ලැබුවා වූ 2020 වසර රටේ සියලුම ජනතාවට කිසිදු කරදරයක් නැතිව සතුටින් ජීවත්වෙන්න පුළුවන් වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. පසුගිය 2019 වසර මිනිසුන්ට විශාල කරදරවලට මුහුණදෙන්න සිදුවුණු වසරක් වුණා. විශේෂයෙන් මම ජීවත්වෙන කටුවපිටිය මිනිසුන්ට 2019 වසර සුබ වසරක් වුණේ නැහැ. පාස්කු ඉරිදාවේ සිදුවුණු මහ විනාශය නිසා අදටත් කටුවපිටිය මිනිසුන් ඉන්නෙ හැඬූ කඳුළින්. මම ප්‍රශ්න දැකලා තියෙනවා. කරදර දැකලා තියෙනවා. බෝම්බ දැකලා තියෙනවා. බෝම්බවලට මුහුණදීලා තියෙනවා. හැබැයි පාස්කු ඉරිදාවේ සිදුවුණු සිදුවීම වගේ සිදුවීම්නම් ආයේ කිසිම දවසක මගේ ජීවිතේදී දකින්න නොලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
2020 වසර අපි හැමෝටම සුබ වේවියැයි මම දැඩි ලෙස විශ්වාස කරනවා. අද රට යන විදිහ දිහා බලද්දී 2020 අපේ රටට සුබදායී වසරක් වේවි. ඉතින් 2020 වසර රටේ හැමෝටම කිසිදු දුකක් කරදරයක් නැති සාමය පිරි වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
ගෙවුණු 2019 වසර අපි ගොඩක් දුක්කම්කටොළු, හිත් රිදීම්වලට මුහුණ දුන්නු වසරක් වුණා. විශේෂයෙන් අප්‍රේල් 21 වැනිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයත් නිසා රටේ මිනිසුන්ගේ හිත් ගොඩක් කලකිරුණා. ගොඩක් දුක් වුණා. ඉතින් 2020 වසර අපිට සුභ බලාපොරොත්තු තියාගන්න පුළුවන් වසරක් වේවි. ඉතින් 2020 වසර සාමය, සතුට උදාවී ලෝකවාසී ජනතාවට සතුටින් ජීවත්වෙන්න පුළුවන් වසරක්ම වේවායි මම ප්‍රාර්ථනා කනවා.
පසුගිය කාලය පුරාවටම අපි දේශපාලනීය, ආර්ථික සහ සමාජීය බොහෝ ගැටලුසහගත කාලයකට මුහුණ දීපු මිනිසුන් වුණා. අපි විවිධ හේතුන් නිසා කලකිරුණා. හැලහැප්පීම් බොහෝමයකට මුහුණ දීපු අපිට 2020 අලුත් බලාපොරොත්තු එක්ක ඉදිරියට යන්න පුළුවන් කාලයක් උදාවෙලා තියෙනවා. ඒ නිසා 2020 වසර ජාතීන්, ආගම් භේදයකින් තොරව අපි හැමෝටම එකට හිඳ සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන්, හිතේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
2020 වසර සාමය සතුට පිරි, අපිටම කියලා අපේම රටක් නිර්මාණය වන වසරක් වේවායි බලාපොරොත්තු වෙනවා. කලාකරුවන්ගේ ජීවිතවලට සරණක් වෙන, පිහිටක් වෙන, අසරණ වුණු වෙලාවට ඒ කලාකරැවන් අමතක නොවන, හැම කලාකරුවෙක් වෙතම ඇස යොමුවෙන වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
කලාකරැවන් අසරණ වෙද්දී මේ රටේ ඉහළ නිලතල දරන සමහරැන්ට ඒ කලාකරුවන් ගැන මතකයක් හෝ නැති කාලයක් පසුගිය සමයේ තිබුණා. ඕනෑම කලා නිර්මාණයක් සාර්ථක වෙන්න හැම කලාකරැවෙක්ගේම කලාකාරියකගේම නිදහස් මනස හරියට වටිනවා. ඒක කලාවේ ඕනෑම ක්ෂේත්‍රයක නියැලෙන කලාකරුවකුට පොදුයි. ඇතැම්විට කලාකරුවන් හෑල්ලුවට ලක්වුණු අවස්ථාව තිබුණා. කලාව තුළින් මේ රටේ මිනිස්සු කී දෙනෙක්ගෙ හිතට සැනසීමක් සතුටක් ලැබෙනවද? ඒ නිසා 2020 වසර කලාව වෙනුවෙන් කෙණහිළිකම් නොකරන කලාව වෙනුවෙන් හිත යොමුවන වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හැමෝටම සතුට සැනසීම ලැබෙන සුබම සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
