ජනවාරි
නදීෂාගේ අලුත්ම රංගනය
ප්‍රේමණීය චරිත හරහා පුංචි තිරයේ හා රිදී තිරයේ ප්‍රේක්ෂක හද බැඳගත් නදීෂා හේමමාලි වීරත්වය විදහාපාන අපූරු චරිතයක් මුල්වරට හිරු ටීවී නාලිකාවේ විකාශය වූ ඉරුදේව ටෙලිනාට්‍ය තුළින් රඟපෑවාය.
කීර්තිගේ ප්‍රාර්ථනය
ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාර්ථනා නමින් දැවැන්ත සංගීත ප්‍රසංගයක් කොළඹදී පැවැත්වුණේ පිළිකා රෝගීන් වෙනුවෙන් මිල අධික ඇටමිදුළු බද්ධ කිරීමේ යන්ත්‍රයක් කොතලාවල ආරක්ෂක රෝහලට ප්‍රදානය කිරීම සඳහා ආධාර පිණිසය.
ජැක්සන්ගේ දරුවන් එකම දවසේ විවාහ දිවියට
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇත්නනීගේ දරුවන් තිදෙනා වන මාධවී, අඛිල සහ සජිත එකම දිනයේ විවාහ දිවියට ප්‍රවිශ්ට වීම මේ මාසය තුළ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමකි.
පෙබරවාරි
ඔස්කාර් උළෙලට ලංකාවෙන් සිනමාපට දෙකක්
2019 දී පැවැති 91 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙලට චන්ද්‍රන් රත්නම්ගේ එකෝඩින් ටු මැතිව් සහ අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපට ද්විත්වය ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
චිත්‍රාල්ගේ ඒකපුද්ගල ප්‍රසංගය
චිත්‍රාල් සෝමපාලගේ මුල්ම ඒකපුද්ගල ප්‍රසංගය ලලිත කලා නමින් කොළඹදී පැවැත්වීය.
මාර්තු
අරකවිල පදනමට පැසසුම්
අරකවිල නර්තන හා නාට්‍ය පදනම වසරේ හොඳම සේවා සපයන පදනම ලෙස සම්මානයට පාත්‍ර විය.
සුමිත්‍රාට සම්මානයක්
කොළඹදී පැවැති ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේදී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරියක වන සුමිත්‍රා පීරිස්ට විශේෂ සම්මානයක් පිරිනැමුණි.
ඩී.බී. කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගය
ඩී.බී. කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගයේ ත්‍යාග බෙදාදීමේ උත්සවය ප්‍රවීණ ලේඛකයකු වන ජගත් ජේ. එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණ.
ජානකගේ සෞම්‍යවන්තියේ
ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ ඔහුගේ සංගීත දිවියේ 25 වැනි වසර සැමරීම වස් සෞම්‍යවන්තියේ නමින් ඒකපුද්ල ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීය.
අප්‍රේල්
ලාල්ට ඉන්දීය චිත්‍රපටයක්
ජනප්‍රිය රංගන ශිල්පී ලාල් වීරසිංහ ඉන්ද නිමිඩම් නමැති දකුණු ඉන්දීය සිනමාපටයක ප්‍රධාන චරිතයක් රඟපෑම සඳහා ඇරයුම් ලැබ රූපගත කිරීම් සඳහා ඉන්දියාවට පිටත්ව ගියේය.
පුෂ්පාංජලී 8
භාරත් ලංක කලා පදනම හා ඉන්දීය මහ කොමිෂන් කාර්යාලය එක්ව පුෂ්පාංජලී 8 නමින් බොලිවුඩ් ගී ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීය.
මැයි
බෙනට්ගේ අලුත් චිත්‍රපටයක්
කවුරුවත් දන්නේ නැහැ නමින් අලුත්ම සිනමා පටයක වැඩකටයුතු ප්‍රවීණ අධ්‍යක්ෂක බෙනට් රත්නායක කටයුතු කර තිබුණා.
බිමල් ජයකොඩි, සංගීතා වීරරත්න, ලකී ඩයස්, උදාරි වර්ණකුලසූරිය ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.
