කවකටු පෙට්ටිය Steering Wheel එක කරගෙන, බොරැවට ජියර් දාලා, කටින් වාහනේ රේස් කරලා, ඉස්කෝලේ ඩෙස් එකේ Drawing කරපු ෆෙන්තෝ හිටියානේ...? එතකොට මචෝ පොතේ පිටිපස්සේ Night Raider Car එක ඇඳලා තව CBR, ට්‍රේල් බයික් පොත්වල ඇඳපු උනුත් හිටියනේ...? ඒ වගේම බස් ගැන ත්‍රීවිල් ගැන කියවපු උන්... වාහනවල තඩි බෆල් ගැන ස්ටිකර් ගැන Light ගැන කියවපු උන් මතකද...? ඕ සුන්දරා... ගින්දර මන්තරයක් මතුරන්න යන්නේ ඒශ්වහා හඃ.... !
ඔන්න මඤ්ඤං කියෙව්වා කියලා හිතන්න එපා මගේ සුදෝ. අද Y Trend එකට වාහන Modify කරන පිස්සු ගැන. වාහන උණ පොඩිකාලේ ඉඳලාම තියෙන සහෝලා වචනේ ඇහෙද්දීම ස්ටෝරිය දන්නවා. අපි මුලින්ම මෙහෙම කියමුකෝ. වාහන වෙනස් කිරීම නැති ‘මොඩිෆයි කිරීම‘ ලොවම පිළිගන්නා කලාවක්. ඒ වගේම කර්මාන්තයක්. හැබැයි ලංකාවේ නීතිවලින් ගොඩක් දුරට වැඩේ තහනම්. හරි කොහොම වුණත් මේක වෙනම ලෝකේ ජනප්‍රිය Culture එකක්. ඒක යකඩ ගොඩවල්වලට ආදරය කරන උන් හොඳට දන්නවා.
මීට දශක තුන හතරකට උඩදී තමා මේ සීන් කෝන් එක ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. ඒ වුණත් මෝටර් රථ සුසර කිරීමේ සහ වෙනස් කිරීමේ ස්වර්ණමය යුගය වුණේ දෙවන ලෝක යුද්ධය කාලේ කියලත් කියනවා. මුල් කාලේ වායු දූෂණය වළක්වා ගැනීමත් සීන් එකේ අරමුණක් වුණා කියලා එක තැනක තිබ්බා. කොහොම හරි ලංකාවට වැඩේ ඇවිල්ලත් දැන් දශක කිහිපයක්ම වෙනවානේ. ඒත් ගෙවුණු දශකයේ තමා සීන් එක නැගලාම ගියේ.
මා බ්‍රෝලාට නම් සීන් එක ගැන තේරෙනවානේ ඒත් අපේ පැංචියොන්ට මේ කතාව අපභ්‍රංශ වගේ වෙන්න පුළුවන්. එහෙම නම් සොරි වේවා. වාහන Modify කරන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේකේදී වෙන්නේ වාහන ඒවල හිමිකරුගේ අභිමතය පරිදි තමන්ගේ වාහනේ වෙනස් කරගන්න එක. ඒකෙන් වඩා හොඳ පෙනුමක් වගෙම ආර්ථිකයක් වාසි අවාසි ඇතිවෙන්න පුළුවන්. කොටින්ම නිෂ්පාදකයන්ට ඕනෑ විදිහට නෙවෙයි අයිතිකාරයන්ට ඕනෑ විදිහට තමන්ගේ වාහනේ තියාගන්න එක තමා මෙතැන දී වෙන්නේ.
ඕං... තේරැණයි කියලා අපි හිතනවා. හලි කමක් නෑ... අපි දැන් මේ සීන් එකේ වර්තමාන කතා Line කරන්න හදන්නේ. මේක අද වෙනකොට පට්ට Y Trend එකක්. අපේ කොල්ලොන්ගෙන් හැමෝටම නෙවේ ඒක සෙට් එකකට තමා මේ උණ හැදිලා තියෙන්නේ. ඒකෙත් ලාවට හැදුන උන් වැඩියි. තදේට උණ තියන උන් අඩුයි. ඒත් තදේට Modify උණ තියන උන් කරන වැඩ පිස්සු කොරයි ආ... සිරා සීන් එක තමා ලෝකේ Modify පිස්සුව හැම වාහන ජාතියකට අදාළයි. වැඩි විස්තර ඕනෑ නම් Youtube පැත්තේ ගිහිල්ලා බලපල්ලා. පිස්සුවක් ආ... ඒ වුණත් ලංකාවේ ජනප්‍රිය වාහන ටික ගැන අපි කතා කරමු. දැන් මුල් තැන ත්‍රීවීල් ඒ වගේමයි දෙවැනි තැන බස්... ඊට පස්සේ කාර් වෑන්.
