මව් පදවියට පත්වෙනවා කියන හැඟීම සෑම කාන්තාවකටම ආඩම්බරයට කාරණයක්. මාතෘත්වයේ සැප සම්පත් අහිමි කරගන්න කිසිම කාන්තාවක් කැමති වෙන්නේ නැහැ. හැබැයි දරුවෙක් බිහිකළ පමණින් මව්වත් ගුණ නැති ගැහැණුන් සැබෑ අම්මාවරුන් වෙන්නෙත් නැහැ. බොලිවුඩ්වල නිළියන් වන කරීනා කපූර් ඛාන්, ඵෙශ්වර්යා රායී බච්චන්, සහ මලයිකා අරෝරා වැනි නිළියන්ද ඔවුන්ගේ පිළිසිඳ ගැනීම ගැන බොහෝ සේ සතුට භුක්ති විඳි කාන්තාවන්. දරුවන් බිහි කළ අනතුරුවත් ඔවුන් තමන්ගේ රුවෙහි ලස්සන අදටත් වෙනස් නොවී තියා ගන්නවා. අද අපි ඔයාට ඒ වගේ බොලිවුඩ් නිළියන් 07 දෙනෙක් ගැන කියනවා.
බොලිවුඩ්වල වඩාත්ම දක්ෂ සහ රූමත් නිළියක් වන කරීනා කපූර් ඛාන්ගේ නම මේ ලැයිස්තුවේ ඉහළින්ම තියෙනවා. ගර්භනී සමය පසුකරලා දරු පැටියෙකුට මෙලොවට ජන්ම ලාභය දීලා හැම කාන්තාවක්ම වගේ තමන්ගේ රූමත්කම ගැන නැවත අවධානය යොමුකරනවා. 2016දී කරීනා තයිමූර්ව බිහි කළ අතර, තම පුතුගේ උපතෙන් ටික කලකට පසු කරීනා ඇගේ රුව කෙරෙහි අවධානය යොමුකිරීමට පටන් ගත්තා. දරු ප‍්‍රසූතියෙන් දින 45කට පසුව කරීනා ලක්මි විලාසිතා සතිය තුළ රෑම්ප් එකට සහභාගී වුණා. ඊට පස්සේ මාස කීපයක් අතරතුර කරීනා තමන්ගේ බර අඩුකරගෙන හැමෝම පුදුමයට පත් කළා. තයිමූර්ගේ උපතෙන් මාස 5කට පසු කරීනාට කිලෝග‍්‍රෑම් 12ක් අඩු කරගන්න හැකිවෙනවා. අද වනවිට පවා ඇය බොලිවුඩයේ සරාගී සහ සුන්දර නිළියන් අතර ඉහළින්ම නම සටහන් කරගන්නවා.
ලෝක රූ රැජනක් වුණු ඵෙශ්වර්යා රායි බච්චන්ගේ ගර්භනී සමය තුළ විශාල ලෙසින් බර වැඩිවෙලා තියෙනවා. ඒ නිසාම ඇය මාධ්‍ය ඉදිරියට පවා ආවේ නැහැ. ඒත් දියණිය ආරාධ්‍යාගේ උපතෙන් පසු තමන්ගේ බර අඩුකර ගැනීම ඇය ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. එයට හේතුව වශයෙන් ඇය කියලා තියෙන්නේ තමන්ගේ දියණියට මව්කිරි දීමට අවශ්‍ය බැවින් තමන්ගෙ අබර අඩුකර ගැනීමේ අදහසක් තමන්ට නැති බවයි. දියණිය ඉපදී වසර කිහිපයකට පසු නැවතත් ඇය මාධ්‍ය ඉදිරියට පැමිණියේ පෙරටත් වඩා රූ සපුව සුන්දර කරගෙනයි.
සිනමා ලෝකයේ ශිල්පා ශෙට්ටි ඇගේ රුව නිසාම වඩා ආකර්ෂණයක් දිනාගත් නිළියක් බව නොරහසක්. ශිල්පාට නිතරම තිබුණේ ඉතා සිහින් හැඩකාර සිරුරක් කියල එක අපි කියන්න අවශ්‍ය නැහැනේ.
