2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

සයිබරේ හැමතැනම ඒ Group... මේ Group...

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

මචෝ ලෝකේ සිද්ධවෙන ඕනෑම සීන් කෝන් එකට හැඩගැහෙන්න මිනිස්සුන්ට තියෙන්නේ පට්ට හැකියාවක්. ලෝක ඉතිහාසේ සර්ච් පාරක් දාලා බලනකොට ඒ කාලේ වෙච්ච දේවල් හැටියට මිනිස්සු කියන ජාතිය වඳවෙලා නොගියේ ඒ නිසා. පොඩ්ඩක් හිතලා බලපල්ලාකෝ. ශරී ශරී සුදෝ සමාජ විද්‍යාව පාඩමක් නෙවෙයි. අදත් දෙන්න යන්නේ Y Trend එකක්. හැබැයි අපි අර වගේ තැනකින් Story ගලපන්න ගත්තේ මේ Trend ඒ සීන් කෝන් එකට අදාළ නිසා. මේ කොරෝනා කාලේ Trend එකක් ගැන.

මේක Group Call ගැන වගේම WhatsApp, Imo, Viber, Messenger Groups Internet Chat Room ගැන කතාවක්. ඔන්න අපේ මචාලා හිතයි අයියෝ ඕවා ඇවිල්ලා දැන් කොච්චර කල්ද කියලා. ඒක නෙවෙයි සීන් එක. මේ අවුරුද්දේ තමා මේ නූතන සන්නිවේදන ක්‍රම උපාය භාවිතයේ උච්චතම අවස්ථාවට මානව වර්ගයා ළඟා වුණේ. ආව් ඩඩා ඩඩ්ඩ ඩඩා ඒක ටික සැර වැඩිද මන්දා. හැබැයි ඒක ඇත්ත. හේතුව Covid-19 වසංගතය.

මිනිස්සු කියන්නේ හරිම සාමාජශීලී සත්ත්ව වර්ගයක්. අපිට තනිවෙලා ඉන්න බෑ. ඒත් ලෝක ඉතිහාසයේ කවදාවත් නොවුණු විදිහට මේ අවුරුද්දේ මිනිස්සු හුදකලා වුණා. තනිවුණා. අන්න එතකොට තමා මේ සයිබර් අවකාශයේ නිර්මාණය වුණ Group නැතිනම් සමූහ Y Trend එක් වුණේ. මචෝ Social Media වලට කවුරු බැන්නත් ඔය සහභාගීත්ව මාධ්‍ය භාවිතාව ලෝකයේ මේ වෙලාවේ නොතිබුණා නම් මිනිස්සුන්ගේ ජීවිතයේ මීට වඩා අවදානම ඉහළ යනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ මිනිස්සු ඒ කාලේට ගැලපෙන්න අනුවර්තනය වෙන්න දක්ෂයි කියලා.

සුදෝ ඔන්න අපි දැන් සීන් එකට Live එන්න යන්නේ. ආරම්භය සීරියස් වුණාට අවුල් ගන්න එපා පැංචො. ඔන්න දැන් Modern Family එකක් ගමුකෝ. ඔන්න ඒ පවුලේ ඉන්නවා ඉස්කෝලේ යන පුංචෙක්. ඒ චූටියත් මේ සීන් එක අදාළයි. අම්මිගේ තාත්තිගේ පෝන් එකේ පොඩ්ඩටම අදාළ Group තියෙනවා. School එකේ Class Teacher හදපු WhatsApp Group එක. ඒකෙන් තමා පංතියේ ගෙදර වැඩටික හුවමාරු වෙන්නේ. එතකොට මේ පොඩ්ඩා නිසා අතිරේකව හැදෙන්න පුළුවන් Group මොනවාද බලමු. පොඩ්ඩගේ පන්තියේ හිතවත් මව්පියෝ කිහිපදෙනෙක් එකතුවෙලා හදාගන්න Group එකක්. ළමයාගේ අවශ්‍යතාවලට අතිරේකව ඕපදූප ගුරුවරුන්ගේ, සමහර මාපියන්ගේ අඩුපාඩු එහෙම මේකේ කතා වෙනවා.

