෙන වැඩ ටිකක් තියෙනවා කරගන්න. මොන මරාලවල් කඩාපාත් වෙයිද දන්නේ නෑ. අර සීන් එක නිසා තමා මේ අවුරුද්ද අල වුණේ...

හැබැයි සුදෝ හිතුවට ඔයාල මේ කතාව කිව්වේ නෑ. ලබන අවුරුද්දේ ගොඩයන්න හිතා ගත්තා. අඩේ ගිය අවුරුද්දේත් ඔහොම තමා හිතාගත්තේ. හරි කමක් නෑ. අවුරුද්ද ළංවෙද්දී ඔන්න සුපුරුදු Y Trend ටික පටාන් ගත්තා. Shopping Festival, සේල් ආතල්, Party බෝතල් එකී නොකී මෙකී සකලවිධ Trending බ්‍රෝ. මතකයිද අමතකයිද පහුගිය කාලේ... ආතල් දාපු තාලේ... කට්ටිය අතේ තිබ්බ පිච්චියට කෙළවගත්ත නේද රාලේ. දැන් ශැප...ද.... ?

ඇඩෝ Year End එකේ දාමූ පාටියක්. බොක්කේ කොල්ලො සෙට්වෙනවා. Office එකේ පාටියක් දානවා. ඔෆිස් සෙටාර් එක set වෙනවා. අමර පදන් කුඩු පට්ටම් බෝප සම්බන්. බෝනස් වාශ්පයො කොලොම්ට තර්ටීයි. අනේ මචෝ දුක තමා අවුරුද්දේ අන්තිමට කෙලින මේ වගේ පිස්සුත් Y Trend තමා. අලුත් අවුරුද්දේ වැරදි නිවැරදි කරගන්න හිතන ගමන් මේ වගේ ආතල් ගැනීම ගැන නම් කියන්න වචන නෑ. ඒ වුණාට මේ සීන් කෝන් එක දැන් අපේ පුතීලට පුරුද්දට ගිහින්. විශේෂයෙන්ම 31 රූ බොන සීන් එක Party දාන සීන් එක ලංකාවේ දැන් පට්ට Y Trend එකක්. තේරැමක් නම් නෑ මචෝ. ඒ වුණාට  31 රෑ ගහලා ගහලා පළවෙනිදා පන්සල් යන එක තමයි විහිළුව. මොනවා කරන්නද Trending නේ බ්‍රෝ...

සුද්දිලාගේ Shopping ආතල්. ඊළඟ කතාව ඔන්න ඕක. ඔන්න ඔය ටොෆිය හැම අවුරුද්දේම කන නංගිලා අක්කිලා ඉන්නවා හරිය. දකින දකින එක ගන්නවා. ගිය අවුරුද්දේ ඒවා අල්මාරියේ තියෙනවා. හැම සේල් එකටම යනවා පැය ගානක් තොරණ් බලනවා වගේ ඇවිදිනවා. මයෙ අප්පේ මේවා කාට කියන්නද...? ආසාවනේ අලේ අසාවනී. අම්මට තාත්තට නංගිට මල්ලිට සලකන එක වැරදි නෑ අවුරුද්දට අලුත් ඇඳුම් තෑගි දෙන එක අරගන්න එක වැරදි නෑ. හැබැයි නාස්ති කරන එක නම් අනුමත කරන්න බෑ. අපිට මොටෝ එයාලානී හම්බ කරන්නේ එයාලා එයාලාගේ ආතල් එක ගත්ත දෙන්. අවුරුදු සතුටට කුඩු පට්ටන් වෙන්නම ගහන ගමන් අපේ බොක්ක කිව්වා ඔන්න ඔහොම. අඩේ බොනවාට වඩා නම් ඔය Shopping සීන් කෝන් එක ටිකක් විතර හොඳයි. ගොඩක් නෙවෙයිනේ පැංචියේ ඇබින්දක් හොඳයි. 

