2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ආතල් ඩබල් සුදු මාත්තියෝ

2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:0057

වසංගතය මැද්දේ Y Trend ගැන පුංචි චැටක් දාන්න තමයි ලෑස්තිය. මා Bro ලා සන්තාපෙන් කියලා දන්නවා. ඒ වුණාට මක්ක කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි. හැබැයි සුදෝ මළගෙදරත් ආතල් ගන්න කාලයක් මේක. වසංගතය අස්සේ ගොඩක් දේවල් Trend වුණේ එහෙම. අපි අද කතා කරන්නේත් Covid-19 අස්සේ ලංකාවේ තාරුණ්‍යයේ සමහරැන්ගේ අවධානය දිනාගත්ත දෙයක් ගැන. මේක මුළු ලෝකේම ලොකු Trend එකක් වෙලා නම් ගොඩාක් කල්.

NETFLIX ඒ කියන්නේ මචෝ අද ලෝකයේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වන ටෙලිවිෂනයට නවමු ආර අහලා ඇති අපේ ගොඩක් දෙනා. මේක අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ටෙලිවිෂන් නාලිකාවක් කිව්වොත් නිවැරදියි. හැබැයි මචෝ අපි සාමාන්‍යයෙන් නරඹන ටෙලිවිෂන් නාලිකාවකට වඩා සීන්කෝන් එක වෙනස්. අන්තර් ජංජාලය හරහා ටෙලිධ්‍රාමා, ඩොකියුමන්ට්‍රි චිත්‍රපට බලන්ම තමා මේකේ සීන් එක. වැඩේට NETFLIX වෙබ් අඩවිය තුළ ගිණුමක් හදාගෙන මාසික සාමාජික ගාස්තුව එහෙමත් ගෙවන්න ඕනෑ. අලුත් Smart Phone වල Smart TV වල දැන් මේක App එකක් විදිහටම එනවා. නැත්නම් Download කරගන්න පුළුවන්.

ලෝකය පුරා මේක පට්ට පිස්සුවක් වෙලා තිබුණේ. හැබැයි ලංකාවේ මේ සීන් එක අපේ පැංචෝ එච්චරම සෙට් වුණේ නෑ. පොෂ් Line එකේ ඉන්න අය ටික දෙනෙක් NETFLIX ඒකේ TV Sirec එහෙම බැලුවා ටිකක් පොර සීන් එකක් දාල. ඒ වුණාට කොරොන්ටයි කාලේ මධ්‍යම පංතියේ සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝත් NETFLIX බලන්න සෙට් වුණා. දැන් මේක තියෙන්නේ Y Trending මූලික අවධියේ. තව ටික දවසක් යනකොට මේක ලංකාවේ පට්ටෙට පැතිරෙනවා. අනිවා ඩෙෆා. ඔන්න ඒ නිසාම තමා සුදු මාත්තියෝ අපි මේ සීන් කෝන් එක අපේ Y Trend එකෙන් ගලපන්න පටන් ගත්තේ.

පැංචෝ අපි දැන් NETFLIX ගැන සුදාලාගේ දැනගැනීම පිණිස ඩීටේල් ටික දෙන්නම්.

2016 දී තමා සීන් එක ලොවපුරා ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. අද වෙනකොට ලංකාවත් එක්ක ලෝකේ රටවල් 190ක කස්ටිය NETFLIX එකේ සාමාජිකයෝ. මේක සීන් එකේ ඉතිහාස කතාව අමුතුයි. 1997දී මාක් රැඩොල්ෆ් හා රීඩ් හේස්ටින්ග් කියන ඩයල් දෙක තමා මේකට අත ගහලා තියෙන්නේ. ඒ කාලේ මේක ඇමෙරිකාව තුළ මාර්ගගත ලෙස චිත්‍රපට කුලියට (Online movie rental system) දෙන ආයතනයක්. ඒත් අද NETFLIX කියන්නේ ඩොලර් බිලියන 15.79ක් විතර වාර්ෂික ආදායමක් තියන ආයතනයක්. තව දෙයක් NETFLIX ප්‍රධාන මූලස්ථානය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ගැටෝස්වල.

සුදෝ මේ සීන් ඒකේ බරපතල බව ලංකාවේ අපිට තමා එච්චර ගෝචර නෑ හරිය. ඒ වුණාට සුදාල අහලා තියන ලොකේ පට්ට ජනප්‍රිය HBO, BBC, Fox වගේ රූපවාහිනී නාලිකාවලට NETFLIX කියන්නේ පට්ට අභියෝගයක්. කොටින්ම කියනවා නම් 2017 වසර වෙනකොටම ඇමරිකාවේ Cable TV පරිශීලකයන් සංඛ්‍යාව වඩා NETFLIX පාවිච්චි කරන අය වැඩිවෙලා. සම්ප්‍රදායික රූපවාහිනී නැරඹීමේ ක්‍රමය මේ සීන් කොන් එක නිසා ලෝකේ සෑහෙන්න අඩුවෙලා. පහුගිය සමයේ ලෝකේ ගොඩක් දෙනා NETFLIX සාමාජිකයෝ වෙන එක පට්ට රැල්ලක් වෙලා තියෙනවා මචෝ. මොකද කොරොන්ටයි නිසා කස්ටිය හිටියේ ගෙදරනී.