ඔන්න මේ ගෙදර ඉන්නවා තරුණ වයසේ කෙනෙක්. එයා තමා Group සීන් එකේ උපරිමයේ ඉන්නේ. මචෝ මේක සංකීර්ණ Subtitles එකක්. විස්තර ටික line කරනවා සුදාලා මවා ගන්නකෝ. හොඳම යාළුවො කිහිපදෙනාගේ Group එක. ඒක තමා පට්ට. ගන්නවා මේ දවස්වල Video Call එහෙම සැරට. පැය ගණනක් චැට් දාන්නේ. සීන් එකේ වැඩිපුර ඉන්නේ Girls ලා තමා. වැඩිය හිතන්න එපා. ඒ එයාලගේ හැටි. ගල් යුගයේ ඉඳන් එන සීන් එක. ඔන්න අතුරු කතාවක් මතක් වුණා. ඒ කාලේ ගල් යුගයේ පුරුෂයන් දඩයමේ ගිහින් එනකල් කාන්තාවන් එක්ව කතාබහ කරමින් කල් ගෙව්වලූ. ඒ නිසා ඔය...

සොරි වේවා කතාවෙන් පිට ගියා. කාන්තා පාර්ශ්වය කුපිත වුණොත් යන්න වෙන්නේ පස් යට. හොඳ යාළුවෝ අතරේ හොඳම යාළුවෝ තෝරාගෙන එකෙක් දෙන්නෙක් හලලා හදපු group තියෙනවා. හරිය. එව්වා රහස් ඒවා. ප්‍රධාන group වල කතාවෙන්න බැරි දේවල් ඒවායේ කතාවෙනවා. දෙකේම එකපාරට Chat එක යන්න පුළුවන්. අතුරු කතා හොර රහසේ. ලෝකේ සයිබර් වුණා. මිනිස්සු තමා මචෝ මිනිස්සු.

පරණ Group සක්‍රිය වීම කියන්නේ පැංචෝ මේ දවස්වල හරිම  Simple  සීන් එකක්. AL Class එකේ සෙට් එක හඳුනාගෙන Group එකක් ඔන්න Active වෙලා. පරණ සුදාලා කරළියට ඇවිල්ලා. යාළු මාළුවෝ කාලෙකින් සෙට් වෙලා. අනම් මනම් විස්තර කෝටියයි. සමහරු ලොකු line දෙනවා. සමහරු ආතල් දෙනවා. තවත් උන් ඇල් වතුර වගේ ඉන්නවට ඉන්නවා. ඒ අස්සේ ඉස්කෝලේ කාලේ හ්ම්ම් නොකියපු එකෙක් ඇවිත් Private Chat එකට Hi කියලා. ඒ අස්සේ හොඳම යාළුවෝ ආයේ එනවා ජීවිතේට. ඔන්න මචෝ පරණ ක්‍රෂ් ලව් සීන් එහෙමත් හීනියට පත්තු වෙනවා.

