2020 මාර්තු 14 වන සෙනසුරාදා

ප්‍රභාෂ්වර 2020

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ “ප්‍රභාෂ්වරී 2020” සාහිත්‍ය උළෙල පසුගියදා දෙහිවල ඇස්. ද. ඇස්. ජයසිංහ සමරු රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. වත්මන් විදුහල්පතිනි චම්පා මුතුනායක මහත්මිය ඇතුළු ගුරු මඩුල්ල මෙන්ම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේත්, පාසලේ සංවර්ධන සංගමයේත් ආශිර්වාදයෙන් පැවැත්වූ මේ උළෙලේදී පාසලේ සිසුවියන්ගේ රංගනය, ගායනය, නර්තනය අපූරුවට එළිදැක්වූ සොඳුරුතම දිනයක් වුණා.