පැවෙල් ඇබ්රාමොව් කියන්නේ රුසියාවේ අස්රාමාස් කියන නගරයේ ජීවත්වෙන නව හැවිරිදි පොඩ්ඩෙක්. මීට අවුරුද්දකට විතර කලින් පැවෙල්ගේ සුරතල් බලු පැටියා ‘බාසික් අතුරුදන් වෙලා තියෙනවා. ඉතින් පුංචි පැවෙල් තමන්ගේ පවුලේ අනිත් අයත් එක්ක එකතුවෙලා බාසික්ව හොයාගන්න පුළුවන් තරම් උත්සාහ ගත්තත් වැඩේ හරි ගිහිල්ලා නැහැ. අන්තිමේදී දුකින් කල් ගෙවපු බාසික්ට අහිංසක සුරතල් සත්තු වෙනුවෙන් තමන්ගේම කියලා ආධාර වැඩසටහනක් පටන්ගන්න හිතුණේ ඒ අනුවයි.
අස්රාමාස් නගරයේ ඉන්න හිමිකාරයෝ නැති බලු පැටව් රඳවලා තියෙන තැන, එහෙමත් නැත්නම් බලු අනාථාගාරය බලන්න යන පැවෙල් ඒ සුරතල් සතුන්ට කන්න, බොන්න සහ බේත්හේත් කරන්න එතැන ඉන්න පිරිස වෙන වෙහෙස මහන්සිය දැකලා තමනුත් මේ වැඩ කටයුත්තට ආධාර කරන්න ඕන කියලා කල්පනා කරලා තමයි මේ අලුත් වැඩේට අතගහන්නෙ.
පැවෙල් කරන්නේ සුරතල් සතුන්ගේ චිත්‍ර ඇඳලා ඒ සතුන්ගේ හිමිකරුවන්ට දෙන එකයි. හැබැයි ඒ සල්ලිවලටනම් නෙමෙයි. එයා මුලින්ම තමන් දන්න කියන අය ගාව ඉන්න සුරතල් සතුන්ගේ චිත්‍ර ඇඳලා ඒවා ඒ සුරතලුන්ගේ හිමිකරුවන්ට දීලා ඒ වෙනුවට බලු අනාථාගාරයට ඕන කරන කෑම බීම, බේත්හේත් ගන්න පටන් ගත්තා. මේ වැඩේ පැවෙල් හිතුවටත් වඩා සාර්ථක වුණු නිසා පැවෙල්ගේ ගෙදර අයගෙනුත්, විශේෂයෙන්ම අම්මාගෙනුත් මේ වැඩපිළිවෙලට ගොඩක් ලොකු සහායක් හම්බවෙලා තියෙනවා.
කාලයක් ගතවෙද්දී අහළ පහළ පිරිස් විතරක් නෙමේ රුසියාවේ වෙනත් පළාත්වල ඉන්න අයත් පැවෙල්ට කියලා තමන්ගේ සුරතලුන්ගේ චිත්‍ර අන්දවාගෙන ඒ වෙනුවට බලු අනාථාගාරයට ඕන කරන දේවල් දෙන්න පටන් අරන්. සුරතලෙක්ගේ චිත්‍රයක් ඇඳලා දුන්නට පස්සේ පැවෙල් කරන්නේ ඒ වෙනකොට බලු අනාථාගාරයට වැඩියෙන්ම ඕන කරන දේ මොකක්ද කියලා දැනගෙන ඒ අවශ්‍යතාව ගැන චිත්‍රය මිලදී ගන්න පුද්ගලයාට දන්වන එකයි. එතකොට තමන්ට කැමති විදිහකට කැමති ප්‍රමාණයකින් අදාළ දේ සම්පූර්ණ කරන්න ගනුදෙනුකරුවා යොමුවෙනවා.
“Kind Paintbrush” (කරුණාවන්ත පින්සල) යන නමින් පැවෙල් කරගෙන යන මේ වැඩේ නිසා අස්රාමාස් බලු අනාථාගාරයේ ඉන්න සීයකට වැඩි බලු සුරතලුන්ට කන්න බොන්න අරන් දෙන්න වගේම බේත්හේත් අරන් දෙන්නත් එතැන පාලනාධිකාරිට හැකිවෙලා. එතැනට සම්බන්ධවෙලා වැඩ කරන ළාබාලම ස්වේච්ඡා සේවකයා වෙන්නෙත් පැවෙල්. වයසින් පොඩි වුණත් වැඩනම් පොඩි නැති නිසා පැවෙල් මේ වෙද්දී රුසියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ප්‍රසිද්ධයි. කොටින්ම අසල්වැසි ජර්මනියෙන් පවා පැවෙල්ට චිත්‍ර අඳින්න ඇනවුම් ලැබෙන බවයි ආරංචිය.
Truth Theory/ Mayukh Saha
► Text - Suranga / Pic - Internet