නීටාට තවත් ජාත්‍යන්තර සම්මානයක්
ප්‍රවීණ රංගන ශිල්පිණී නීටා ප්‍රනාන්දුට 2019 NICE ජාත්‍යන්තර සිනමා උළෙලේදී පාංශු චිත්‍රපටයේ රංගනය සඳහා හොඳම නිළියට හිමි සම්මානය පිරිනැමිනි.
පාංශු විසාකේස චන්ද්‍රසේකරම්ගේ අධ්‍යක්ෂණයක්.
ජුනි
කෝපි කඩේ ශිල්පීන් අගැයීමට
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ වසර 32ක කාලයක් පුරා විකාශය වූ කෝපි කඩේ නාට්‍ය මාලාවට සම්බන්ධ රංගන ශිල්පීන් ශිල්පිණියන් අගැයීමට ලක්වූහ.
නන්දා - සුනිල්ගෙන් පොසොන් බැති ගී
පොසොන් පුන් පොහෝදා වෙනුවෙන් විශාරද නන්දා මාලිනී හා සුනිල් එදිරිසිංහ ගායනා කළ නවතම පොසොන් බැති ගී දෙකක්, රූප රචනා සහිතව එළි දැක්විණ.
ජූලි
සිනෙස්ටාර් විසින්
අසරණ පවුලකට නිවසක්
ජයන්ත ධර්මදාසගේ මූලිකත්වයෙන් සිනෙස්ටාර් පදනම විසින් නලු නිළියන් රුසකගේ සහභාගීත්වයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අසරණ පවුලකට නිවසක ප්‍රදානය කෙරිණ.
මූන්ස්ටෝන්ස් සංවත්සර ප්‍රසංගය
ක්ලැරන්ස් විජේවර්ධන විසින් ආරම්භ කරන ලද මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ 47 වැනි සංවත්සරය සැමරීම සඳහා එහි මුල් සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක් කොළඹදී පැවතිණ.
සුප්පාදේවී පොතක් ලෙස දොරට වඩී
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ සිංහබාහු වේදිකා නාට්‍යයට වසර 32ක් පිරීම සනිටුහන් කරමින් එහි සුප්පාදේවී භූමිකාවට ජීවය දුන් මාලිනී රණසිංහ අගැයීමේ උත්සවයක් කොළඹදී පැවැත්විණි.
වසන්ත වර්ෂා මෙල්බර්න් නුවරදී
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි චන්ද්‍ර දිසානායක ඔහුගේ නවතම ගීතය වූ වසන්ත වර්ෂා උත්සවශ්‍රීයෙන් ජනගත කළේ ඒ හා සමගාමීව පැවැති සංගීත ප්‍රසංගයක් ද සමගිනි.
අගෝස්තු
බර්ට්‍රම්ගෙන් රූපවාහිනිය
පිළිබඳ ග්‍රන්ථයක්
ප්‍රවීණ අධ්‍යක්ෂක හා ගත්කරැ බර්ට්‍රම් නිහාල්, වසර ගණනාවක් පුරා සිදු කළ අධ්‍යයනයක් පාදක කොටගෙන ශ්‍රී ලාංකේය රූපවාහිනිය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක් ජනගත කළේය.
ජයන්තගෙන් මිදුනු විශ්වය
සම්මානනීය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි ඔහුගේ නවතම චිත්‍රපටය වන මිදුනු විශ්වය නිර්මාණයේ මුහුරත් උළෙල කොළඹදී පැවැත්විණ. එය නිශ්පාදනය කරනු ලබන්නේ රුවන් ජයසිංහ විසින්ය.
සමන් අතාවුදගෙන් පොත් දෙකක්
ප්‍රවීණ ගත්කරු හා ගීත රචන සමන් අතාවුදහෙට්ටි සොඳුරු සැරිසර - රම්‍ය සාගරය දිගේ සහ සොඳරු සැරිසර - රතු බලකොටුව දිගේ නමින් පොත් යුගලයක් කොළඹදී දොරට වැඩියේය.
