මේ ඉන්දියාවේ පොලිස් ස්ථානයක් සිදුවීමක්. මෙතන දුරකථන නාදයන් වගේම පොලිස් සේවයේ නියුතු නිලධාරීන් ගාව තියෙන වෝකිටෝකිවල හඬ දසතින් ඇහෙනවා. මෙතන පොලිස් නිල ඇඳුමකින් සැරසුනු ඩීසීපී බාජිරා ඕ සිංග් හම් අද කතාව කියන්න පටන් ගන්නවා.
ඩීසීපී බාජිරා ඕ සිංග් හම් - මුම්බායි කියන්නේ ඉන්දියාවේ හදවතට. හිංදුස්ථානයේ මේ හදවතට කිහිප වාරයක්ම පහර දුන්නා ත‍්‍රස්තවාදීන්. එහි ආරම්භය වුණේ 1993 සීරියල් බෝම්බ් බ්ලාස්ට් වලින්. ඊට පස්සේ 2002දී බස් එකක පිපිරීමක්. 2006දී දුම්රියක් පිපිරීමක්. 2008දී 11/26 වෙනිහ්ඩා ටාජ් එකේ පිපිරීම. නමුත් මුම්බයිවලට තාමත් ඔවුන් දරුණුම ප‍්‍රහාරයක් එල්ල කරන එක තාමත් කරගන්න බැරුවයි ඉන්නේ. මේ පාර ඔවුන්ව නතර කරන වගකීම පැවරුණේ මුම්බායි ත‍්‍රස්තවාදීන් මැඩලීමේ ඒකකයේ නිලධාරියෙකුටයි. එයාගේ නම ඩීසීපී වීර් සූර්යවංශී.
මේ රැවුල වවා හිසට පළඳනාවක් පැළද ඉන්න පුද්ගලයෙක්ගේ කාර්යාල කාමරයක්. හෙලිකොප්ටර් එකකින් බහින නිලධාරියෙක් මේ කාමරයට ඇවිල්ලා ඔහුගේ කරට අතක් තියලා මෙන්න මෙහෙම කියනවා.
සූර්යවංශී - මුම්බායි පොලිසිය පාස්පෝර්ට් එකේ සඳහන් ආගම් බලලා වෙඩි තියන්නේ නැහැ. අපරාධ වාර්තා දැකලයි වෙඩි තියන්නේ. ඔහු එහෙම කියලා ත‍්‍රස්තවාදී කල්ලියක් එක්ක වෙඩි හුවමාරු කරගන්නවා. පොලිස් නිල ඇඳුමින් සැරසුණු ඔහු ඇවිල්ලා සුන්දර හැඩැත්තියකගේ උරහිස්සට මෙන්න මෙහෙම කියාගෙන ඔළුව තියනවා.
සූර්යවංශි - මට වෙඩි වැදුණා.
එයා තමයි ඔහුගේ බිරිඳ. ඇය ඩොක්ටර් අදිති සූර්යවංශි. ඔවුන් දෙන්නට එක දියණියක් ඉන්නවා. මේ ඊට දින ගාණකට පස්ස සිදුවීමක්. ඩීසීපී වීර් සූර්යවංශී තවත් නිලධාරීන් පිරිසක් පිරිවරාගෙන එතන ඉන්න ත‍්‍රස්තවාදියෙක්ගෙන් ප‍්‍රශ්න කරමින් ඉන්නවා.
සූර්යවංශි - අපේ බුද්ධි සේවාවලට අනුව තමුන් වගේ 40 දෙනෙක් ලක්ෂර් කියන ත‍්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයෝ විදියට ඉන්දියාවේ රහස් ඔත්තුකාරයෝ විදියට ඉඳන් ඉන්දියාවේ ජීවත්වෙනවා.
ත‍්‍රස්වාදියා - තාම ඒකට වෙලාව තවම ආවේ නැහැ. වෙලාව ආවම ඔයාට එයාලව හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
සූර්යවංශී - තමුන්ව හොයාගත්තා වගේ තමුන්ගේ අනිත් ඔක්කොම පිරිසත් හොයාගන්නම් අපි.