2020 වසර අපේ රටට සුබම සුබ වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. රටේ පවතින දේශපාලනික, සමාජීය, ආර්ථික ප්‍රශ්න දුරැවී සාමකාමී වගේම දේශගුණික හානි සිදුනොවන හොඳ දේශගුණික තත්ත්වයක් පවතින වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හොඳ කලා නිර්මාණ බිහිවී කලාකරැවන්ට හිතේ නිදහසේ කලා කටයුතුවලට දායක වෙන්න පුළුවන් වගේම ආදරණීය මිනිසුන්ට හිතේ සතුටින් සැනසීමෙන් කාටවත් බරක් නොවී ජීවත්වෙන්න පුළුවන් වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
ලැබුවා වූ වසර සාමය, සතුට පිරි සුබම සුබ වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ගෙවුණු අවුරුද්දේ අප්‍රේල් විසි එක් වැනිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයත් සමඟ බොහෝ පුංචි දරුවන්ට මව්පියන් අහිමි වුණා. මව්පියන්ට දරැවන් අහිමි වුණා. තම නෑදෑ හිතවතුන් එක මොහොතකින් අහිමි වුණා. ඇත්තටම අදටත් මේ රටේ මිනිසුන් ඒ ඛේදවාචකයත් එක්ක ජීවත් වෙන්නෙ තිගැස්මකින්. ඒ හිත්වලට මේ වසරේදී සැනසීම ලැබේවා. ඒ වගේම අපි හැමෝටම සාමය, හිතේ සතුට, සැනසීම, නිරෝගීකම ලැබෙන වසරක් වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
2020 වසර අපේ රටේ ජීවත්වන සැමටම සාමය, සතුට පිරි වාසනාවන්ත යහපත් අවුරැරුද්දක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. 2019 වසරට වඩා 2020 වසර අපි හැමෝටම බලාපොරොත්තු තබාගත හැකි වසරක් වේවියැයි මම විශ්වාස කරනවා. මිනිසුන් හැමෝටම සැනසීමෙන් හුස්මගන්න පුළුවන්, මිනිසුන්ට වෛර නොකරන, ඉරිසියා නොකරන, කෙණහිළිකම් නොකරන, මනුස්සකම් රජයන වාසනාවන්ත වසරක් වේවියැයි මම ප්‍රාර්ථනා කරනවා.
2020 වසරේදී මට තවත් හොඳ ෆිල්ම් එකක් කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් 2020 දී මගේ ලොකුම බලාපොරොත්තුව වෙන්නෙ ඒ අලුත් ෆිල්ම් එක තමයි. 2019 වසරට වඩා 2020 වසර අපි හැමෝගේම බලාපොරොත්තු ඉටුවන, සුන්දර වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
2020 වසර මුලින්ම මගේ ආදරණීය රසිකයන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේතාක් දුරට මාව රුගෙන ආ ඒ හැමෝටම මම හරි ආදරෙයි. 2020 වසරේදීත් ඒ ධෛර්යය ඒ විදිහටම ඔවුන්ගෙන් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. 2020 අවුරුද්දෙදී මගේ දූ මුලින්ම පාසල් යනවා. ඉතින් තාත්තා කෙනෙක් විදිහටත් 2020 අවුරැද්ද මට ගොඩක් සුවිශේෂීයි. හැමදාමත් වගේ 2020 වසරේදීත් තෝරාබේරාගත් නිර්මාණවලට දායක වෙමින් කලාව තුළින් මිනිසුන්ට සමීප වෙන්න මම බලාපොරොත්තු වෙනවා. 2020 වසර සුබම සුබ වාසනාවන්ත, හිතේ සතුට ලැබෙන, සැනසිලිදායක වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
දේශපාලනය දේශපාලනයට විතරක් වෙන්වුණු, එය කලාවට, ඉගෙනීමට, සංස්කෘතියට, ආගමට හෝ වෙනත් කිසිදු තැනකට නොගෑවෙන, හිතේ සැනසීමෙන් ජීවත්වෙන්න පුළුවන් සුබම සුබ වාසනාවන්ත වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
► Text - Dishani / Pic –Sumudu & Intarnet