ඩෝන් පටාන් සූස් සූස් මල් වෙඩි රතිඤ්ඤා 31 රෑ ආතල් මතකද මන්දා. ඔය පාන් වාටි වගේ නෙවෙයි ලොකු ලොකු අය ලොකු ලොකු හෝටල්වල දාපු පාටි. කෑමද බීමද අරවද මොනවාද සැපේ හිටියේ සැපේ. ඒ වුණාට හීනියට ඔළුව කැක්කුමක් තිබුණ පළවෙනිදා උදේ. හා බොරු ද මා පුතේ. 31 රෑ කියන්නේ අලුත් ලෝකයක්. එක එක තැන්වල ඒ ආතල් ගන්න විදිහ ගැන ලියන්න ඕනෑ වෙනම  Y Trend එකක්. පොඩි පොඩි අයට ඇහුවාම භය හිතෙන ගණන්වල පැකේජ් තිබුණේ කොළොම්පුරේ තරු හෝටල්වල. ඒ ආතල් එක වෙනස්. ඒක සමාජ තත්ත්වය රෑකගෙන ගරු ගාම්භීරව පොර මානසිකත්වයෙන් ගත්තු ආතල් එකක්. එතකොට ගමේ රතිඤ්ඤා උණ තියෙන අය ගත්ත ආතල් එක වෙනම එකක්. 31 රෑ ටීවී බලපු අය ගත්තේ තවත් ආතල් එකක්.

එතකොට අවුරුද්ද ලබද්දී නිදාගෙන හිටපු අය... අලේ ඔයාලා ගත්ත ආතල් එක මොකක්ද?
හරි කොහොම හරි දැන් අවුරුද්ද ලැබුවානේ. පළවෙනිදා කිරිබත් කෑව. ඔෆිස් එකේ පාර්ටියක් තිබුණා. අලුත් ඇඳුම් ඇන්දා. එතකොට Photos... හා.. හා... රී... මුළු බුකියම විලාසිතාගාරක් වුණානෙ මචෝ. සාරි ඇඳපු නාරි ලතාවෝ... උකුළු මුකුළු දාන ලතාවෝ. අපි දැක්කා ඕසේය. සෙල්ලිපි දිනයක් වෙලා තිබ්බේ පළවෙනිදා. මේ තමා අවුරුද්දේ සමාරම්භක Y Trend එක. මා සුදෝ. දැන් අවුරුදු කිහිපයක ඉඳලා පළවෙනිදා තත්ත්වේ ඕක තමා සත්තරං. විකාරයි ඒත් ඒවා දැන් නෝමල් මෙයා. පට්ට නෝමල්. ඉස්සරහාට අපේ පරම්පරාවේ හැසිරීම ආකල්ප ටික තමා අපි දැක්කේ.

අපේ ෆෙන්තෝන්ට බනින්නවත් දොස් කියන්නවත් නෙවෙයි මේ ටික අලුත් අවුරුද්දේ අපි මුලින්ම ලිව්වේ. මේක තමා ඇත්ත තත්ත්වේ. අවුරුද්ද වෙනුවෙන් වැදගත් දේවල් ටිකකුත් අපි කියන්න ඕනෑ. මෙහෙමයි මේ අවුරුද්දේ සාර්ථක වෙන්න ගොඩයන්න ට්‍රික්ස් එකක් දෙකක් තීනවා මේ ගැනත් හිතන්න කෝ...

පළවෙනි එක පහුගිය අවුරුද්දේ Mistake ගැන දුක්වෙන්න එපා. සුදාගේ වැරදිවලට අනික් අයට දොස් පවරන්නත් එපා. පහුගිය කාලේ කවුරු හරි අපේ පැංචෝව මෝඩයට ඇන්දුවා නම්.... එයා මෝඩයාට අන්දපු එකාගේ වරදක් නෙවෙයි.

ඔයාගෙම වරදක් කියලා හිතන්න. ආයේ අහුවෙන්නේ නැතිවෙන්න අවබෝධයෙන් වැඩකරන්න. කොටින්ම මිනිසුන්ට දොස් කියන එක නවත්තලා ඔයාලාගේ වැරදි අඩුපාඩු හදාගන්න. එහෙම වුණොත් මේ අවුරුද්දේ ගොඩයන එක අපහසු නෑ. දෙවෙනි එක... මොකක්ද ඔයා කරන්නේ... ඒ ඒ වැඩේට කැපවෙන්න. එකට ආදරය කරන්න ලෝකයේ සාර්ථකත්වයට පත්වුණ සියලුමදෙනා ඔවුන් කළ කටයුත්තට ඉතාමත් ආදරය මිනිස්සු. අපේ සාර්ථකත්වය වෙන කා ළඟවත් නෑ. ඒක තියෙන්නේ අපි ළඟ විතරයි මචෝ.. ඒ නිසා අපියි ඒක හොයාගන්න ඕනා. අපේ අඩුපාඩු තමයි අපිට වරදින්න එකම හේතුව. එහෙනම් මේ අවුරුද්දේ මුල පොඩ්ඩක් හිතන්න අපේ පැංචෝ...

බලාපොරොත්තු ලුහුබඳින්න ශක්තිය ලැබෙන සුභ නව වසරක් වේවා...!

 

► Text - Nisal   /  Pic – Internet