සූර තල්මසුන් ගැන කතාවක්. ළමා කාලේ කාටත් අඩු වැඩි වශයෙන් තිබුණු පිස්සුවක්. තාමත් ගොඩක් අයට හොඳ නොවුණු පිස්සුවක්. ඔන්න සුදෝ අද Y Trend සූර තල්මසුන් ගැන. අවුල් ගියාද පැංචෝ සොරිවේවා! සූර තල්මසුන් ගැන නෙවෙයි. සුරතල් මසුන් ගැන. ඔන්න කස්ටියට දැන් තේරෙන්න ඕනා අද අපේ Line එක මොකක්ද කියලා.
ඇලේ දොලේ කාණුවේ බැහැලා ගප්පි තිත්තයෝ සාරි ගප්පි අල්ලපු කාලයක් අද තාරුණ්‍යයේ ඉන්න ගොඩක් දෙනෙක්ට තිබිලා තියෙනවා. ඔන්න ෆෙන්තෝ උඹලා තමා ඒ අත්දැකීම තියන අවසන් පරපුර. දැන් කාලේ පොඩිවුන් ඔය වගේ සීන්කෝන් වලට Enter වෙන්නේ නෑ. මොකක්ද උන්ට ඊට වඩා ලොකු වැඩ තියෙනවානේ. හරි හරි මේ Y Trend එකේ අතීත කතාව තමා සුන්දරම. කෙටියෙන් කියන්නම් කෝ.
ඉස්කෝලේ ඇරිලා මුලින්ම දුවන්නේ මාළු කඩේට. කන්න දුන්න සල්ලිවලින් මාළු අරන් එනවා. ගෙදරින් බැණුම් කෝටියයි. එතකොට දෙතුන් දෙනෙක් එක්ක එකතුවෙලා බහිනවා ඇලේ නැත්නම් දොලේ. මාළු පැටව් අල්ලා ජෑම් බෝතල්වලට දානවා. යාළුවෝ යාළුවෝ මාළු මාරු කර ගන්නවා. ඔය අතර ගමේ මාළු හොරුත් ඉන්නවා. එතකොට ගමේ මාළු මුදලාලිලා වගේ හිටපු උනුත් කට්ටියට මතක ඇති. ඔක්කොමත් හරි ටැංකිය සුද්ධ කරන එක තමා එපා වෙන්නේ. සමහරැ කම්මැලියෝ. තවත් සමහරු වැඩේ ආසාවෙන් කරනවා. ආ මාළු මැරුණාම වළලනවා. ඒ කාලේ මාළු ඇති කිරීම පට්ට Trend එකක්... දන්නෝ දනිති ඒක මාර ආතල් එකක්. ඔන්න සීන් කෝන් එකේ අතීත මතක අතරට යන්න ඕනෑනම් ගිහිල්ලා එන්න මා බ්‍රෝ... හරි දැන් අතීත කතාව පොඩ්ඩක් පැත්තකට තියලා අද සීන් එක බලමුකෝ.
අපි කතාකරන්නේ ආදායම් මාර්ගයක් විදිහට මේ සීන් එක කරන අය ගැන නෙවෙයි. තමන්ගේ විනෝදාංශයක් විදිහට මාළු හදන අය ගැන. ගොඩක් දෙනෙක් අතීතය අමතක කරලා දාද්දී රටේ අතරින් පතර ක්ෂය වෙලා ඉන්නවා තමා මේ පිස්සු හොඳට තියෙන ඩයල්. ගෙදර ටැංකියක් තියාගෙන එක එක ජාතියේ මාළු ගෙනැල්ලා හදනවා. එක එක ආදායම් ස්ථරවල මේ අය ඉන්නවා. සමහරන්ට ලොකුවට සල්ලි නෑ. ඒත් මේ වැඩේ කරනවා. තවත් සමහරැ ගෘහ අලංකරණයට මාළු ටැංකි පාවිච්චි කරනවා. මාළු ගැන දැනගන්න දැන් Facebook Group හිටන් තියෙනවා. ඒක වෙනම කලාවක් මචෝ.
ආයේ අතීතයට අපි යනවා. අපි කිව්වානේ ඒ කාලේ අපේ ගොඩක් දෙනෙක්ගේ නොම්බර එකේ විනෝදාංශය තමයි මාළු ඇතිකිරීම. තාත්තලා තමා ටැංකි හදවලා දීලා තියෙන්නේ. අරං දීලා තියෙන්නේ. ගොල්ඩ් ෆිෂ්ලා තමයි හිට්ම ජාතිය. සමහරු ළිඳේත් ගප්පි, සාරි ගප්පි හැදුවා. ප්ලේටි කියන්නේ අමතක කරන්න බැරි මාළු ජාතියක්. ළිංවලත් දැම්මා ප්ලේටින්ව. බ්ලැක් මොරිස්, ඒන්ජල්ස්ලා වගේ එපා කරපු ෆයිටස්ලාත් ඒ කාලේ මාර ජනප්‍රිය මාළු ජාති. ලොකු ජෑම් බෝතල්වල ෆයිටර්ස්ලා හිටියෙ තනි තනියෙන්. පොළොවට අල්ලලා ගහපු සිමෙන්ති ටැංකි. සිවිලිම් ෂීට් ටැංකි අමතක කරන්නම බෑ.