සිග්නිස් සම්මාන උළෙල
2019 සිග්නිස් සම්මාන උළෙල උත්සවාකාරයෙන් කොළඹ BMICH ශාලාවේදී පැවැත්විණ.
සිග්නිස් යාවජීව සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිණී ශ්‍රියානි අමරසේනට හිමිවිය.
සැප්තැම්බර්
කේ.ඩී. දයානන්ද අගැයුම් උළෙල
ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී කේ. ඩී. දයානන්දගේ 75 වැනි උපන්දිනය හා සිනමා දිවියේ 54 වැනි සංවත්සරය අළලා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී අගැයුම් උළෙලක් පවත්වන ලදී.
තාල භාෂණ 50 පනී
ජාතික රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය සන්නිවේදිකා තනූජා ජයවර්ධන මෙහෙයවන තාල භාෂණ සිය 50 වැනි වැඩසටහන විකාශය කළේය.
සනත්ගේ රසානන්දය
ප්‍රවීණ ගායක හා සංගීතවේදී සනත් නන්දසිරිගේ ජනප්‍රිය ගීත 100ක් පද රචනා හා ප්‍රස්ථාර ඇතුළත් රසානන්දය නමින් පොතක් කොළඹදී ජනගත කෙරිණි.
එය සම්පාදනය කළේ අනුර වන්නිආරච්චිය.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල
යාපනය අන්තර්ජාතික සම්මාන උළෙලේ පස්වැනි ඛාණ්ඩය යාපනයේදී සතියක් පුරා පැවැති අතර එහි දෙස් විදෙස් චිත්‍රපට රැසක් තිරගත කෙරිණ.
ඔක්තෝබර්
කෑෂ් ටැක්සි රියැලිටිය ගමන් අරඹයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම කෑෂ් ටැක්සි (Cash Taxi) රියැලිටි වැඩසටහන ජනප්‍රිය නිවේදිකා තනූජා ජයවර්ධනගේ මෙහෙයවීමෙන් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ගමන් ඇරුඹීය.
ප්‍රියන්ත මන්දාරා රැගෙන එයි
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ඔහුගේ නවතම චිත්‍රපටය වන %මන්දාරා^හි වැඩකටයුතු ආරම්භ කළේය.
නොවැම්බර්
සුනිල් ශාන්ත අනුස්මරණ දේශනය
දේශීය සංගීතයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සුනිල් සාන්තයන්ගේ ජන්මෝත්සවය නිමිත්තෙන් වාර්ෂික සුනිල් සාන්ත අනුස්මරණ දේශනය අජිත් කුමාරසිරි විසින් කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලදි.
කාන්චනමාලා ගී ප්‍රසංගය
ජනප්‍රිය රංගන ශිල්පී හා ගායිකා කාන්චනමාලා මහවිතාන කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී කාන්චනමාලා ගී ප්‍රසංගය පැවැත්වූවාය.
ශ්‍රී ලංකා යුධ හමුදා තූර්ය වාදක කණ්ඩායම සංගීතය මෙහෙයවීය.
ජානකීට විශ්වාභිමානී සම්මානය
අරකාවිල නර්තන හා නාට්‍ය පදනම ආරම්භ කළ ජානකී හිල් කලා ශිල්පිණිය විශ්වාභිමානී සම්මානයෙන් පිදුම් ලැබුවාය.
දෙසැම්බර්
සුනිල්ගේ උපන්දිනය දා
පොත් දොරට වැඩුමක්
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහගේ 70 වැනි උපන්දිනයට සමගාමීව ඔහු පිළිබඳව ලියැවුණු කෘති දෙකක් කොළඹදී ජනගත කෙරුණි.
රජිනිගේ උපන් දිනයට බාෂා
ජනප්‍රිය දකුණු ඉන්දීය නලු රජිනිකාන්ත්ගේ උපන්දිනය සැමරීම සඳහා MPI චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලයේ මූලිකත්වයෙන් බාෂා චිත්‍රපටයේ පිටපත් 25ක් ශ්‍රී ලංකාවේදී තිරගත විය.
► Text -Ramesh Uvais / Pic - Intarnet