ඔත්තුසේවා නිලධාරියෙක් - 93දී ඉන්දියාවට පුපුරණ ද්‍රව්‍ය ගොඩාක් ගෙනාවා. එයින් කිලෝ 400ක් පාවිච්චි කරලා තිබුණේ. ඒකෙන් මුළු මුම්බයි නගරයම හෙල්ලුනා. කිලෝ 600ක් අදටත් කොහේ හරි හංගලා තියෙනවා සූර්යවංශී.
මේ කඳුකර ප‍්‍රදේශයක් සිදුවීමක්. වාහන කිහිපයක් ඇවිල්ලා මේ කඳුකර භූමියේ නතර කරනවා. ඒවායේ ආ ත‍්‍රස්තවාදීන් වාහනවලින් බැහැලා තමන්ගේ ප‍්‍රධානියාගේ ආරක්ෂාව සපයනවා. උපැස් යුවළක් පැළඳි හැඩිදැඩි පුද්ගලයෙක් වාහනයකින් බහිනවා. ඔහු කළුපාට දිග ඇඳුමකින් සැරසිලයි ඉන්නේ.
ත්‍රස්තවාදී නායක - හින්දුස්ථානය මගේ ජීවිතය වෙනස් කළා සම්පූර්ණයෙන්ම. දැන් මම හින්දුස්ථානයේ දෛවය වෙනස් කරනවා.
මේ අතරේ ත‍්‍රස්තවාදින් මැඩලන්න සූර්යවංශි පොලිස් නිලධාරියෙක් සහභාගී කරගන්නවා. ඔහුගේ නම සිම්බා. ඔහු දුරකතන් ඇමතුමක් ගන්නවා සුර්යවංශිට.
සිම්බා - මෙතන දරුණු තත්ත්වයක් තියෙන්නේ සර්. මේ මිනිස්සු වාහන හතක බෝම්බ හයිකරලා. මේ ඊට දින කිහිපයකට පසු සිදුවීමක්. මෙතන සිම්බා සූර්යවංශි ඉන්නවා. ඔවුන් ගාවට ජීප් රථයක් ඇවිල්ලා රවුමට ගිහින් නතර කරනවා.
සිම්බා - දැන් හැමෝම දන්නවා කවුද ඒ ආවේ කියලා. ඔයගොල්ලෝ දන්නේ නැද්ද? ඒ සිංග් හම් සර්.
සූර්යවංශි ඔයා බැහැලා එද්දීත් වාහනයේ හැමදාම එහෙම කරකැවිලා ගිහින් නවතින්න දීලා එන්නේ ඇයි?
සිංග් හම් - ඔයා හැමදාම හෙලිකොප්ටර්වල එල්ලිලා අපරාධාකාරයින්ව අල්ලන්න යන්නේ ඇයි?
සිම්බා - හා කවුද පොරක් වගේ එන්නේ... ඒවයින් කිසි වැඩක් නැහැ දැන් ඉක්මන් කරලා යමු.
සූර්යවංශී මුස්ලිම් ජාතික මහළු පුද්ගලයෙක් සහ තරුණයෙක් එක්ක රැවුල වවලා පුටුවක් මත වාඩිවෙලා ඉන්න ත‍්‍රස්තවාදයට සහාය දෙන පුද්ගලයාගේ කාර්යාල කාමරයට ඇවිල්ල මෙන්නේ මෙහෙම ඔහුට කියනවා.
සූර්යවංශී - ඔයා දන්නවද මේ කවුද කියලා? මේ ඉන්නේ නයින් ඛාන්. අවුරැදු තිහක් අවංකව පොලිසියේ ඩියුටි කළා මෙයා. මේ එයා ගාවම ඉන්නේ එයාගේ පුතා අබ්බාස් අපේ ත‍්‍රස්ත ක‍්‍රියා මැඩලීමේ ඒකකයේ දක්ෂ අවංක නිලධාරියෙක්. මේ තමයි ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයෝ.
