සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ.
අලුත්ම චිත්‍රපටය තමයි කදිර දිව්‍යරාජ. එහි රූගත කිරීම් බහුල වශයෙන් සිදුකළේ රන්මිහිතැන්න ප්‍රදේශයේ.
ඔන්න රූගත කිරීම් අවසන් කළ දවසේ ඒ චිත්‍රපටයේ රඟපෑ බොලිවුඩ් ප්‍රධාන නළු නිළි යුවළ මාධ්‍යයට හඳුන්වාදීමේ හමුවක් රන්මිහිතැන්නේ දී පැවැත්වුණා.
ලංකාවෙ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යකරුවන්, රැසක් එම හමුවට පැමිණ සිටියා.
මේ චිත්‍රපටය මුල්වරට නිෂ්පාදනය කරන්නෙ රයිගම් සමාගම වෙනුවෙන් එහි සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා. ඔහුත් එම මාධ්‍ය හමුවට සහභාගි වුණා. නමුත් කාගෙත් අවධානයට ලක්වුණේ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ තරැණ බොලිවුඩ් නළු නිළි යුවළයි. විශේෂයෙන්ම නිළිය.
නිල වශයෙන් මාධ්‍ය හමුව අවසන් වුණාට පස්සෙ, කට්ටිය සුහද කතාබහක යෙදුණා.
ඒ අතරතුර අපි නිෂ්පාදක රවී ලියනගේ මහතාගෙන් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්.
බොලිවුඩ් නළුවා පැත්තකින් තියමුකො. මේ ලස්සන බොලිවුඩ් නිළිය මේ චිත්‍රපටයට තේරුවේ අධ්‍යක්ෂක සුනිල් ආරියරත්න මහාචාර්යතුමන්. නිළිය තෝරාගන්න වෙලාවෙ ඔබත් හිටියනෙ. ඔබත් තෝරන්නෙ මේ සුරූපී නිළියමද?
රවී ලියනගේ මහත්තයා ඕකට දුන්නා ලස්සන උත්තරයක්.
අපේ සුනිල් සර්ට විවාහ වෙන්න තමයි හරි කෙනෙක් තෝරාගන්න බැරිවුණේ. චිත්‍රපටවලටනම් ෂෝක් එකට ලස්සන ගෑනු ළමයි තෝරනවා.
මොහු තරුණ කඩවසම් නිර්මාණ ශිල්පියෙක්. හැබැයි එක අවුලක් තියෙනවා. කොහේ ගියත් මේ හාදයා බෑග් එකක්නම් උස්සන්නෙ නැහැ. වැහි වෙලාවක කුඩයක්වත් උස්සන්නෙ නැහැ.
හදිසියේ බඩුවක් දෙකක් ගන්න සුපර් මාර්කට් එකට යන වෙලාවකදී කොහොමහරි යාළුවෙක් සෙට් කර ගන්නවා එන ගමන් බෑග් එක උස්සගෙන එන්න.
ඔන්න ළඟදී මේ තරුණයාගෙ උපන්දිනේ යෙදිලා තිබුණා. එයාගෙ පෙම්වතියත් එක්ක අලුත්ම අවන්හලකට තමයි ගිහින් තියෙන්නෙ. මෙයා එතනට යද්දී කෙල්ල ඇවිත්. ලස්සනට ඔතපු ලොකු තෑග්ගක් තමයි කොල්ලට ගෙනත් තියෙන්නෙ.
කෑම එහෙම කාලා දෙන්නා තීරණය කළාලු පොඩි රවුමක් ගහන්න අලුතින්ම ඇරපු වෙළෙඳ සංකීර්ණයක.
පැය ගාණක් දෙන්නා ඇවිදලා තියෙනවා. පව් අර කෙල්ල තමා එයා ගෙනාපු තෑග්ග උස්සගෙන ගිහින් තියෙන්නෙ.
අනුන්ගෙ දේවල් හොයන එක හොඳ පුරුද්දක් නොවුණට ඒවාට හොඳටම ඇබ්බැහිවෙලා ඉන්න කට්ටිය ඉන්නවනෙ.
මේ කියන්න යන්නෙ ඒ වගේ කෙනෙක් ගැන. මෙයාගෙ වැඩේ නිෂ්පාදන කණ්ඩායමේ වෑන් එකේ යන ගමන් කවුරුහරි ඒකෙ රියැදුරාට කතා කළොත්, කතා කළේ මොනවද? කතා කළේ කවුද? කියලා අහලා ඇණයක් වෙන එක.
ඔන්න දැන් දවසක් උදේ වරුවක මෙයා වෑන් එකේ යන ගමන් රියැදුරුට කෝල් එකක් ආවා.
කවුද කතා කළේ? කෝල් එක ඉවර වුණු ගමන් මේ මිත්‍රයා අහනවා.
නිෂ්පාදක මහත්තයා
මොනවද කියන්නෙ?
දැන් උදේට අපි තේ බොන්න යනවනෙ හෝටලේකට. ඔයාට එතනදී බනිස් ගෙඩි දෙකකට වඩා කන්න එපා කිව්වා.
එතනින් පස්සෙ මිනිහගෙ සද්දයක් නැහැල්ලු.