අපේ රටේ මිනිස්සු බොහෝ දේ නිකම් ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඒ ගැන ඔබගේ අදහස?
අපේ රටේ අධ්‍යාපනය ලැබෙන්නේ නොමිලේ. සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නෙ නොමිලේ. ඔය වගේ බොහෝ දේ අපේ රටේ ලැබෙන්නේ නොමිලයේ. ඉතින් ඒ හින්දම අපේ රටේ මිනිස්සු ඉතිරි කිරීම්වලට යොමුවෙන්න හදන්නේ නැහැ. මොකද හැමදේම නොමිලයේ ලැබෙනවනේ. දැන් බලන්න යුරෝපීය රටවල ජීවත්වන අය සීත කාලයට වැඩ කරන්න බැරි හින්දා ඒ කාලයටත් එක්ක හරියන්න පායන කාලයේදී වැඩ කරලා හැමදෙයක්ම ඉතුරැකර ගන්නවා. අපේ රටේනම් අවුරුද්ද පුරාම වැස්ස තියෙනවා. අව්ව තියෙනවා. හැමදේම නිසි විදියට ලැබෙනවා. ඒ හින්දමද කොහේද අපේ මිනිස්සු බලාගෙන ඉන්න පුරුදුවෙලා තියෙනවා. මොකද අවුරුද්ද පුරාම කෑමබීම ලැබෙනවනේ. අර කතාවක් තියෙනවානෙ කොස් ගෙඩියක් කඩාගෙන කාලා ගහක් යට හිටියත් අපේ රටේ මැරෙන්නෙ නැහැ කියලා. ඒත් බටහිර රටවල එහෙම ඉන්න බැහැ. අපේ රටේ හැමදේම නොමිලේ ලැබෙන නිසානේ ඔය විශ්වවිද්‍යාලයෙන් එළියට එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැකියාවකුත් රජයෙන්ම ඉල්ලන්නේ. ඔවුන් ව්‍යවසායකයෝ වෙන්න කවදාවත් හදන්නෙ නැහැ නෙවෙයි හිතන්නෙවත් නැහැ. මමත් රාජ්‍ය අංශයෙන් තමයි රැකියාව පටන්ගත්තේ. අපි බලමු ඔවුන් ඇයි රජයේ රුකියාම ඉල්ලන්නෙ කියලා. රාජ්‍ය අංශයට බැඳුනාම අවදානම් අඩුයි. පෙන්ෂන් එකක් හමුවෙනවා. අනාගතය සුරක්ෂිතයි. ලොකු ආදායමක් නැතිවුණාට අනාගතය සුරක්ෂිතයිනේ. වැටුප ලැබෙන එක්කෙනා මැරුණත් ඔහුගේ ඇයගේ යැපෙන්නන්ට විශ්‍රාම වැටුප් හමුවෙනවනේ. පෞද්ගලික අංශයෙන් නම් රැකියා එහෙම සුරක්ෂිත නැහැ. වැඩ නොකරන අයට තමයි අනාරක්ෂිත පෞද්ගලික අංශයේ. නිදහස් අධ්‍යාපනයට කවුද වියදම් කරන්නේ? නොමිලේ බෙහෙත් දෙන්න කවුද වියදම් කරන්නේ. රජයේ කාර්යාලවල වැඩකරන අයට කවුද පඩි ගෙවන්නේ. ඒ හැමදේම සිදුවෙන මේ රටේ මහජනයා ගෙවන බදු මුදල්වලින්. සමහර රාජ්‍ය ආයතන තියෙනවා සේවකයෝ 300ක් ඕන තැන සේවකයෝ 1200ක් වැඩ කරන්න අරන්. කවුද එන එන දේශපාලකයින් ඔවුන් තමුන්ගේ ආධාරකරුවන් රැකියාවලට දානවා. දැන් සේවකයින් 900ක් වැඩියි. ඒ අතිරික්ත සේවකයින්ට කවුද පඩි ගෙවන්නේ එයාලව දැම්ම දේශපාලකයින්ද? නැහැ. ඒවත් ගෙවන්න ඕන මේ රටේ බදු ගෙවන මහජනයා. හරි නම් නිදහස් අධ්‍යාපනය ගන්න හැමෝම රටට කීයක් හරි ගෙවන්න ඕන. ඉතින් එහෙම එක්කෙනෙක් රුපියල් 100ක් ගෙව්වොතින් කොච්චර මුදලක් මේ රටට එකතුවෙයිද?
අපේ රටේ ව්‍යවසායකයින් වැඩිපුර බිහි නොවෙන්නේ ඇයි?