තාක්ෂණය පැත්තෙන් ගත්තොත් මේක Video On Demand (VOD) කියන සේවාවක්.  VOD ඒ කියන්නේ විකාශනය වෙන වෙලාව පිළිබඳ කිසිම ගැටලුවකින් තොරව තමන්ට ඕනෑම කැමතිම Films, TV Series, Programs බලන්න පුළුවන් තාක්ෂණික සේවාවක්. මේ සීන් එක ජනප්‍රිය වෙන්න හේතුව තමා මේ තාක්ෂණය. මේකයි සුදෝ අපි හැමෝටම තියෙන්නේ එක එක ජාතියේ රසවින්දනයන්නේ. පොඩ්ඩක් ගෙදර කට්ටිය ගැන කල්පනා කරලා බලන්න කෝ. ඒ නිසා සම්ප්‍රදායික රූපවාහිනිය අද වෙනකොට පවුලකට ප්‍රමාණවත් නැති වෙලා. අනේ කාලේ වනේ වාසේ කියලා කියැවෙනවා තමා මචෝ. ඒ වුණාට ඕක තමා තත්ත්වේ.

ඔන්න අපි හිතමු සුදාලට Netflix accounts තියෙනවා කියලා. ඒක ඇතුලේ User profiles හදන්න පුළුවන්. ඒ ඒ User profile වලින් පවුලේ ඒ ඒ අයගේ රසවිඳින්න විත්‍රපටි සහ නට්‍ය My List විදිහට හදාගෙන බලන්න පුළුවන්. මේ හරහා තමන්ගේ පෞද්ගලික රුචිකත්වයට අදාළව වැඩේ සිද්ධවෙනවා. ඉතින් මචෝ Netflix පට්ට ජනප්‍රිය වෙන්න හේතුවත් මේක තමා. මේක සීන් එක මුල් මාසේ නොමිලේ බලලා අයින් වෙන්න පුළුවන්. හැබැයි මචෝ ඇබ්බැහි වෙන සුළුයි.

මෙන්න මෙතැනදී තමයි මේකේ ටික නරක පැත්තක් පේන්නේ. Credit Card අංකය භාවිතා කරලා තමා Account එක හදන්න ඕනෑ. ඇමරිකානු ඩොලර් ගෙවන්නේ. ඩොලර් අටේ ඉඳන් ඉහළට ඇති පැකේජ තිබෙනවා. ලබාගන්නට පුළුවනි. ණයවෙලා ටීවී බාලා කෙළවෙලා යන එක ලෝකයේ දැන පට්ට Trend එකක් මචෝ. අපේ ලංකාවේ සමහරැ තමා කොරන්ටයිම් අස්සේ මුල් මාසේ Netflix Free බලනවා තාම. අපි ඔයාලා ගැන හොලා බලනවා හරිය.

තව අවුල් කිහිපයක් තියෙනවා මේ සීන් එකේ. එකක් තමා එක එක රටවලට පේන්න විදිහ වෙනස් වෙන එක. උදාහරණයක් විදියට ඇමරිකාවේ අයට බලන්න පුළුවන් සමහර දේවල් අපිට බලන්න බෑ. හැබැයි පුතෝ ගාණ කැපෙනවා. අනික තමා Data කචල්. අවශ්‍ය අන්තර්ජාල වේගය ගැන ප්‍රශ්නය එහෙමත් තියෙනවා. තව එකක් පැරැණි චිත්‍රපට හෝ මාලා නාටක පූර්ව දැනුම්දීමකින් තොරව ඉවත්කිරීමට Netflix කටයුතු කිරීම. මේ වගේ දේ අඩුපාඩු කොච්චර තිබ්බත් Netflix කියන්නේ පට්ට පිස්සුවක් වෙලා ලෝකය වටේ. ආතල් දෙයක් VOD සහ Streaming සේවාවන් සපයන ආයතන තව ඉතා විශාල සංඛ්‍යාවක් ලෝකය පුරා තිබෙනවා. Acron TV, Sling TV, Hulu, Amazon Prime, Cloudload වගේ ඒවා තමා උදාහරණ. ඒවා ගැනත් හොයාලා බලන්න.

අවසානයේ මා සුදාලාට කියන්න තියෙන්නේ මෙච්චරයි. තාම අපේ අය ඉන්නේ ආරම්භ අවධියේ. වැඩි කාලයක් නොගිහින් සිරිලංකාවේත් රැල්ල පටන් ගනියි. සීන් කෝන් එක අපි මුලින්ම ගැලපුවේ රැල්ලේ ගහගෙන යන්න කියන්න නෙවෙයි රැල්ල එක්ක පීනන්න පුරුදු වෙන්න කියන්න. ඉතින් සුදෝ ගිහින් එන්නම්. ආයේ ලබන සතියේ ආ.... බායි...