2020 ජනවාරි 11 වන සෙනසුරාදා

යුද්ධයයි ඉරණමයි

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

අද කියන්න හදන්නේ 17වැනි සියවසේ ඉන්දියාවේ සිදුවුණු කතාවක් ගැනයි. 17වැනි ශත වර්ෂයේදී මෝගල් අධිරාජ්‍යයා විසින් කඳුකර බලකොටුවක් වුණු කොන්දනා, දකුණු ඉන්දියාවේ අගනුවර විදිහට ප‍්‍රකාශයට පත් කරනවා. එහෙම කරලා ඒ අධිරාජ්‍යයා මෝගල් අධිරාජ්‍ය දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන්න සැලසුම් කරනවා. ඒ ගැන දැනගන්න මරාතී අධිරාජ්‍යයා චත‍්‍රපති ශිවාජී මහාරාජ් විසින් දකුණු ඉන්දියාව මෝගල් අධිරාජ්‍යයාගේ ආක‍්‍රමණයෙන් ආරක්ෂා කරගන්න කොන්දනා බලකොටුව කුමන ක‍්‍රමයකින් හෝ අල්ලා ගන්නා ලෙස දන්වා එයට සේනාපති තනාජී මලූසරේට භාරකරනවා. කොන්දනා බලකොටුව ආරක්ෂා කරගන්න මෝගල් අධිරාජ්‍යයා භාර කරන්නෙ තමන්ගේ විශ්වාසවන්තම අණදෙන නිලධාරී උදයා බාන්ටයි. දකුණු ඉන්දියාවේ ඉරණම තීරණය කළ මේ සටන සිංහගද් කියලා සඳහන් වෙන අතර 2020 ජනවාරි 10 වැනිදා තිරගත වෙන විනාඩි 131ක කතා කාලයකින් සමන්විත තන්හාජී කියන හින්දී සිනමාපටය ගැනයි අද ඔබට කියන්නේ.

මේ තන්හාජී කියන හින්දී සිනමාපටය හදන්න ඉන්දියානු රුපියල් කෝටි 150ක් ආයෝජනය කරලා තියෙන අතර මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ඕම් රවුට්. අජේ දේව්ගන්, භූෂන් කුමාර් සහ ක‍්‍රිෂන් කුමාර් විසින් නිෂ්පාදනය කර තියෙන තන්හාජී හින්දී සිනමාපටයේ කතාව ප‍්‍රකාශ් කපාඩියාගේ සහ ඕම් රවුට්ගේ වන අතර එහි තිර රචනයට හිමිකම් කියන්නෙත් ඔවුන් දෙන්නමයි. නමුත් දේබස් ලිව්වේ ප‍්‍රකාෂ් කපාඩියා කියලයි කියන්නේ. තන්හාජී හින්දී සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සන්දීප් ශිරෝද්කර් වන අතර එහි චරිතනයන්ට පණ පොවන්නෙ ඔබ දන්න ඔබ ආදරය කරන කිහිපදෙනෙක්.

මුලින්ම තනාජී මලූසරේගේ චරිතයට පණ පොවන ඔහු ගැන කියලා ඉන්නම්. මෙන්න මේ සිනමාපට ගැන කිව්ව ගමන් ඔබට ඔහුව මතකයට නැගෙන්න ඕන.
Phool Aur Kaante 1991,Jigar (1992), Sangram (1993), Vijaypath (1994), Dilwale (1994), Suhaag (1994), Haqeeqat (1995), Naajayaz (1995), Diljale (1996) Ishq (1997). Gangster 2000,Deewangee 2003,Raincoat (2004), Gangajal, (2004), Yuva (2004), Apaharan (2005), Omkara (2006), Golmaal: Fun Unlimited (2006), Golmaal Returns (2008), All the Best: Fun Begins (2009), Once Upon a Time in Mumbaai (2010), Golmaal 3 (2010), Raajneeti (2010), Singham (2011), Bol Bachchan (2012), Son of Sardaar (2012), Singham Returns (2014), Drishyam (2015), Shivaay (2016), Golmaal Again (2017), Raid (2018), Total Dhamaal (2019), De De Pyaar De (2019).

නැශනල් ෆිල්ම් අවෝර්ඩ් දෙවතාවකුත් ෆිල්ම් ෆෙයාර් සම්මාන හතර වතාවකුත් තමන්ගෙ නමට වෙන කරගෙන තියෙන ඔහු 2016 වසරේදී ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානයෙනුත් පිදුම් ලබනවා. 1969 අප්‍රේල් 02 වැනිදා ඉන්දියාවේ නව දිල්ලි නගරයේ ඉපදුණු ඔහු මිතිබායි කොලේජ් එකෙන් අධ්‍යාපනය ලබනවා. 1991 වසරේ පටන් නළුවෙක් නිෂ්පාදකයෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් විදිහටත් ඔහු හින්දී සිනමාව නියෝජනය කරනවා. දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු වීනා දේව්ගන් සහ වීරූ දේව්ගන්ගේ පුත‍්‍රයා සහ 1999 වසරේ විවාහ වුණු කාජල්ගේ ස්වාමි පුරුෂයා ද වන අජේ දේව්ගන්. තනාජීගේ චරිතයට පණ පොවන්නෙ අකවුද කියලා දැන් ඔබ දන්නවා. දැන් ඔබට කියන්න හදන්නේ උදයභාන් රාතෝඩ්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. මේ සිනමපටයන්හි නම් දැක්ක ගමන් ඔහු ගැන කියන්න  ඕන වෙන එකක් නැහැ.

