Kuppa Cinema කියන්නේ නැගී එන Youtube Channel එකක්. අද අපි තෝරගත්තේ ඔවුන්ගේ Sirimali කියන වීඩියෝ එක. ජනවාරි 6 වැනිදා තමා වීඩියෝ එක Youtube එකට දාලා තිබ්බේ. අපි බලනකොට ලක්ෂයක ආසන්න ප්‍රමාණයක් Views තිබ්බා. මේ වීඩියෝ අපි තෝරගත්තේ ඔවුන් මෑතකදී කරපු වීඩියෝ එක මේක නිසා. මීට වඩා සාර්ථක නිර්මාණය Kuppa Cinema හරහා පහුගිය කාලේ කෙරිලා තියෙනවා. නමුත් Youtube Hit වලින් අපි Kuppa Cinema Channel එක ගැන කතා කරන පළවෙනි පාර. ඒ නිසා channel එක ගැන පොඩි හැඳින්වීමක් කරලාම අපි සාකච්ඡාවට එකතුවෙමු.
මේ Youtube Channel එක පටන් අරන් තියෙන්නේ 2016 වසරේදී. ඒත් මෑතකදී තමා වැඩේ Youtube Fans ලා අතර ප්‍රසිද්ධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ වෙද්දී කුප්ප ජාලයක් වෙලා තියෙනවා චැනල් කිහිපයක්ම ඔවුන් කරගෙන යනවා. කොටින්ම කුප්ප වැඩ කරන්නේ මහා පරිමාණයෙන්. අපි කතාකරන Kuppa Cinema channel එකට Subscribe දෙලක්ෂ දහදහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. කුප්ප Video වල දෙලක්ෂයක අධික Views සාමාන්‍යයකුත් දකින්න ලැබෙනවා. සජිත් ගිහාන් අරුණ කියන තුන් කට්ටුව තමයි මේ වීඩියෝවල වැඩිපුර දකින්න ලැබෙන්න. ප්‍රහසනය තමා මේ Channel එකෙත් පදනම.
දැන් අපි බලමු සිරිමලී වීඩියෝ එක ගැන. සරල හාස්‍ය රසයක් තමයි මෙතැනදී මතු වෙන්නේ. යාළුවෝ දෙන්නම යාලුවෙක්ව අමාරුවේ දැමීම තමයි කතාව. කෙල්ලෝ සම්බන්ධ සිද්ධවෙන රැවටීමක් කිව්වොත් හරි. කොහොම වුණත් කතාව ගොඩනගලා තියෙන්නේ වෙනස්ම රටාවකට. සිරිමලී කියන්නේ රේඩියෝ භූතයෙක් වගේ චරිතයක්. කතාවේ මුල් ටික නම් ඔහේ ගලායනවා වගේ තමා දැනෙන්නේ. කතාවේ ස්ප්‍රීට් එක තියෙන්නේ අන්තිම ටිකේ. විනාඩි හයයි තත්ත්පර හතළිහකට අධික වෙලාවක් මේ කතාව කියන්න ගත වෙනවා.
තාක්ෂණය භාවිතය කැමරාකරණය සංස්කරණ වගේ දේවල් ගැන කියන්න තරම් අඩුපාඩුක් නෑ. සිරිමලීව ගෙන්වීම වෙනුවෙන් ඔවුන් භාවිත කරන ප්‍රයෝගයත් වැදගත්. ලංකාවේ Youtubers ලා ගොඩක් දෙනෙක් ඒවගෙ අලුත් දේවල් තමන්ගේ වීඩියෝවලට එකතු කරගන්නවා අඩුයි. කුප්ප වීඩියෝවල ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් තියනවා. ඒ වගේ ඉස්සෙල්ලා කිව්වා වගේ ඔවුන්ගේ වීඩියෝ කරණය තාක්ෂණ වගේම ප්‍රචාරය ක්‍රමවේදත් හොඳයි. නමුත් Youtube Hit අපිට අනුව රංගන දෙබස් පිටපත් වගේ දේවල් ගැන මේ පිරිස අවධානය යොමු කරන්න ඕනෑ. ඒවත් Professional තත්ත්වයක් පත් කරගන්න කුප්ප Team එකට හැකි වුණොත් ලංකාවේ ප්‍රමුඛම Youtubers ලා දෙතුන්දෙනා අතර දිගටම රැඳෙන්න ඔවුන්ට පුළුවන්. අපි හිතන විදිහට කුප්ප Channel එකට ඊට අවශ්‍ය අනෙකුත් පසුබිම දැනටමත් නිර්මාණය වෙලා ඉවරයි.
► Text - Nisal / Pic – Internet