කුරුණෑගල පැත්තේ රූගත කෙරුණු ටෙලි නාට්‍යක්. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාගේ හොඳම පිටරට යාළුවෙක් හා ඔහුගේ බිරිඳ කුරුණෑගල පැත්තෙ සංචාරයක් කරන අතරතුර යාළුවගේ ටෙලි නාට්‍යයේ ෂූටිං බලන්නත් ආවලු දර්ශනතලයට. ටිකක් රෑ වුණු නිසා ඒ ගොල්ලන්ට අධ්‍යක්ෂක හා ප්‍රධාන නළු නිළියන්ට රැඳී සිටි හෝටලේ නවතින්න සිද්ධ වුණා.
ඒත් ඒ හෝටලේ හැම කාමරයක්ම බුක් වෙලා. එකක්වත් ඉතුරුවෙලා නැහැ. ළඟපාතක වෙන හොඳ හෝටලේකුත් නැහැ.
අධ්‍යක්ෂකට එක පාරටම මතක් වුණා ප්‍රධාන නිළිය ඉන්න කාමරේ ගැන.
“අද එයාට වැඩ නැති නිසා කොළඹ ගියා. හෙට එන්නෙ. ඒ නිසා අද රෑ ඕගොල්ලො දෙන්නට පුළුවන් ඒකේ නවතින්න.
ප්‍රධාන නිළියගේ කාමරේ මේ දෙන්නා ලැඟුම් ගත්තා.
ඔන්න පහුවදා පාන්දර 5.30ට විතර කවුදෝ දොරට ගහනවලු. පිටරටින් ආපු යාළුවා යතුරු හිලෙන් බැලුවා. ප්‍රධාන නිළිය ඇවිත් ඉන්නේ. එයා ඉක්මනටම අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දීලා මේ ආරංචිය කිව්වලු.
“කලබල වෙන්න එපා. මම එයාව එක්කරගෙන යන්නම් ලොබි එකේ තේ බොන්න. විනාඩි 20ක් විතර යයි. ඒ අතරතුර ඔය දෙන්නා හෙමින් සීරැවේ කාමරෙන් එළියට එන්න. අධ්‍යක්ෂක යාළුවට කිව්වලු.
මේ දිනවල රූගත කෙරෙන දීර්ඝ ටෙලි නාට්‍යක රඟපාන ප්‍රධාන නළුවෝ දෙන්නෙකු ඒ චරිතවලට ටිකක් මහත වැඩි නිසා අධ්‍යක්ෂකවරයා කිව්වලු පොඩ්ඩක් කැපවෙලා බර අඩු කරගන්න කියලා. එකදිගට මාස දෙකක් නැවතිලා ෂූටිං කරන්න තියෙන නිසා සහාය අධ්‍යක්ෂකටත් කිව්වලු ඒ අයට අවශ්‍ය විශේෂ කෑම බීම ගැන හොයා බලන්න කියලා.
ඒ දෙන්නත් ඒකට එකඟවෙලා දැන් ඉතා පරෙස්සමෙන්ලු කෑම බීම ගන්නෙ මේ කාලෙ තුළ.
සතියක් විතර ගිහින් බැලුවම එක නළුවෙකුගෙ ඉන අඟල් දෙකකට කිට්ටුවෙන්න අඩුවෙලා. අනිත් නළුවගෙ ඉනේ ප්‍රමාණයේ කිසි අඩුවක් වෙලා නැහැ. මෙයාට ඒක ලොකු ප්‍රශ්නයක්ලු. සති දෙකක් ගිහින් කලිසම් ඇඳලා බැලුවම ඒත් ඉනේ වෙනසක් නැහැලු. අනිත් නළුවගේ අඩුවෙලා.
අර නළුවා කොච්චර මානසිකව වැටිලද කියනවා නම් හරියට දැන් දෙබස් ටිකවත් මතක් වෙන්නෙ නැහැලු. එයා කොහොම හරි මේ ප්‍රශ්නේ ගැන අධ්‍යක්ෂකට කියලා.
“ඔයා ඒ ගැන හිතන්නෙපා. මට අවශ්‍ය ප්‍රමාණෙට ඔයාගෙ ඇඟ කෙට්ටුවෙලා තියෙනවා. ඉතින් මට අවුලක් නැහැ. අධ්‍යක්ෂක කිව්වලු.
කට්ටියට වෙලා තියෙන දේ ආරංචි වුණේ සතියක් විතර ගියාට පස්සේ. ඉනේ ප්‍රමාණය අඩු නොවුණ නළුවගෙ හොඳම යාළුවෙක් තමයි මේ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් බාරව ඉන්නෙ. මෙයා කරලා තියෙන්නෙ අර නළුවගෙ කලිසම්වල ඉන අඟලෙන් අඟල අඩු කරලා කලිසම් හදන එකලු. දවස් දෙක තුනකට සැරයක්. ඉතින් අර නළුවා කලිසම අඳින අඳින ගානට ඉනේ වෙනසක් පේන්න නැහැලු.
එක්තරා චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ කාර්යාලයේ සේවය සඳහා අලුතින් පියන් කෙනෙක් අවශ්‍ය බව දන්න කියන හිතමිතුරන්ට කියලා තිබ්බලු.
ඒ අතරතුර කීප දෙනෙකුම ඇවිත් තියෙනවා සම්මුඛ පරීක්ෂණයට. “ඒ ආපු අයත් එක්ක කතා කළාම ඒගොල්ලො ගැන වෙනම චරිත ගොඩනගන්න පුළුවන් චිත්‍රපටවලට. නිෂ්පාදකවරයා යාළුවෙකුට කියලා.
“එක්කෙනෙක් ආවා. එයාගෙ වයස අවුරැදු 65ක් විතර ඇති. එයා ඒ කාලෙ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ටියුෂන් ගුරැවරයෙක්ගෙ පන්තියකට ගිහින් තියෙනවා. අහන අහන ප්‍රශ්නවලට එයා අර ටියුෂන් පන්තිය අදිනවම තමයි.
“දැන් අපි ඔයාව මේ ජොබ් එකට තෝරගත්තා කියමුකො. උදේ 8.30 වෙද්දී මෙහෙ ඉන්න පුළුවන්ද?
“ඔව් සර්.. මම අර ඉංග්‍රීසි පන්තියට යන කාලෙත් උදේම නැගිටලා පාන්දර හයේ කෝච්චියෙන් වෙලාවට ටියුෂන් පන්තියට ගියා. ඒකෙ අවුලක් නැහැ.
“බැංකුවට ගිහින් චෙක් තැන්පත් කරන්න එහෙම දන්නවද?
“අපෝ ඔව් සර්. අර ඉංග්‍රීසි සර් අපට ඉගැන්නුවානෙ බැංකු ස්ලිප් පුරවන හැටි. ඒක සුළු දෙයක්.
“ඒකට කමක් නැහැ. මේ ඔෆීස් එකේ උදේ සවස වැඩකරන අයට තේ හදන්නත් තියෙනවා. ඔයාගේ ඉංග්‍රීසි සර් තේ හදන හැටි ඉගැන්නුවෙ නැහැනෙ.
“නෝ සර්...