අද අපි කතා කරන්නෙ ThePapare.com YouTube Chanel එක ගැන. අවිවාදයෙන්ම මේ තමා ලංකාවේ අංක එකේ Sports YouTube Chanel එක. ThePapare.com වෙබ් අඩවිය ගැන ගොඩක් දෙනෙක් දන්නවා. ලංකාවේ ක්‍රීඩා වෙබ් අඩවි අතර ප්‍රමුඛත්වය දරන්නෙ ඔවුන්. අපි කතා කරන්නේ ඔවුන් පවත්වාගෙන යන YouTube Chanel එක ගැන.
මේ චැනල් එකේ ආරම්භය සටහන් වෙන්නේ 2014 දී විතර. දැනට Subscribed දෙලක්ෂ හැත්තෑ දහසක් විතර තියෙනවා. ඇත්තෙන්ම ලංකාවේ රූපවාහිනී මාධ්‍ය තුළ විධිමත්ව පවත්වාගෙන යන ක්‍රීඩා නාලිකාවක් නෑ. ඒ අඩුව යම් තරමක් හෝ සම්පූර්ණ වෙන්නේ ThePapare.com කියන මේ YouTube Chanel එක හරහා. ඒ නිසාම ලාංකික ක්‍රීඩාලෝලීන් මේ YouTube චැනලය බොහොම ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ThePapare.com ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් කරන සේවය අපි වෙනම කතා කරන්න ඕනෑ. පාසල් තලයේ සිට ජාතික, ජාත්‍යන්තරය දක්වා ක්‍රීඩා ඉසව් ඔවුන් ආවර්ජනය කරනවා.
ThePapare.com YouTube Chanel එක ඉදිරිපත් කරන වැඩසටහන් රාශියක් තියෙනවා. සජීවී තරග විකාශනය, ක්‍රිකට් ඇතුළු විවිධ ක්‍රීඩාවල විශේෂ අවස්ථා සහ ක්‍රීඩක දක්ෂතා විකාශය ඒ අතරින් ප්‍රමුඛයි. ඊට අමතරව ඔවුන් #LetsTalkNumbers, #Cricketry, #Legends වගේ වැඩසටහන් රැසක් ඉදිරිපත් කරනවා. ඒ අනුව වාර්තාමය වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා වැඩසටහන් ආදී ආකෘති රුසක වැඩසටහන් මෙහි අන්තර්ගතයි.
මෙහි රූපවාහිනී නාලිකාවක තිබිය යුතු ගුණාංග රැසක්ම පවතිනවා. ඒ නිසාම Thepapare YouTube චැනලය ගැන වෙනදා විදිහට අපිට අඩුපාඩු කතා කරන්න බෑ. Videoghy, Lightning, Editing වගේ හැමදෙයක්ම Professional විදිහට තමා සිද්ධවෙන්නේ. හැබැයි අපිට එක කරුණක් සිහිපත් කරන්න පුළුවන්. ThePapare මීට වඩා ප්‍රචාරයක් සිය කටයුතුවලට ලබාදිය යුතුයි. හේතුව ක්‍රීඩාවට කැමති, පපරේ ගැන නොදන්න, දැනගත්තත් ඒ හැටි අවබෝධයක් නැති අය බොහෝමයි. ඒ නිසා ඔවුන් දියුණු කරගත යුතු අංශය විදිහට අපි දකින්නේ ප්‍රචාරණය.
කොහොම වුණත් පපරේ කියන්නෙ හෙමිහිට සංවර්ධනය වෙච්ච කණ්ඩායමක්. ඔවුන්ගේ භාවිත තවත් සංවර්ධනය කර ගන්නවානම් ඇත්තෙන්ම සයිබර් මාධ්‍ය අවකාශයෙන් විද්‍යුත් මාධ්‍ය අවකාශයට යන්න මේ පිරිසට පුළුවන්. දැනටත් ඔවුන් සැටලයිට් වැනි මාධ්‍ය කරා යොමුවන බවක් පේන්න තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. කොහොම වුණත් ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට YouTube වලින් ඉහළම දායකත්වයක් ලබාදෙන Papare YouTube Chanel එකට අපේ ගෞරවය පිරිනමනවා.
► Text - Nisal / Pic – Internet