ඔන්න මචෝ අද අපි අරගෙන ආවා වැදගත් Y Trend එකක්. ඉගෙන දැනගෙන හරියට කරනවා නම් මරු සීන් කෝන් එකක්. Mobile Photography ගැන තමා සුදෝ මේ Storyය. යන යන තැන Selfi ගහන පිස්සුව වගේ සීන් එකක් නෙවෙයි. මේ Mobile එකෙන් කරත් ටිකක් Professional වැඩක්. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ටික දෙනෙක් මේ Line එකේ ඉන්නවා. ලෝක මට්ටමෙන් ගත්තොත් මේ තාරුණ්‍යයේ පට්ට Trend එකක්. කලාවක්. ආතල් එකක්. විනෝදාංශයක්.
අපේ පැංචෝ පැංචියොන්ට මතක ඇති ඉස්සර Photography කිකන සීන් එකට තිබ්බ ඩිමාන්ඩ් එක. ඒ කාලේ ෆෝටෝ ගන්නවා කියලා කියන එක ලේසි වැඩක් වුණේ නෑ. නමුත් Digital කැමරා වගේම Smart Phone කරළියට ආවම Photo ගැහිල්ල මහ ලොකු දෙයක් කියන ආකල්පය අපේ සුදාල තුළින් නැතිවෙලා ගියා. නමුත් මචෝ සීරාවට උඹලා මතක තියාගන්න ඕනෑ මේක වෙනම කලාවක්. ඒ වගේම ශිල්පයක් කියලා.
හරි දැන් අපි බලමු Mobile Photography කියන සීන් කෝන් එක බිහිවෙන්නේ කොහොම කියලා. ඔන්න Smart Phone නිසා කොල්ලයි බල්ලයි හැමඑකාම ෆෝටෝ ගහන්න පටන් ගත්තා. ඒ අතර තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව නිර්මාණාත්මකව හසුරවන අතලොස්සක් හිටියා. ඒ අතරින් සමහරැ Photography දැනගෙන හිටියා. තවත් සමහරු Photography දැනගෙන හිටියේ නෑ. කොහොම වුණත් Mobile එකෙන් ගන්න ජායාරූපවලට ප්‍රමිතියක් ලැබෙන්නේ පටන් ගත්තේ මේ නිර්මාණාත්මක පිරිස හරහා.
I phone තමා මේ සීන් එක බිහිවෙන්න හේතුව. IPhoneography කියන වචනය 2010 වෙනකොට භාවිතයට ඇවිල්ලා තිබ්බා. Apple සමාගමේ මැදිහත් වීමෙන් Mobile Camera වල ප්‍රමිතිය ඉහළ යන්න පටන් ගත්තේ මේ කාලේ. සීන් කෝන් එක කොච්චර නැගලා ගියාද කිව්වොත් US එකේ කැලිෆෝනියාවල 2010 ප්‍රදර්ශනයක් තිබ්බා Iphoneography ඔස්සේ බිහිවුණු නිර්මාණ එකතු කරලා. ඒකේ නම Pixels at an Exhibition. ඊට අමතරව මචෝ New York Times සඟරාවත් මේ යුධ වාර්තාකරණයේදී මේ සීන් කෝන් එකට අවස්ථාවක් දුන්නා. ඔන්න Mobile එකෙන් ගන්න photos වලට තැනක් ලැබෙන්න පටන් ගත්තා. Samsung වගේ සමාගමුත් තමන්ගේ Mobile වලට සුපිරි Camera එකතු කරන්න පටන් ගත්තා. කැමරාව Mobile එකේ අතිශය වැදගත් අංගයක් වෙද්දී Mobile Photography කියන විෂය ලෝකයට එකතු වුණා.
මේක විනෝදාංශ විදිහට ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා මචෝ. ඒත් අපේ රටේ නම් ගොඩක් දෙනෙක් තාමත් කරන්නේ හොඳම Camera Phone එකක් අරගෙන තමන්ගේම photo ගන්න එක. ඒ හැරෙන්න Phone එකේ කැමරාවෙන් නිර්මාණාත්මක ෆෝටෝ ගන්න උත්සාහ කරන අය බොහොම හරි අඩුයි. එහෙම උත්සාහ කළත් ඒ photo වල ප්‍රමිතියක් නෑ. කොලිටියක් නෑ කියලා තමයි පේන්න තියෙන්නේ. ඔන්න එහෙනම් Google එකේ search පාරක් දාලා Mobile Photography ගැන හොයලා බලන්නකෝ. ඔයාලගේ Mobile එකෙන් අද කොච්චර සුපිරියට Photo ගන්න පුළුවන්ද කියලා.
Mobile Photography අද ලෝකේ කොච්චර Trend වෙලා කියලා පැහැදිලි කරන්න අමාරු නෑ පැංචෝ. Social Media පැත්තට එබෙන්නකෝ. Facebook එකේ Mobile Photography සම්බන්ධව Pages වගේම Groups එහෙමත් ඕනෑ තරම් තියෙනවා. Instagram ගැන කතා කරනවා නම් Mobile Photography වලම වෙන්වුණ තැනක්. Mobile Photography වෙනුවෙන් වෙන ආම්පන්න Tripod වගේ දේවල් පවා සෑහෙන්න දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සුදා මේක ලෝක මට්ටමේ අති දැවැන්ත Y Trend කියන්න තවත් සාක්ෂි මොකටද ආ... සීන් කෝන් එක ආතල් නිසාම Mobile Photography කරන්න අයිඩියා එක ආවා නේ අපේ පැංචොන්ට. සරියානා කරච්චල්. අපි සමාන්‍යයෙන් Trend වලට අනුබල දෙනේ නෑනී. අවුලක් නෑ.
නිකන් ආතල් එකට වගේ phone එකෙන් ෆෝටෝ ගන්න ඔයාලට මේ Tips එකක් කියන්නම්. ඉතුරුවා Google දෙයියන්ගෙන් අහගන්නකෝ. ඔය ෆෝටෝ ගහනකොට ඉරි තුනක් ටික් Screen තියනවානේ. Grid lines, Goldan Line (3X3) කියලා තම ඒවලට කියන්නේ. ඉතින් මචෝ ඔයා ගහන ෆෝටෝ එල වැදගත්ම තැන් මේ Line කැපෙම තැන තියලා බලන්න කෝ මොකද වෙන්නේ කියලා. ඔන්න අපි උදාහරණ ෆෝටෝ ටිකකුත් දාලා තියෙනවා හරිය.
මේ සීන් එකටම අදාළයි Mobile Photo Edit App සීන් කෝන් එක. ඒක Storyය පස්සේ දවසක ලියන්නම් සුදෝ. ඔය phone එකෙන් විකාර කරනවාට වඩා මේ වගේ දේවල් අත්හදා බලපල්ලා. එතකොට ආතල් එකට අර්ථයකුත් ලැබෙයි සුන්දරා.
► Text - Nisal / Pic – Internet