පොලිසීය ආවා......
ඔය මම ඔබට කිව්වේ 2020 මාර්තු මාසේ 24 වෙනිදා තිරගතවෙන රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන ලද රෝහිත් ෂෙට්ටි, අරුන භාටියා, කරන් ජෝහාර්, අපූර්වා මෙහ්තා විසින් නිෂ්පාදනය කරන ලද සූර්යවංශී හින්දි සිනමාපටයේ කතාව කෙටියෙන්. සූර්යවංශි හින්දි සිනමා පටයේ කතාව ලියලා තියෙන්නේ සජිද් සහ ෆර්හාද විසිනුයි. තුෂාර් හිරානන්දනී තමයි තිරරචනය කරලා තියෙන්නේ. මේ සූර්යවංශී හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකර තියෙන්නේ හිමේශ් රෙශාම්මියා, තනිෂ්ක් බාග්චී, එස්. තමන්, මීත් බ්‍රෝස් සහ ලිජෝ ජෝර්ජ් සහ ඩී.ජේ. චේතාස් විසිනුයි.
දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටය හැඩ කරන්න එකතුව ඉන්න ඔබ ආදරය කරන ඔවුන් ගැනයි. මුලින්ම කියන්න ඕන මේ සිනමාපටයේ ප‍්‍රධාන යුවළ ගැනනේ. ඩීසීපී වීර් සූර්යවංශීගේ චරිතය හැඩ කරන්න එකතුවෙලා ඉන්නේ මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැක හඳුනන ඔහුයි.
Rustom (2016), Ajnabee (2001) Garam Masala (2005).Saugandh (1991). Dil Ki Baazi, Kayda Kanoon, Waqt Hamara Hai, Sainik ,Sabse Bada Khiladi, Dil To Pagal Hai (1997), 2000 Hera Pheri,Khiladi 420, 2002 Haan Maine Bhi Pyaar Kiya,2003 Talaash: The Hunt Begins..,2004 Khakee,Mujhse Shaadi Karogi,Aitraaz ,Bewafaa,Waqt: The Race Against ,Deewane Huye Paagal ,Dosti: Friends Forever.,Mere Jeevan Saathi ,Humko Deewana Kar Gaye,Bhagam Bhag,Namastey London,Welcome (2007); Heyy Babyy,Bhool Bhulaiyaa, Om Shanti Om.,Tashan, Chandni Chowk to China,Housefull, Khatta Meetha, Tees Maar Khan,Patiala House, Thank You,Desi Boyz (2011), Housefull 2, Oh My God ,Special Chabbis ,Once Upon a Time in Mumbaai,Toilet: Ek Prem Katha.,Pad Man,Battle of Saragarhi..,Kanchana 2 (2015)
1967 සැප්තැම්බර් 09 වැනිදා ඉන්දියාවේ පන්ජාබයේ අම්රිත්සර්වල උපත ලද ඔහු කැනේඩියන් ජාතිකයෙක්. 1991 වසරේ පටන් ඔහු හින්දි සිනමාවේ නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් කටයුතු කරනවා. සටන් කලාවේ ඉහළටම හදාරා ඇති ඔහු ඒ ගැන පුහුණුකරුවෙක් විදියටත් ඉන්දියාවේ යුවතියන්ව නොමිලයේම පුහුණු කරනවා. හරි ඔම් භාටියා නමින් උපත ලද ඔහු සම්මාන රාශියකුත් තමන්ගේ නමට වෙන් කරගන්න සමත්වුනු කෙනෙක්. හින්දි සිනමාවේ රාජේශ් ඛන්නාගේ දියණිය වන ට්වින්කල් ඛානා එක්ක විවාහවෙලා දැනට දරුවන් දෙන්නෙකුගේ පියෙක් වන ආක්ෂය කුමාර් තමයි මේ සිනමාපටයේ සූර්යවංශිගේ චරිතයට පණ පොවන්නේ.