ගර්භණී සමය තුළ ඇයත් තරබාරුවෙලා ඇයගෙත් බර වැඩි වුණත් ශිල්පා නිරෑපිකාවක් විදියට කටයුතු කරන්න පටන් ගත්තේ අයගේ පුතා විවාන්ගේ උපතින් ටික කලකට පසුවයි. දිනපතා යෝග අභ්‍යාසවල නිරත වීමෙන් ශිල්පා කොච්චර බර අඩු කරගත්තද කියනවනම් ඇයව දකින හැමෝම ඇය පුදුමයට පත් කළා. මොකද ඇය කිලෝග‍්‍රෑම් 21ක් අඩුකරගෙන ඇයගේ පෙර පැවති හැඩකාර සිරුරම ඇය හිමි කරගන්නවා.
ඩස්කි බියුටි ලෙස හැඳින්වෙන කාජල් බොලිවුඩයේ ඉන්න ඉතාම හැඩකාර නිළියක්. කාජල්ට කිසිවිටෙක සිහින සිරුරක් නොතිබුණු අතර ඇය මහත්වෙලා බර වැඩිවීම ගැන කවුරු මොනවා කිව්වත් ඇය නෙවෙයි ඒවා කනකටවත් ගත්තේ. දරු දෙදෙනෙක් බිහි කිරීමෙන් අනතුරුව ඇය ගොඩක් තරබාරුවෙලා බරත් නොසෑහෙන්න වැඩිවෙලා තිබුණා. ඒත් දරු ප‍්‍රසූතියෙන් කාලයකට පසුව සමාජ මාධ්‍යවල ඇයගේ ඡායාරෑප හුවමාරුවෙන්න පටන් ගත් අතර ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් යැයි කීමටවත් ඒවා දකින අයට නොහැකි වන පරිදි ඇය තමන්ගේ රුව හැඩකරගෙන තියෙනවා.
ගර්භනීයක් වීමට කලින් ලාරා දත්තා ලස්සන හැඩකාරියක් වගේම හුරුබුහුටි හිනාවකටත් උරුමකම් තිබුණු කෙනෙක්නේ. ගර්භණී සමයේදී කිසිදු පාලනයකින් තොරව ඇය තමන්ගේ සිරුරේ බර වැඩිවෙන්න ඉඩ දුන්නු අයෙක්. සිරුරෙ බර වැඩි වෙන්න දුන්නත් ඇය තමන්ගේ මනසේ බර නම් වැඩිවෙන්න ඉඩ නොදී දරු ප‍්‍රසූතියක් සඳහා සූදානම්වෙනවා කියන එක ජීවිතයේ කොටසක් විදියට අය භාරගත්තා. ඒත් දරුවා බිහි කිරීමෙන් අනතුරුව ඇය ඉතාම ඉක්මනින්ම සිරුරේ බර අඩු කරගෙන සිහින් පෙනුමක් ලබාගෙන තියෙනවා. ලාරාට දැනට පාසල් යන කාලයේ පෙනුමක් නැති වුණත් ඇයට මේ වෙද්දී පෙරටත් වඩා හැඩකාර පෙනුමක් ලැබිලා තියෙනවා.
රිටේෂ් දේශ්මුඛ්ගේ හදවත සොරකම් කළ හුරුබුහුටි කෙල්ල මතකද අමතක කරන්න පුළුවන්? දරුවන් දෙනෙකුගේ මවක් වන ජෙනේලියා තවමත් පෙර තිබූ මෙන් සිහින් සිරුරකට උරුමකම් කියන්නියක්. ගර්භණී සමයේ ඇයගේ බර වැඩි වුණත් වැඩි කාලයක් යාමට මත්තෙන් ඇය ඇයගේ සිරුර පෙර මෙන් හැඩකරගන්න සමත් වෙනවා. සමාජ මාධ්‍යවල පැතිරී තියෙන ඇයගේ ඡායාරූප දැක්කම ඒක ඔබටම සාක්ෂාත් කර ගැනීමට පුළුවන් වෙනවා.
බොලිවුඩ්වල සරාගී නිළියන් අතර ඉහළින්ම නම රඳවාගෙන ඉන්න මලයිකා අරෝරා තමන්ගේ ගර්භණී සමය සැලසුම කළ කෙනෙක්. ඇය ඇයගේ පුතුව බිහි කිරීමෙන් අනතුරුව තමන්ගෙ සිරුර හැඩකර කරගෙන අදටත් ක්ෂේත‍්‍රයේ ඉහළින්ම නිරෑපිකාවක් වගේම නිළියක් විදියට කටයුතු කරනවා. වයස අවුරුදු 46ක් වුණත් මලයිකා අදටත් යෞවනියක් වගේ සිරුර හැඩට තියාගෙන ඉන්නවා.