2020 ජනවාරි 04 වන සෙනසුරාදා

මම තරගයට යනවට එයා අකැමැති වුණා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

සමන්තිකා.. ඔබ මේ දිනාගත් කිරුළ මොකක්ද? මේ තරගාවලියට රටවල් කීයක් සහභාගි වුණාද? ඒ පිළිබඳව විස්තර ටිකක් කිව්වොත්..?
මේ කිරුළ තමයි Mrs. Asia International world piece. මෙම තරගාවලියට තරගකරුවන් විසි දෙකක් සහභාගි වී සිටියා. තරගයේ ස්වභාවය කිව්වොත් ආසියාවේ විවිධ රටවල් මේකට සහභාගි වෙනවා. ඒ හැම රටකම queen කෙනෙක් තමයි මේකට ඇවිල්ලා හිටියෙ. මාවයි ලංකාවෙන් මේ තරගාවලිය සඳහා නම් කරලා තිබුණෙ.

ඔබ මේ තරගාවලිය සඳහා සුදුසුයි කියලා මුලින්ම පැවසුවේ කවුද?
මෙහෙමයි.. මම මුලින්ම Mrs. Sri Lanka තරගයට සහභාගිවෙලා අවසාන හයදෙනා අතරට තේරිලා හිටියා. එතනින් එහාට මට තරග කරන්න බැරි වුණා. SM Entertainment ආයතනයේ සමන්ත ගුණසේකර තමා කිව්වෙ ඔයාව මම Mrs. Asia තරගාවලියට නම් කරනවා කියලා. ඊටපස්සෙ Mrs. Asia world piece තරගාවලිය සංවිධානය කරන රටේ ජාතික සම්බන්ධීකාරකවරයාට ලංකාවෙන් නම් කරන තරගකරැවාගේ ඡායාරූප ලබා දෙන්න ඕනෙ. ඒ විදිහට වැඩ කටයුතු කරගෙන තමයි මට තරගයට සහභාගි වෙන්න පුළුවන් වුණේ.

ආසියාතික රටවල් බොහෝ වෙලාවට සංස්කෘතිය පිළිබඳව හිතනවා. මෙවැනි තරගවලදී විවිධ වූ විලාසිතා සඳහා තරගකරැවන් තරග කළ යුතුයි. මේ දේවල් එක්ක ඔබේ සැමියා ඔබව විශ්වාස කරමින් මේ සඳහා දැක්වූ සහයෝගය විස්තර කළොත්..?
ඇත්තටම අපිට ඒකෙදි ඇඳුම් පිළිබඳව කිසිම ගැටලුවක් තිබුණේ නෑ. මොකද සියලුම රටවල් ආසියානු රටවල් නිසා. සෑම තරගකරුවෙක්ම ආසියානු රටවලට ගැලපෙන ඇඳුම්වලින් තමා සැරසිලා හිටියෙ.

මගේ සැමියා තුෂාන් විශ්වජිත්. මම මේ තරගයට සහභාගි වෙනවට එයා අකමැති වුණා. Mrs. Sri Lanka තරගයට අයැදුම්පත් යොමු කරද්දිත් එයා කැමති වුණේ නැහැ. ඒත් මේක මගේ වෘත්තිය. මම 2004 ඉඳන් තමා නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන්නෙ. මට මේක අලුත් දෙයක් නෙවෙයි. ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයොත් මට අලුත් අය නෙවෙයි. ඒ නිසා මම මගේ සැමියාට කිව්වා මට මේ තරගයට ඉදිරිපත් වෙන්න ඕනෙ කියලා. මම මේකට කැමතියි කියලා. මගේ කැමැත්ත නිසා පස්සෙ එයා කැමැත්ත දුන්නා. කැමැත්ත විතරක් නෙවෙයි මම නොහිතපු විදිහේ ලොකු සහයෝගයක් දුන්නා. මොකද මම මේ තරගාවලියට සහභාගි වුණේ මගේ බබාව සැමියා ගාව තියලා. බබාගේ වැඩ කටයුතු සේරම තුෂානුයි මගේ අක්කයි එකතුවෙලයි කළේ.බේ වෘත්තිය ජීවිතය ගැන කතා කළොත්..?

මම මුලින්ම කෙටුම්පත්කරු නැත්නම් Draftsman කෙනෙක් විදිහට වැඩ කළා. මම සිවිල් ඉංජිනියරින් කළා. ඒ කටයුතු කරගෙන යද්දී තමා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු එක්ක රැකියාව කරගෙන යාමට අපහසු නිසා මම රැකියාව නතර කළා. ඒත් මම පෞද්ගලිකව ගෙදර ඉඳන් Draftsman කෙනෙක් විදියට වැඩ කරනවා. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යද්දී මට ආසාවක් ආවා Hair and Dressing ඉගෙන ගන්න. ඒ නිසා මම 2012 දී රමණි ප්‍රනාන්දු මහත්මිය යටතේ Hair and Dressing ඉගෙන ගත්තා. මම City and Guild ආයතනයෙන් ඒ ක්ෂේත්‍රය පිළිබඳ සුදුසුකම් ලබාගත්තා. ඊටපස්සෙ මගේම සැලෝන් එකක් පටන් ගත්තා. සිවිල් ඉංජිනියරින් ඉගෙන ගත්ත නිසා ඒ ඔස්සේ ආයතනයක රැකියාවකුත් කළා. Mrs. Sri Lanka තරගයට මම රැකියාව කරපු ආයතනයෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. මේ හැමදෙයක්ම කළමනාකරණය කරගෙන තමා මම Mrs. Asia International world piece තරගයට සහභාගි වුණේ. මේ ආකාරයට තමා මගේ වෘත්තිය ජීවිතය ගෙවුණේ.