ත්‍රීවීල් සීන් එක ගැන මුලින්ම බලමුකෝ මචෝ. කොළඹ අවට තමා ත්‍රීවිල් Modification සීන් එක නැගලා යන්නේ. ඒ වුණත් රට ඇතුළට වෙන්නත් සීන් එක තියෙනවා. ගොඩක් නාඹර තරුණ වයසේ කොල්ලෝ තමා Line එකේ ඉන්නේ. පොඩ්ඩක් කැපිලා පේන සීන් එකේ තග මැර පාට් දාන ගැන්වල අය මේ සීන් එකට Interest. Town එකේ ත්‍රීවීල් පාර්ක් එකකට ගියොත් අපි මේ කියන ජාතියේ වීල් එකක් දෙකක් බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට හයර් යන වීල් මේ සීන් දාන්නේ ලාවට. රෝද ටිකක් ලොකු කරලා, වීල් එක ජැක් කරල උස්සලා. කණ පැලෙන්න සද්දෙ තියෙන බෆල් ටිකක් හයිකරලා ස්ටිකර් පාරක් ගහලා නෝමල් එකේ දුවනව ත්‍රීවිල් නම් ඕනතරම්. ඒත් Modify පිස්සුව උපරිමේට තියෙන ඩයල් හදලා තියෙන ත්‍රීවිල් දැක්කම පිස්සු හැදෙනවා බ්‍රෝ. හැබැයි පාරේ නිදහසේ මෙයාලට යන්න බෑ... කාකි සූට් මහත්තරු බැස්ටිය දෙනවා ලෙසටම.
ඊළඟ බස් සීන් එක මේ දවස්වල නැගලම යනවා මචෝ. බස් එක ඇතුළට ගියාම පිස්සු හැදෙනවා. සමහර බස් ඇතුළට Night Club එකක් වගේ. Light නිවි නිවී පත්තු වෙනවා. පිස්සු කොරයි ආ. අපි දවසක් මේ සීන් එක ගැන වෙනම කතා කරා Y Trend එකෙන්ම. බස් සීන් එකේ විශේෂත්වය තමා මේ බස්වලට Fans ඉන්න එක. Face බුකිය පැත්තේ ගිහිල්ලා හොයලා බලන්න Fans Club එහෙමත් තියෙනවා මාරයි ඈ... මේක මෑතකාලීනව ඇතිවුණ අමුතු සංස්කෘතියක්. ඒ වුණත් මේ වැඩේ නීතියෙන් තහනම්. බස්වල ඕනවට වඩා තියෙන ගැජට් ගලවන්න පොලීසිය නියෝග කරනවා. මචෝ දන්නවානේ මේ දවස්වල සීන් එකට දරුණු විදිහට නීති දාලා තියෙන්නේ. ඒ නිසා බස් කතාව ඇති.
ඊළඟට වෑන්. ඔන්න අපේ ගොඩක් කට්ටිය දන්නේ නෑ ලංකාවේ වෑන් Modify කරන සීන් එක සැරටම වෙනවා. KDH එහෙම තියෙනවා දැක්කම පිස්සු කොරයි සුදෝ. ඒවා වෑන්ද කියලා හිතෙනවා. ටිකක් සල්ලි බාගේ තියෙන මේ පිස්සුව හැදුණු පොරවල් තමා මේ වැඩේ කරන්නේ. ලොකු සල්ලියක් යටවෙන වැඩක් මචෝ. ආයේ ඒක වෙනම පිස්සුවක්. Car ගැන නම් හැමෝම දන්නවා. බස් ත්‍රීවිල් සීන් එකට ඉස්සෙලා කාර් තමා Modify සීන් එකේ උඩින්ම තිබේ. Sport පෙනුමක් එන විදිහට වෙනස් කරපු පරණ කාර් නම් ඔයාලා ඕනතරම් දැකලා ඇති. කාගේත් නෙත සිත දැකගන්න Modify කරපු කාර් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එක ලෝකේ අංක එකේ පිස්සුවක් සුන්දරා. ජීප් මෝටර් බයික්, කැබ් ගැන පස්සේ වෙලාවක කතා කරන්න ඕන. ඒවා මොඩිෆයිව් කරන සීන් එක වෙනම පිස්සුවක්.
පුංචි කාලේ ඉඳන් ඇඟේ තියෙන රථගාය නිසා හැදෙන ලෙඩල් තමා මේ Modify පිස්සුව. කොහොම වුණත් මේ සීන් එක කර්මාන්තයක් විදිහට ගත්තොත් ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ටිකක් ඉන්නවා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනෑ මචෝ. උන්ට වාහනයක් අනික් පැත්ත ගන්න වුණත් පුළුවන්. ඉතින් උන්ට තැනක් තියෙන්න ඕනෑ එකෙන්ම. අනික් එක නීති. ඒ ගැන කියන්න ඕනෑ මගීන්ගේ රියදුරන්ගේ ආරක්ෂාව ගැන හිතලා තමා මේ වගේ සැර නීති අපේ රටේ තියෙන්නේ. ඒක හොඳයි. ඒවා ආරක්ෂා කරන්න ඕනෑ... ඒක සම්පූර්ණ ඇත්ත. ඒත් මේ Feeld එක ගැන ආණ්ඩුව අපක්ෂපාතීව සමීක්ෂණ කරලා හොයලා බලලා හිටියා නම් හොඳයි. වැරදි අඩුපාඩු නම් ඕසේට ඇති ඒත් රටට වටින හොඳ දේවල් මේ අතර තියෙනවා කියලා නම් අපිට සහතිකයි. ලොකු ලොක්කන්ට කෝටි ගණන් බදු සහන දීලා සුපිරි වණ්ඩි ගේන්න රටේ අපේ පොඩිවුන් හදන මේ අමුතු වන්ඩි දිහා ඇස් ඇරලා බලපල්ලා ඒකේ වරදක් නෑ ෆෙන්තෝ.
► Text - Nisal / Pic – Internet