දැන් ඔහුගේ බිරිඳගේ චරිතය වන ඩොක්ටර් අදිති සූර්යවංශිගේ චරිතය හැඩ කරන ඒ හැඩකාරිය ගැනයි ඔබට කියන්න හදන්නේ. මෙන්න මේ සිනමාපටයන්හි ඔබ ඇයව දැක තියෙනවා.
Boom (2003), Maine Pyaar Kyun Kiya? (2005) Namastey London (2007),New York (2009),Ajab Prem Ki Ghazab Kahani (2009), Raajneeti (2010) Zindagi Na Milegi Dobara (2011), Mere Brother Ki Dulhan (2011). Ek Tha Tiger (2012), Dhoom 3 (2013) Bang Bang! (2014), Tiger Zinda Hai (2017) Bharat (2019), Zero (2018),
1983 ජූලි 16 වෙනිදා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් විදිහට හොංකොං වල තමයි ඇය ඉපදිලා තියෙන්නේ. 2003 වසරේ පටන් ඇය හින්දි සිනමාවේ නිළියක් වගේම නිරූපන ශිල්පිනියක් විදියටත් වෘත්තියේ නියැලෙනවා. විවිධ සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන් කරගන්න සමත්කම් දැක්වූ ඒ හැඩකාරිය නමින් ක්ත‍්‍රිනා කයිෆ්. කත‍්‍රිනා තමයි ඩොක්ටර් අදිති සූර්යවංශිගේ චරිතයට පණපොවන්නේ. දැන් ඔබ සූර්යවංශිගේ සහ ඔහුගේ බිරිඳගේ චරිතයන්ට පණ පොවනා ඔබ ආදරය කරන බොලිවුඩ් තාරකාවන් ගැන දන්නවා. ආක්ෂය සහ කත‍්‍රිනාට අමතරව තවත් ඔබ දන්න ආදරය කරන බොහෝ දෙනෙක් මේ සිනමාපටය හැඩ කරන්න එකමුතුව ඉන්නවා.
ඩීසීපී බාජිරා ඕ සිංග් හම් ලෙසින් අජය දේව්ගන් සහ ඉන්ස්පෙක්ටර් සන්ග‍්‍රාම් හෙවත් සිම්බා භාලේරා ඕ ලෙසින් රංවීර් සිං ආරාධිත රංගනයක නිරතවෙන අතර සූර්යවන්ශී හින්දී සිනමාපටයේ උස්ම්බාන්ගේ චරිතය ගුල්ෂාන් ග්‍රෝවර් විසිනුත්, විනෝද් තපාරීගේ චරිතය අභිමන්‍යයු සිං විසිනුත්, තාරාගේ චරිතය නිහාරිකා රයිසාඩා විසිනුත් ඔවුන්ට අමතරව ජැකී ශැරොෆ්, සිකන්දර් ඛේර්, නිකිතින් ධීර්, විවාන් භටේනා යන නළු නිළියනුත් මේ සිනමාපටය හැඩ කරන්න එකමුතුව ඉන්නවා. මේ සිනමා පටයේ තියෙන ගීත සුඛවින්දර් සිං ගේ හඬින් හැඩවෙලා තියෙනවා කියලයි කියන්නේ. අනිත් කාරණය තමයි මේ සිනමාපටයේ ට්‍රේලර් එක මාධ්‍යයන්ට මුහැරියේ 2020 මාර්තු 02 වැනිදා. ඒකට හේතුව විදියට කියන්නේ ආක්ෂය කුමාර් තමන්ගේ ජය අංකය විදියට හිතන්නේ 09 හින්දි සිනමාපටයේ ට්‍රේලර් එකත් එදාටම නිකුත් කලා කියලයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ත‍්‍රාසය කුතුහලය භීතිය සහ දුක සතුට ආදරය පිරුණු තවත් සුන්දර සිනමාපටයක් නරඹන්න තව වැඩි දවසක් නැහැ කියන එකයි.
Text — Chandana