සමන්තිකා.. මේ තරගයට සහභාගි වෙනකොට ඔබේ මව, ඔබේ සැමියාගේ මව වගේම පවුලේ සාමාජිකයෝ දක්වපු ප්‍රතිචාරය මොකක්ද..?
මම නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙනවට මගේ ගෙදරින් කැමති වුණේ නැහැ. ඒත් මම වැරදි දෙයක් කරන්නෙ නැහැ කියලා එයාලට තේරුණු නිසා අන්තිමට කැමැත්ත දුන්නා. Mrs. Sri Lanka තරගයට අයැදුම් කරද්දී මම ක්ෂේත්‍රයේ හිටියෙ නැහැ. මොකද මම බබා ලැබිලා අවුරුදු දෙකක් විතර වෙනකල් ක්ෂේත්‍රයට ආවෙ නැහැ. ඒ නිසාම මගේ පවුලේ අය හිතුවෙ නෑ මම නැවත නි්රූ‍පණ ක්ෂේත්‍රයට පිවිසෙයි කියලා. ඒ නිසා ඒ ගැන වැඩි කැමැත්තක් පළ කළෙත් නෑ.
මගේ නැන්දම්මා ගැන කියනවනම් එයා මාව අඳුරගන්නෙත් මොඩ්ල් කෙනෙක් විදිහට මාව පත්තරවලින් දැකලා. මම ක්ෂේත්‍රයේ ඉන්නකොට තමයි තුෂාන් එක්ක විවාහ වුණේ. ඒ නිසා නැන්දම්මා හරි කැමතියි මම ඉන්න ක්ෂේත්‍රයට. ඒ නිසා මට කිසිම ගැටලුවක් වුණේ නැහැ.

කිරුළ දිනාගැනීමෙන් පසුව ඔබ සමාජසේවා කටයුතුවල යෙදෙන්න කැමැත්තෙන් ඉන්නවද..?
මම ඉස්සර ඉඳන්ම මට පුළුවන් විදියට සමාජ සේවය කළා. බෞද්ධ පවුලක ඉපදුණු කෙනෙක් විදියට මම දානමය පින්කම්, ළමා නිවාසවලට ආධාර උපකාර කළා. මහරගම අපේක්ෂා රෝහලට ආධාර උපකාර කළා. මම ඒවා සිදු කළේ ඇත්තටම ප්‍රසිද්ධියක් ලබාගන්න නෙවෙයි. මම කොහොමත් ආසයි ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම මම රටට සමාජයට ලොකු සේවයක් කරන්න මගේම සංවිධානයක් පටන්ගන්න තීරණය කළා. ඊට අමතරව මේ ලබපු කිරුළේ වටිනාකමත් එක්ක මාව ඒ වගේ සමාජ සත්කාරවලට සහභාගි කර ගන්න කැමති නම් ඒ කටයුතුවලට උපරිම සහායත් ලබා දෙනවා.

ඔබේ ජීවිතයට ලැබුණු වටිනාකමත් එක්ක ඔබේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු මොනවද..?
මූලිකම දේ තමයි මගේ සැලෝන් එක පවත්වාගෙන යාමේ කටයුතු ඉදිරියටත් සිදු කරගෙන යාම. මොකද මම මාස දෙකක් විතර ලංකාවේ හිටියෙ නැහැ. ඊට අමතරව සමන්ත ගුණසේකර සහ ජොනී ගුණසේකර පවත්වාගෙන යන Beauty society එකට එකතුවෙලා වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් එක්කම මගේ බබාගේ වැඩ කටයුතු කරගෙන වෘත්තිය කටයුතුත් කරගෙන ඉදිරියට යාම තමයි බලාපොරොත්තු වෙන්නෙ.

මෙතනදී මම විශේෂයෙන් ස්තූති කළ යුතු පිරිසක් ඉන්නවා. මට Mrs. Asia තරගාවලියට සහභාගි වෙන්න විශාල පිරිසක් සහාය දුන්නා. සමන්ත ගුණසේකර තමයි SM Entertainment ආයතනයේ ජාතික සම්බන්ධීකාරක. ඒ වගේම ජොනී ගුණසේකර, වාසනා දන්තනාරායන, රසික මෙල්රෝයි, ප්‍රේමසිරි සර් ඇතුළු මට උදව් කරපු සෑම රූපලාවන්‍ය ශිල්පියෙක් හා ශිල්පිනියකටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තරගාවලියේ මගේ ඇඳුම් නිර්මාණය කළේ හිරාන් විජේසේකර. මට talent round එක ඉගැන්වුවේ මහේෂ් ඉන්දික. ඒ වගේම මට වචනයකින් හරි සහයෝගයක් ලබාදීපු සැම දෙනාටම ගොඩක් ස්තූතියි.

 

► Text - Nirmani Gunarathne  /  Pic – Internet