2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

රට-පිටරට පට්ට Travel

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 368

අද අපි YouTube Hit එකෙන් තෝරගත්තේ ලංකාවේ ප්‍රමුඛම Travel Chanel එකක්. "Travel with Wife”. ලංකාවේ YouTube Channel අතර කවුරැත් දන්න කියන Channel එකක්. කෙටි කාලයකින් ජනප්‍රිය වුණ චැනල් එකක්. මේක පටන් අරගෙන තියෙන්නේ  2018 පෙබරවාරි මාසේ විතර. ඒ වගේම "Travel with Wife” Channel එකේ Subscribes ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා.  වැඩේ කරන්නේ කසුන් - චමරි කියන Couple එක. වෙනස්ම හැඩයක් තියන Travel Channel එකක් කියලා තමා ආරම්භයේදීම අපට කියන්න තියෙන්නේ.

අපි නරඹන මොහොතේ අවසන් අවශයෙන් ඔවුන් කරලා තිබුණ වීඩියෝව තමයි Jaffna Wedding Trip කියන වීඩියෝ එක. දිනයක් ඇතුළත Views හැටදහසක් ආසන්නව මේ වීඩියෝ එකට ඇවිල්ලා තිබුණා. මේකේ සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු 35 ක් විතර වෙන වීඩියෝවක්. සාමාන්‍යයෙන් කරන Travel Vlog වලට වඩා වෙනස් විදිහට තමා ඔවුන් වැඩේ කරලා තිබුණේ. අපි නරඹන වෙලාව වෙනකොටත් Trending List එකට මේ වීඩියෝ එක ඇතුළු වෙලා තිබ්බා කියන එකත් මතක් කරන්න ඕනා. අපි මේ වීඩියෝවත් පදනම් කරගෙන "Travel with Wife” ගැන ටිකක් කතා කරමු.

තමන්ගේ බිරිදත් එක්ක ලෝකේ වටේ වගේම රටේ යම් යම් තැන්වල කරන සංචාරවල සටහන් එක්ක තමා මේ YouTube Channel එක Run වෙන්නේ. සම්ප්‍රදායික Trend Vlog රීතියෙන් මිදිලා වැඩේ වෙන නිසා ලංකාවේ YouTube Fans ලාට මේක අලුත් අත්දැකීමක්. ඒ නිසාම තමා අපි හිතන විදිහට මේ තරම් සාර්ථකත්වය ඉතා කෙටි කාලයකින් ඔවුන් ළඟා කරගෙන තියෙන්නේ. ඒ වගේමයි වීඩියෝකරණයේ Relax බවක් පේනවා. බරක් දාලා Travel එක අල කරගෙන මේ දෙන්නා චැනල් එක කරන පාටක් නෑ. ඒ වුණත් ඔවුන් අවශ්‍ය වෙලාවෙදී තාක්ෂණය වගේ වීඩියෝකරණය පිළිබඳ ඔවුන් සතු ප්‍රාගුණ්‍යය ප්‍රදර්ශනය කරනවා. ඒක නිසාම "Travel with Wife” ගොඩක් වීඩියෝ ගුණාත්මයි කියලයි අපේ අදහස.

Jaffna Wedding Trip කියන වීඩියෝ එක ගැන කතා කරනවා නම් නියත වශයෙන්ම ඔවුන්ගේ YouTube ගමනේ එය සංධිස්ථානයක් වෙයි කියලායි අපි හිතන්නේ. Travel වැඩ ඇතුළේම හම්බ වුණ යාළුවෙක්ගේ wedding එකකට මේ දෙන්නා යාපනයට යනවා. ඒ ගිහිල්ලා කරන කියන දේවල් තමයි මේ Video එක පුරාවට තියෙන්නේ. පොළට යනවා, වෙඩින් එකට ලෑස්ති වෙනවා ඒ වගේ වෙඩින් එක දවසේ සිද්ධවෙන තව දේවල් මෙහි අන්තර්ගතයි. වර්තමාන යාපනයේ සමාන්‍ය වෙඩින් එකක අත්දැකීම මේ හරහා සමීප වෙනවා කියලා කිව්වොත් නිවැරදියි. කෘතිම බවක් නැතිව වැඩේ යන එක තමා අගය කරන්න ඕනෑ.

අවසානයේ කියන්න තියෙන්නේ ලංකාවේ අපේ මට්ටමෙන් “Travel with Wife” කියන්නේ සුපිරි වැඩක්. ඉතින් මේ තියන අව්‍යාජ බව, සරල බව රැකගෙන වැඩේ ඉස්සරහට ගෙනියන ගමන් ජාත්‍යන්තර මට්ටමේ Trend Vlog දිහාත් බලා තවත් අලුත් අලුත් දෑ එකතු කරගත්තොත් මේ දෙන්නට ලොකු ගමනක් තියෙයි.

 

Text - Nisal   /  Pic – Internet