2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

සළුපට අහසට හඬපට එළියට

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

Youtube Hit වලින් අද අපි කතා කරන්නේ Fortune Films Youtube Channel එක ගැන. අන්තිමට එකතු කරලා තිබුණ Video එකේ නම රෙකෝඩ්ස්. ඒ වීඩියෝවත් පදනම් කරගෙන මෙම Fortune Films ගැන කතා කරමු. Youtube ඇතුළේ Fortune Films නැගී එන පිරිසක් විදිහටයි අපි හඳුනගන්නේ. ගුණාත්මක ලක්ෂණ රැසක් ඔවුන් තුළින් නිරූපණය වෙනවා. ඒ සියල්ල ඒකට කැටිකරලා අද Youtube Hit අපි ගලපගමු.

මුලින්ම මේ Channel එක ගැන බලන්න ඕනෑ. 2016 ජූලි වගේ තමා වැඩේ පටන් අරගෙන තියෙන්නේ. කොහොම වුණත් දැනට Subscribe 26.7K වගේ ප්‍රමාණයක් තමයි චැනල් එකට තියෙන්නේ. සමස්තයක් විදිහට ගත්තොත් මේ වැඩේ මුල්කාලීනව පිළිවෙළ වෙලා නෑ. ඒ නිසයි Subscribe අඩු. එහෙම තමයි අපිට නම් හිතෙන්නේ. හරි කොහොම වුණත් මේ වෙනකොට වැඩේ හොඳට කෙරීගෙන යනවා. හාස්‍යෝත්පාදනය තමා පරමාර්ථය මෙයාලාගේ පරමාධිපත්‍යය Category එක Comedy. වැඩේ ගැන Forum Filmsලා හඳුන්වලා තියෙන්නේ අමුතු විදිහකට.  ඔවුන්ට අනුව මේක තවත් එක තුප්පහ්‍යාත්මක ව්‍යායාමක් කියලා.

අපි අන්තිමට දැකපු වීඩියෝ එක දිහාවට හැරෙමු. රෙකෝඩ්ස් කියන්නේ හාත්ස්‍යය එක්ක ටිකක් කුප්ප රසයක් ඇතිකර වීඩියෝ එකක් කියලා කියන්න පුළුවන්. අපි මේ වීඩියෝ බලන මොහොත වෙනකොට Views විසි අටදාහක් වගේ තිබ්බා. වීඩියෝවේ ධාවන කාලය විනාඩි 4 යි තත්පර 35ක් වගේ වෙනවා. හැම දෙයකම Records තියාගන්න ගිහිල්ලා පවුලක වෙන හුටපටයක් තමා මෙතැනදී පෙන්වන්නේ. මේක වර්තමාන හඬපට කතාවලට ටිකක් සමපාත වෙන නිර්මාණයක්. කොහොම වුණත් හඬපට ගැන නම් මෙතැන කතාවෙන්නේ නෑ. හැබැයි රෙකෝඩ්ස් තියාගන්න ගිහිල්ලා වෙන විනාශය ගැන තමා කතාව.

සමස්තයක් විදිහට Fortune Films රංගනය ගැන කතාකරනවා නම් කියන්න ලොකු දොසක් නෑ. ලංකාවේ Youtube Channel වල රංගයන්ට සාපේක්ෂව මෙහි එන රංගනය ප්‍රශස්තයි. නමට Films කියන වචන ඔවුන් භාවිතා කිරීම වෙනුවෙන් යම් සාධාරණක් ඉෂ්ඨ කරලා තියෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම නාට්‍යමය ස්වභාවය අවස්ථා සම්බන්ධය මේ වීඩියෝවලින් මනාවට කැපිලා පේනවා. ස්ථීර සැලසුමක් පිටපතක් පෙර සූදානමක් සහිතව Fortune Films වැඩකරනවා කියලා අපිට නිරීක්ෂණ වුණා. ඇතැම් පිටපත්වල මන්දගාමී බවක් තිබුණත් හැම වීඩියෝවක්ම ගොඩයන මට්ටමක තිබෙනවා.

ඒ වගේම රූප රාමුවෙන් රාමුවට මේ Youtube Channel එකේ Professional බව තේරැම් ගන්න අපිට පුළුවන්. වීඩියෝකරණය ඉතාම ඉහළ වෘත්තීය මට්ටමක තිබෙනවා. ඒ වගේම කොලිටි එක උපරිමයි. සංස්කරණ ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා. හරිම අවබෝධයෙන් කරලා තියෙන්නේ. සාමාන්‍ය Youtube Channel එකක වැඩක් වෙනුවෙන් දරනවාට වඩා වැඩි මහන්සියක්, ශක්තියක් Fortune Films තමන්ගේ හැමවැඩක් වෙනුවෙන්ම දාලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි. සමස්තයක් විදිහට Smart නිර්මාණය කරන Youtube Channel එකක් විදිහට අපි Fortune Films හඳුන්වනවා. අවස්ථානුකූල සමාජ කම්පනයක් ඇතිකරන නිර්මාණයක් තමයි ඔවුන්ට අවශ්‍ය වෙන්නේ. Subscribe ප්‍රමාණය දැඩි කරගන්න තව ජනතාව අතරට යන්න නිසැකවම ඔවුන්ට පුළුවන්.

 

► Text - Nisal   /  Pic – Internet