2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ආතල් රොත්තක්

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

අද අපි Youtube Hit වලින් කතා කරන්නේ Hashano TV නමින් පවත්වාගෙන යන Youtube Chanel එක ගැන. මේ චැනල් එකට Subscribe අසූ හත් දහසක් වගේ තියෙනවා. විශේෂය තමයි මේ චැනල් එකේ විවිධ වර්ගවල විඩියෝ අන්තර්ගතයි. Prank Video, Funny Video, Vlogs වගේ වර්ග කිහිපක්ම වීඩියෝ මෙහිදී අපට දැකගන්න පුළුවන්. Hashano තමයි මේ Chanel එක කරගෙන යන YouTuber විදිහට අපි හඳුනගන්නේ. චැනල් එක පටන් අරගෙන තියෙන්නේ 2016 වසරේ විතර. දැනට Video සීයකට ආසන්න ප්‍රමාණයක් මෙහිදී අපට දැකගන්න පුළුවන්.

අපි Hashano TV හඳුන්වන්නේ Professional Youtube Chanel එකක් විදිහට නම් නෙවෙයි. මේක විවිධත්වයක් ඇති ආතල් සපයන Youtube Chanel එකක්. සමාජ වටිනාකම් නැතිනම් සාරගර්භ දේවල් Hashano ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ගොඩක් වෙලාවට මේ චැනල් එකේ Prank Video වලට තමා විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙන්නේ. නිර්මාණාත්මකව හිතලා කරපු Prank දෙක තුනක් මෙහි අන්තර්ගතයි. කොහොම වුණත් ලංකාව වගේ රටක Prank වීඩියෝ කරන එක ලේසි නෑ. Hashano ඒ අභියෝග භාරගෙන තියෙනවා. ඒ ගැන ප්‍රශංසාව ඔහුට හිමිවිය යුතුයි.

ඒ වගේම Hashano පහුගිය කාලේ අල්ලපු ඔට්ටු නිසා Youtube එක ඇතුළේ ජනප්‍රිය වුණා. එක වෙලාවක ඔහුට ප්‍රසිද්ධියේ කොණ්ඩේ කපන්නත් වුණා. ඒ වගේම සින්දු චොර කිරීම කියන Prank එක එහෙම විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. මෑතක පටන් ගත්තත් Show එකත් මේ චැනල් එකේ සිද්ධවුණ අමුතු වැඩක්. කොහොම වුණත් මේ සියල්ලම විනෝදාස්වාදය මූලික කරගෙන කෙරුණු නිර්මාණ. තමන්ගේ පෙම්වතියවත් සිය නිර්මාණවලට දායක කරගැනීම Hashano ගේ විශේෂත්වයක්.
මේ චැනල් එකේ Video කරණය ගැන කතා කළොත් ඉතාම ග්‍රාම්‍ය මට්ටමක තමා වැඩේ තියෙන්නේ. ඒ පිළිබඳව විශේෂ සැලකිල්ලක් ඔවුන් දක්වන බවක් පේන්න නෑ. මේ චැනල් එක කරගෙන යන විදිහ සැලකුවාම එහි වීඩියෝකරණය Professional වෙන්න ඕනෑ වගේ අදහසක් අපිට ඉදිරිපත් කරන්න බෑ. නමුත් Editing වලදී Hashano සැලකියයුතු මට්ටමක ඉදිරියක් පෙන්නුම් කරනවා. Graphic වගේම විශේෂ දේවල් එක්කමින් හොඳ සංස්කරණයක් ලබාදීමට Hashano උත්සුක වෙනවා කියලා තමා අපිට හිතෙන්නේ. අඩුපාඩු විදිහට යමක් සටහන් කරනවානම් ඇතැම් තැන්වලදී පේන සංකල්පීය දුර්වලතාවය තමයි ඒ.

කොහොම වුණත් මේ චැනල් එක තවත් සාර්ථක කරගන්න පුළුවන් Youtube Chanel එකක් විදිහටයි Youtube Hit වලින් අපි හඳුන්වන්නේ. නිවැරදි කරගත යුතු තැන් තිබුණත් විනෝදාස්වාදය පදනම් කරගත්තු Youtube Chanel අතර Hashano ට දැනටමත් ලොකු තැනක් තියෙනවා. විවිධත්වය තමා ඔහුගේ සාර්ථකත්වයේ රහස.

 

► Text - Nisal   /  Pic – Internet