Youtube Hit වලින් අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. Youtube කියන්නේ සරල දෙයක් නෙවෙයි. දැන් මේක විශාල කර්මාන්තයක්. විදෙස් විනිමය ලංකාවට අරගෙන එන ලොකු වැඩක්. ඔය කතාව අපි හැමදාම කියනවා. ඒ නිසාම අපි පහුගිය කාලේ මේ Youtube එක ඇතුළේ තියෙන ප්‍රමිති, ඕන ප්‍රමිති ගැන කතා කළා. ඔන්න ලංකාවේ Youtube වෙනුවෙන්ම විධිමත්ව උපදේශන වැඩසටනක් පහුගිය දවස්වල තිබ්බේ. මේක Youtubers ලාට වගේම Youtube එකට අදාරය කරන කවුරැත් දැන ගන්න ඕනෑ කතාවල්. අපිටත් මඟ හැරලා යන්නම බෑ. ඉතින් අද කතාව පහුගිය දවසක සිද්ධවුණ වැඩ සටහන ගැන.
ජයවර්ධනපුර සරසවියේ පිරිසකගේ මැදිහත් වීමත් එක්ක AIESEC කියන ලෝක තරුණ සංවිධානයේ be a marketer කියන ව්‍යාපෘතියක කොටසක් විදිහට තමයි මේ වැඩේ සංවිධාන වුණේ. වැඩේ නම් කරලා තිබුණේ yucon face on කියලා. වැඩේ අරමුණ වුණේ Youtube Channel පටන් ගන්න හදන අය වගේම අලුතින් Youtube Channel පටන්ගෙන තිබෙන පිරිසට නිවැරදි මඟ පෙන්වීමක් කිරීම. දැන් මේ සම්බන්ධව ලංකාවේ ඉන්න ප්‍රවීණයෝ පස්දෙනෙක් විතර මේ වැඩේට එකතු වුණා. මලින් ද අලහකෝන්, දිනුක විජේසිංහ, චමරි සහ කසුන්, නවුරාන්, ජනීත රොඩ්‍රිගු වගේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ ඒ අතර හිටියා.
මෙතැනදී කතා වෙච්ච දේවල් ගැනත් සරල කියන එක වැදගත්. මූලිකවම Youtube ඇතුළු Social Media වලට ප්‍රවේශ වෙන විදිහ ඒ හරහා ගොඩනැගෙන විදිහ කතා වුණා. ඒ වගේම සංකල්ප නිර්මාණය වගේ දේවල් විනෝදාංශයක් ආදායමක් කරගන්න හැටි, Youtube නීති රීති වගේ දෙවලුත් මෙතැන සාකච්ඡා වුණා. උපදේශකකට වඩා සමීප අත්දැකීම් බෙදා ගැනීමක් තමා සිද්ධ වුණේ. කොහොම වුණත් ලංකාවේ Youtub වලට ආදරය කරන පිරිස බලාපොරොත්තුවෙන් හිටපු වැඩක් තමා මේ.
ප්‍රධාන වශයෙන්ම මේ වැඩසටහනේදී අපට අවබෝධ වුණ දේ ගැනත් කියන්න ඕනෑ.
මෙතැනදී අපි විශේෂයෙන් මතක් කරන්නේ අද ලෝකයේ සියලුම ආයතන. පුද්ගලයන් සයිබර් ලෝකයේ තමන්ගේ අවකාශ වෙන්කර ගන්න ලෑස්ති වෙනවා කියන එක. ජනතා ආකර්ෂණය තිබෙන රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවක් විතරක් නෙවෙයි පුවත්පත් වුණත් දැන් Youtube ඇතුළේ ප්‍රවර්ධන වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන පිරිස් Youtube, Social Media අතුලේ තමන්ගේ අාධිපත්‍ය පතුරුවා හරිනවා. ඉතින් ලෝකේ අනාගතයේ දී වෙළද වගේ ප්‍රචාරය අධිපත්‍යය වෙනස්ම පැත්තකට දෝලන වෙනවා. මේ සියල්ල අතරේ Youtubers ලාටත් ලොකු වැඩක් කරන්න පුළුවන්. අන්න ඒකට අවශ්‍ය අවබෝධය තමයි මෙතැන දී සම්පාදනය වුණේ.
Youtube කියන්නේ ලොකු අනාගතයක් තියෙන තැනක්. ඉතින් මේ වගේ වැඩ ඔස්සේ ඒ අනාගත ප්‍රමිති ගත කරගන්න අපිට පුළුවන් වෙයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වැඩේ හොඳයි මෙතැනින් නවත්තන්න එපා කියලා. ඒ වගේ Youtube Hit අපිට මේ ගැන කියපු දිනුක විජේතුංග මිත්‍රයාටත් අපි ස්තූතිවන්න වෙනවා.
► Text - Nisal / Pic – Internet