එතකොට මචෝ කාලයේ වැළලී ගිය Group මළවුන්ගෙන් අවදිවීම කියන්නේ වෙනම කතාවක්. ඉස්සර කරපු කෝස් එකක හිටපු සෙට් එකක්. ටියුෂන් ක්ලාස් එකක හිටපු සෙට් එකක් තමා මෙහෙම මළවුන්ගෙන් අවදි වෙන්නේ. හැබැයි ගින්නට මුල පුරන්නේ ගොඩක් වෙලාවට නිහතමානී ආතල්කාරයෙක්. හැබැයි කට්ටිය ඇවිලේ එක පොඩියේ. කොහොම වුණත් මේ වගේ group වල සිද්ධවෙන අවදිවීම් මචෝ වැඩි කාලයක් අල්ලා හිටින්නේ නෑ. ඒත් ඉතින් මිනිස්සුගේ හැටි තමා මචෝ.
Education Group කියන්නේ මේ Y Trend වෙනම කතා කරන්න ඕනෑ පැත්තක්. මුළු ලෝකෙම උසස් අධ්‍යාපන පවතින වසංගත තත්ත්වය මත Education Group නිර්මාණය කරගෙන කරන සයිබර් අධ්‍යාපනයට යොමුවෙලා. ඔය Zoom වගේ භාවිතයන් ගැන අපි වෙන වෙලාවක කතාකරමු මචෝ. සයිබර Group ගැන බැලුවොත් ඒ Subject එකෙන් එකට වෙන වෙනම Group තියනවා. මේ දවස්වල ගුරුවරු සහ සිසුන් අතර සන්නිවේදන සිදුවෙන්නේ මේ හරහා. සටහන්වල ඉඳලා ගොඩක් දේවල් මේ හරහා හුවමාරු වෙනවා. අධ්‍යාපනික ගත්තාම මේක ඉතාම වටින ක්‍රමවේදයක් මචෝ. Covid-19 අභියෝග ජයගන්න අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ TREND එක මහෝපකාරී වෙලා ඔන්න.

මේ වගේ එක GROUP වර්ග ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ආ Family Group කියන්නේත් පට්ට සීන් එකක්. සමහර Family මේ සීන් එකේ ඉන්නවා ඥාති වර්ගයා Group එකට දාගෙන මෙයාලා ගන්නේ මාර ආතල් එකක්. අම්මා තාත්තා නැන්දා මාමා නෑනා මස්සිනා අක්කා අයියා නංගි මාල්ලි මේ Group එකේ ඉන්නවා. එක එක දේවල් මේ Group එකේ හුවමාරු වෙනවා. ලංකාවේ නම් මුස්ලිම් සහෝදරයා සහෝදරියෝ තමා Family Group සීන් එකේ සැරටම ඉන්නේ. කොහොම වුණත් සුදු පුතේ. මේ Group වලත් ඊර්ෂ්‍යාව වෛරය කුහකකම වගේ දේවල් අඩු නෑ. ඒවගේ හිතවත් අහිතවත් බෙදීම් එක්ක අතුරු Group නිර්මාණය වීමත් Family Group වල දැකගන්න පුළුවන්.

ඔන්න මචෝ මේවා තමා Group ගැන කතා. තව ඉතින් එක එක අවශ්‍යතාවලට හදාගත්තු දැවැන්ත Group තියෙනවා හොඳ වගේම නරක දේවලුත් හුවමාරු වෙනවා. ඒවායේ නම් ඉන්නේ දහස් ගණන් අය ඉන්නවා. ඒවත් මේ කාලේ ගොඩක් සක්‍රීයයි. ඔන්න මේ Trend එක ගැන අපේ පැංචො පැංචියොන්ට හොයලා බලන්න හැකියාවක් තියෙනවා. තවත් අලුත් තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි. අත්දැකීම් එහෙමත් ඇතිනේ. ආ අපි දන්නවා හරි. ඔන්න සුදෝ අපි අද සීන් එකෙන් Exit වෙන්න යන්නේ.

අවසාන වශයෙන් කියන්නේ ලෝකේ අනුව මිනිස්සු වෙනස් වුණත් මිනිස්සුන්ගේ ගති ස්වභාවයෙන් වෙනස් වෙන්නේ නෑ. ඒවා සදාකාලිකයි. එදා ළිඳ ළඟ සංගමයේ, කඩපිලේ සිද්ධ වෙච්ච දේවල් අද සයිබර් අවකාශයේ සිද්ධ වෙනවා. මහා ලොකුවට පෙනුණත් දියුණුයි වගේ පෙනුණත් හරය එකයි. ඔන්නා සුදෝ මේක මතක තියාගන්න. ඕනම දෙයක වටිනාකම හොඳ නරක තීරණය වෙන්නේ අපි ඒක පාවිච්චි කරන විදිහට. ඒක තමා ලෝකේ හැටි.

ටටා බායි... ලබන සතියේ හම්බවෙමු.. !