Parampara (1993), Yeh Dillagi ,Main Khiladi Tu Anari (1994),Hum Saath-Saath Hain (1999),Dil Chahta Hai (2001) Kal Ho Naa Ho (2003),Parineeta,Salaam Namaste (2005),Ek Hasina Thi 2004,Omkara 2006 ,Kurbaan 2009,Race,Love Aaj Kal, Cocktail

1970 අගෝස්තු 16 වැනිදා ඉන්දියාවේ නව දිල්ලිවලදි තමයි මේ කියන කෙනත් ඉපදුණේ. 1992 වසරේ පටන් ඔහු නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහටත් හින්දී සිනමාව නියෝජනය කරනවා. ඒ වගේම ඔහු 2011 වසරේ පටන් පටවුදිවලත් භෝපාල්වලත් නවාබ් කෙනෙක්. 2010 වසරේදී ඉන්දියාවේ රජය විසින් ඔහුට පද්ම ශ්‍රී සම්මානය පිරිනමනවා. ඔහු වෙන කිසිවෙක් නෙවෙයි මන්සූර් අලී ඛාන්ගේ සහ ශර්මිලා තාගෝර්ගේ පුතුයි. 1991 වසරේ හින්දී සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වන අමි‍්‍රතා සිං එක්ක විවාහ වෙලා ඇයගෙන් 2004 දී දික්කසාද වෙලා 2012 වසරේදී ජනප‍්‍රිය හින්දී සිනමා නිළියක් වන කරීනා කපූර් එක්ක විවාහ වුණෙත් ඔහුමයි. තවත් විදිහකින් කියනවනම් සාරා අලී ඛාන් කියන දියණියගෙත් ඉබ‍්‍රාහීම් අලී ඛාන් සහ තයිමූර් අලී ඛාන්ගේ පියා ද ඔහුයි. උදයභාන් රාතෝඩ්ගේ චරිතයට පණ දෙන්නේ සයිෆ් අලීඛාන්.

දැන් ඔබට කියන්න හදන්නේ සාවිත‍්‍රී මලසුරේගේ චරිතයට පණ පොවන ඔබ ආදරය කරන හැඩකාරියක් ගැනයි.
Bekhudi (1992), Baazigar (1993) Yeh Dillagi (1994),Karan Arjun (1995), Ishq (1997) Pyaar Kiya To Darna Kya (1998), Pyaar To Hona Hi Tha (1998)Hum Aapke Dil Mein Rehte Hain (1999),Gupt: The Hidden Truth (1997), Dushman (1998),Dilwale Dulhania Le Jayenge (1995), Kuch Kuch Hota Hai (1998), Kabhi Khushi Kabhie Gham... (2001), Fanaa (2006) My Name Is Khan (2010),Dilwale  2015
ඔය කලින් කිව්ව සිනමාපටවල හිටිය කෙනා මතකයිද? ඇය 1974 අගෝස්තු 05 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ බොම්බෙවලයි ඉපදුණේ. 1992 වසරේ පටන් ඇය සිනමා නිළියක් විදිහට වෘත්තියේ නියැලෙනවා. ඇය ඉපදුණේ මුකර්ජී සහ සමර්ත් පවුලේ. ඇයගේ මව තනුජා සමර්ත් කියන සිනමා නිළිය වන අතර පියා සිනමාපට නිෂ්පාදක ශෝමු මුඛර්ජී. ෆිල්ම් ෆෙයාර් සම්මාන 06ක් ඇතුළු සිනමා සම්මාන රාශියක් තමන්ගෙ නමට වෙන් කරගන්න සමත් වුණු ඇය 2011 වසරේදී ඉන්දියානු රජයෙන් පද්ම ශ්‍රී සම්මානයෙනුත් පිදුම් ලබනවා. දැනට දරුවන් දෙදෙනෙකුගේ මවක් වන ඇය 1999දී විවාහ වුණේ හින්දී සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකයෙක් වන අජේ දේව්ගන් සමඟිනුයි. කාජල් ගැන තමයි මෙච්චර වෙලා කිව්වේ. තන්හාජී කියන මේ හින්දී සිනමාපටයේ ඔය කිව්ව තුන්දෙනාට අමතරව චත‍්‍රපාතී ශිවාජී මහරාජ්ගේ චරිතයට ශරද් කේල්කර්, මෝගල් අධිරාජයාගේ චරිතයට ලූකේ කෙනිත් සෙසු චරිතයන්ට පණ පොවන්න පද්මාවතී රාඕ, ජගපති බාබූ, දේව්දත්ත නාගේ, නේහා ශර්මා, අජින්ක්යා ඩියෝ, හර්දික් සන්ගානී සහ නිසාර ඛාන්ද එකතුවෙලා ඉන්නවා.

2018 සැප්තැම්බර් 25 වැනිදා රූගත කිරීම් ආරම්භ කර ඇති මේ සිනමාපටය 3ඩී තාක්ෂණය භාවිතා කරන ලද සිනමාපටයක් වීමත් විශේෂත්වයක්. තන්හාජී කියන මේ හින්දී සිනමාපටයේ තියෙන මන බඳින ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කර තියෙන්නේ අජේ - අතුල්, සචේත් - පරම්පරා සහ මේහුල් ව්යාස්. මෙහි තියෙන ගීතයන්හි ගේය පද රචනය කර තියෙන්නේ ස්වානන්ද් කිර්කිරේ සහ අනිල් වර්මා. ඒ ගේය පදයන්ට පණ දෙන්න තමන්ගේ සුමියුරු හඬ මුසු කර තියෙන්නේ මේහුල් ව්‍යාස්, සුඛ්වින්දර් සිං, ශ‍්‍රියා ඝෝෂාල්, සචේත් තන්ඩන් සහ පරම්පරා තාකූර් විසිනුයි.

 

► Text — Chandana