මේ අධ්‍යාපන ක‍්‍රමය ඇතුළේ එහෙම වුණොත් තමයි පුදුමය. පාසලේදී පෙර පාසලේදී වැඩිපුරම ප‍්‍රශ්න අහන ළමයා තමයි නරක ළමයා වෙන්නේ. දඬුවම්වලට ලක්වෙන්නෙත් ඔවුන්ව. පාසලේ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාලයෙත් ඒ තත්ත්වය එහෙමමයි. දෙන දේ ප‍්‍රශන කිරීමකින් තොරව ගන්න ඕන. අලුත් විදියට හිතන එක නිර්මාණශීලීව හිතන එක අපෙ රටේ අධ්‍යාපන ක‍්‍රමයෙන් නැතිකරලා දානවා. මේ රට කරන අයට ඕනත් ඒක. විභාගවලින් දක්ෂතා මනින ක‍්‍රමේ මේ වෙද්දී යල්පැන ගිහිල්ලා තියෙන්නේ. ඒත් අපේ පාසැල්වල මුල් පන්තියේදීම කරන්නේ ඔක්කොම ළමයි එකම අච්චුවකට දාලා විෂමතා මට්ටම් කරන එක. ඒත් දියුණු රටවල් කරන්නේ විෂමතා තියෙන්න දීලා ඒ සුවිශේෂිතා වැඩිදියුණු කරන්න උදව් කරන එකයි. අපේ කරන්නේ නිර්මාණශීලිත්වය කියන එක මොට කරලා දාන එකයි.
අපේ රටේ බොහොම මිනිස්සු හිතන්නේ දුප්පත් කියලයි.... ඒ ගැන මොකද ඔබගේ අදහස?
ඔබ දුප්පත්වෙලා ඉපදුනු එක වැදගත් නැහැ. දුප්පතෙක් විදියට මිය යනවා නම් එකේ හිතන්න දෙයක් තියෙනවා කියලා කතාවක් තියෙනවනේ. දුප්පත් කියන මානසිකත්වයෙන් මිදෙන්න ඕන. මොකද ඒක මනින්න නිර්ණායකයක් නැහැනේ. දුප්පත් අය නැහැ. සමහර අය මුදල් හදල්වලින් දුප්පත් වුණාට අදහස්වලින් කෝටිපතියන්.
ඔබට වෙන විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවද?
මම පාඩම් කළ තරම් කියනව නම් මේ ඇස් ගෙවෙනවා නම් මෙලහකට ගෙවන්න ඕන. මම මේ තැනට ආවේ හොඳට ඉගෙනගෙන. අනිත් කාරණය තමයි අපි සිංහල භාෂාවට කොටුවෙලා ඉන්නේ නැතිව ඉංග්‍රීසි භාෂාව ප‍්‍රගුණ කරන්න ඕන. මොකද ඉංග්‍රීසි භාෂාව තියෙනවා නම් බොහෝ දැනුම ඔබට ලබන්න පුළුවන්. සමහර දේශපාලකයින් රාජ්‍ය භාෂාව සිංහල කළාට ඔවුන්ගේ දරුවන් ඉගෙන ගත්තේ විදේශීය රටවල බව අපි අමතක කරන්න හොඳ නැහැ. අපි ඉංග්‍රීසි ජාතිකයෝ වගේ ඉංග්‍රීසි කතා කරන්න කියවන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. භාෂාව භාවිතා කරලා අපිට අවශ්‍ය දේ සන්නිවේදනය කරගන්න සහ ග‍්‍රහනය කරගන්න පුළුවන් දැනුමක් අපි විසින් ගොඩ නගා ගත යුතුයි. නමුත් ඉතින් ඉංග‍්‍රීසි භාෂාවට අපිව බය කරන්නෙ අපිට පාසල්වල ඉංග්‍රීසි උගන්වන ගුරුවරුනේ. අපි දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ඕන. සිංගප්පුරුවට එහෙම ගියාම තාමයි අපි කොච්චර හුදෙකලා වෙලාද කියලා අපිට තේරෙන්නේ. ඉංග්‍රීසි භාෂාව දන්නව නම් ඔබට මේ රටේ ඉඳගෙන ඔබගේ තියෙන හොඳ අදහස් අමෙරිකාවට හෝ වෙන රටකට අලෙවි කරන්න හැකියාව ඔබට තියෙනවා. දැනුම කියන්නේ ඇඟිලි තුඩකින් ස්පර්ශ කරලා ගන්න පුළුවන් දෙයක්. මම නම් කියන්නේ මම මේ තැනට ආවෙ මගෙ මහන්සියෙන්. ඔබත් ඔබගේ අරමුණට යන්න මහන්සිවෙලා වැඩකරන්න. කාලය කළමනාකරණය කරගෙන වැඩකරන්න. අද දවල් රෑ කියලා වැස්සද අව්වද කියලා බලාගෙන ඒ ගැන හිතමින් ඉඳලා ඔබ ඔබේ ගමන නොගිහින් ඉන්න එපා.
► Text — Chandana Waravitage