සුන්දරා අද Trend එකේදි අතීතයට යනවා වැඩියි. ආයෙම සොරිවේවා. අද වෙනකොට මේ පිස්සුව එක්ක තාක්ෂණ වගේම තව දේවල් ගොඩ බැඳිලා තියනවා. හොඳ ෆිල්ටර් ඒ වගේම සුපිරි ටැංකි වගේ දේවල් Field එකට Love කරන කාගෙත් හීන. ඒ වගේම අද වෙනකොට ටැංකිය විතරක් නෙවෙයි මාළුයි සේවායි සපයන ආයතන ගොඩක් ලංකාවේ තියෙනවා. ලොකු ලොකු ගෙවල්වල ආයතන ටැංකි භාරව ඉන්නෙ මෙයාලා. ගාණනම් සැරයි. හැබැයි A to Z ඔක්කෝම කරලා දෙනවා. මේ වෙද්දී අලුත් මාළු වර්ග හදන එකත් පට්ට Trend එකක් වෙලා. කොටින්ම දැන් යන Trend එකේ හැටියට මේ සීන් එක ඉහළ සමාජෙ සුපිරි සීන් එකක් වෙලා තියෙන්නේ.
ඒ කාලේ ඒක හැම ඇච්චා පැච්චාම මේ සීන් එකෙ හිටියනේ බ්‍රෝ. සමහරු වෙලේ ළිඳේ කොටුකරලා කාවයියො, බට්ටො, මගුරො විතරක් නෙමේ ලොකු ලූල්ලුත් හැදුවාලු.
වගකීම මම බාර ගැනීමේ පළවෙනි පාඩම, ගෙදරින් අරන් දීපූ මාළු ටැංකියෙන් ඉගෙන ගත්ත උන් ඕනෑතරම් ඉන්නවා සහෝ. ඒක වෙනම කතාවක්. ලොකු එකක් නෙමේ සාමාන‍්‍ය තරමේ එකක් තමයි කාටත් මුළුමනින්ම ලැබෙන්නේ. ඒත් එක්කම ටැංකියට දාන්න ගස්, ගල් එහෙමත් ගෙන්න ගන්නවා. නැත්නම් හොයා ගන්නවා. මුලින්ම දුන්නෙ ගප්පි, සාරි ගප්පි, ප්ලේටි. ඉකෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා මුලින්ම කරන්නේ මාළුන්ට කෑම දාන එක. ඒක ඒ කාලේ මාර වගකීමක්. ටැංකියෙ පාට වෙනස් වෙනකොට වතුර මාරු කරන එක මාර ගේමක්. සීරු මාරුවට කරන්න ඕනෑ. මාළුන්ට ලෙඩ වුණාම ගොඩ වෙදකම් කරන එක වෙනම සීන් එකක්. මාළු මැරුණාම අයින් කරන එක. ම්ම්ම්... කොච්චර දේවල් තිබ්බද මචෝ. මේ සීන් එකේ හිටියා නම් ජීවිතේ පළවෙනි වගකීම මාළු ටැංකිය කියලා මතක් කරන්න වෙන්නේ.
කොහොම වුණත් අපි කිව්වානේ මාළු පිස්සුව හොඳ නොවුණු තරුණයන් ලංකාවේ ඉන්නවා. අපි එයාලා ගැන පොඩ්ඩක් බලමු. මචෝ දහසකුත් වැඩ අතරේ මේ සීන් එක උන් කොහොම කරනවාද කියලා හිතාගන්න බෑ. ඒත් මාළු උන්ගේ ජීවිතවල කොටසක් වෙලා. මාළුන් කෑම දාලා මාළු දිහා බලන් ඉඳලා එයාල ලබන්නේ මාර සතුටක්. අපි කවුරු හරි මාළු ගැන ඇහුවොත් එයාලා පට්ට විස්තරයක් කරන්නේ ඇඟට පතට නොදැනී. ඕනෑම විනෝදාංශයකෙ හැටි මෙහෙම තමයි. හරි සුන්දරයි. ඇත්තට මේ ක්ෂය වෙලා ඉන්න අපූරු පිරිස ගැන සමීක්ෂණයක් කරන්න වටිනවා සහෝ. උන් හරියට අපේ පරපුරේ එක යුගයක නෂ්ටාවශේෂ වගේ. කොහොම වුණත් ආදරෙයි පට්ටෙට.
ඔන්න මචෝ අද වෙනකොට නම් අපේ ගොඩක් ළමයි මාළු හදන සීන් එකේ නෑ. කිහිප දෙනෙක් ඉන්නවා එයාලා මරු. අනික් ළමයි සත්ත්ව හිංසන ගැන හිතලා මාළු හදන්නේ නැත්නම් කමක් නෑ. ඒත් මෙතැන වෙන්නේ මචෝ අපේ පොඩ්ඩෝ පරිසරයෙන් ඈත් වෙන එක. ළමයෙක්ට පරිසර එක්ක ගනුදෙනු කරන්න මොනවා හරි ක්‍රමයක් ඕනෑමයි. එදා පට්ට Trend එකක් වුණු මේ අපූරු මතකය අද ඔබට කිව්වේ හේතුවක් ඇතුව. ලෝකේ සුන්දර වෙන්න නම් ලෝකයාගේ ළමා කාලය සුන්දර වෙන්න ඕනෑ. එහෙම නොවුණොත් ලෝකෙ අඳුරු වෙන එක නවත්තන්න බෑ සුන්දරා.
► Text - Nisal / Pic – Internet