2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

අනුරාධාගේ මනාපෙ

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279

මෙවර 5 Choice සඳහා සම්බන්ධ කරගත්තේ ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි අනුරාධා එදිරිසිංහ. මේ බක් මාසේ නිසා අපි අනුරාධාගෙන් ඇහුවේ අවුුරුදු කැවිලි අතරේ කන්න කැමතිම කැවිලි 5ක් ගැන. දන්නවද අනුරාධා කොණ්ඩ කැවුම් නම් ජීවිතේට කාලා නැහැලු. ඒ නිසා කොණ්ඩ කැවුම්වල රස දන්නෙත් නැහැනේ. හරි කොහොම වුණත්  අනුරාධාගේ මනාපේ නම් තියෙන්නේ මෙන්න මේ කැවිලිවලට.

01. මුං කැවුම්
 
මුං කැවුම්වලට තමා මම ගොඩක්ම ආස. හැබැයි ගොඩක්ම රසට අපේ ලොකු අම්මා තමා මුං කැවුම් හදන්නේ. ඉතින් මම අපේ ලොකු අම්මා හදන මුං කැවුම් කන්න තමා ආසා. ඒ නිසා මගේ පළමු කැමැත්ත මුං කැවුම් කිව්වොත් හරි 

02. පොල් කැවුම්
 
අපේ අම්මා තමා රසටම පොල් කැවුම් හදන්නේ. ඒවා ටිකක් අතිරස වගේ. ඒත් අතිරස හදනවට වඩා ටිකක් වෙනස්. මේවා හැබැයි කන්නේ අපේ අම්මා හැදුවම තමා. 

03. කොකිස්
 
මම ගොඩක්ම කැවිලි කන්නේ නෑ. නමුත් අපේ අම්මා සහ ලොකු අම්මා හදන කැවිලි නම් මම අාසාවෙන් කනවා. කොකිස් වුණත් රසටම හදන්නේ නම් අපේ ලොකු අම්මා තමයි.

04. ආස්මි
 
හ්ම්ම්.. හතර වැනි කැමැත්ත ආස්මිවලට. හැබැයි ආස්මිවලට නම් කැමති එකේ රසට මම ආසා නිසයි.

05. වැලි තලප
 
වැලි තලප සමහර අය මේවට සව් දොදොල් කියලත් කියනවා. මේවා නම් මම කන්නේ අපේ කිරි අම්මා හදන ඒවා. මොකද එයා ඒවා රසටම හදනවා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00