මේ සති අන්තයේ My pet ගැන කතා කරන්න අපි සමඟ එකතු වෙන්නේ අපි කවුරුත් දන්නා රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක් වන කනිෂ්ක ප්‍රසාද් (දෙවැනි ඉනිමේ චබී)
ඔබ සුරතලයට ඇති කරන්නේ මොන වගේ සතුන්ද?
බල්ලෝ විතරයි.
ඇයි ඔබ බල්ලෝ විතරක් ඇති කරන්න කැමති?
මගේ හිත කැමතිම දේ බල්ලෝ.
අනික් සත්තුන්ට එහෙම කැමැත්තක් නැද්ද?
අනික් සත්තුන්ට කැමැති දකින්න විතරයි. ඇති කරන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ. බල්ලොන්ට වැඩි ළැදිකමක් දක්වනවා.
මේ වෙනකොට ඔබ ළඟ සතුන් කීයක් පමණ ඉන්නවාද?
දැන්නම් ඉන්නේ 1යි. මීට කලිනුත් එක්කෙනෙක් හිටියා. ඒ දවස්වල තිබුණ කාර්යබහුලත්වයත් එක්ක තනියම බල්ලෙක් හදන්න බෑ. ඒ නිසා එයාව වෙන කෙනෙක්ට දුන්නා හදන්න. දැන් එක්කෙනා නම් ගෙදරම ඉන්නවා.
ඔබගේ මේ ආදරණීය හිතවතා ඔබට මුණගැසුණු විදිහ කිව්වොත්?
මුදලක් වියදම් කරලා තමයි ගත්තේ.
බල්ලාගේ වතගොත කිව්වොත්?
එයා රොට්වයලට් ගැහැනු සතෙක්. මෙයා හරිම අහංකාර බැල්ලියක්. මුරණ්ඩුයි. කාටවත් අවනත නෑ. නමුත් අපේ පවුලේ සාමාජිකයන්ට ගොඩාක් ළැදිව හැදුණා. අනිත් බල්ලොන්ව හුරතල් කරනවාට කැමැති නෑ. අපි වෙන බල්ලෙක්ට කතා කළත් එයාට කේන්ති යනවා. උඩ පනිනවා. කෑ ගහනවා. එක විකාරයයි. එයාට කෑම දෙන විදිහට හරිම කැමතියි. හේතුව එයාට ඕනේ බත බෙරි කරලා... පීකුදු පොඩි කරලා. පොඩි කාලේ දුන්නු විදිහටමයි. පැටවුන්ට දෙන විදිහට. කිරියි පානුයි කන්න විශේෂයෙන් කැමතියි.
සාමාන්‍යයෙන් ඔබ හොඳ පැලැන්තියේ බල්ලෝ විතරද ඇති කරන්නේ?
හැමෝටම වගේ කැමතියි. ඒ වුණාට හුඟක් කැමති ලොකු පෞරුෂයක් තියෙන ලොකුවට හැදෙන විශාල මස්පිඬු තිබෙන.... අන්න ඒ වගේ බල්ලොන්ට ටිකක් වැඩිපුර ප්‍රිය කරනවා.
කණිෂ්ක... අපි කැමතියි දැනගන්න එයාගේ සුරතල් නාමය.
එයාගේ නම (Shadow) ෂැඩෝ....
විශේෂත්වයක් තියෙනවාද ඒ නම දාන්න?
විශේෂත්වයක් නෑ. Google එකේ Search කරලා බැලුවා Female රොට් වයලට්ලාට දාන්න පුළුවන් නම් මොනවද කියලා. ඒ අතරින් හැදුනු නමක් තමයි මේ. මුළු ඇඟේම තනි කළුනේ තියෙන්නේ. ඇත්තම කිව්වොත් එයාව කළුවරේ පේන්නේ නෑ. හැබැයි එයා ඉන්නේ ඇලට් එකේ.
මෙයා කරන නරක පුරුදු මොනවාද?
අහුවෙන දේ වටිනාකම බලන්නේ නැතිව කෑලි කෑලිවලට කාලා දාන එක... මගේ අලුත්ම සෙරෙප්පු පවා විනාශ කරලා තියෙනවා. ඒ වගේම මගේ කාර් එකේ පිටිපස්සේ රෝදේ ගාව තමයි මම සාමාන්‍යයෙන් එයාව ගැටගහන්නේ. එයා පාත්වෙලා කීකරුව ඉන්නවා එතනට වෙලා. බැලින්නම් කරලා තියෙන්නේ මගේ කාර් එකේ මඩ්ගාඩ් එක කාලා දැමීම.
එයාගේ උපන්දින සැමරුම් එහෙම කරලා තියෙනවාද?
එහෙම අත්දැකීමක් නම් නෑ. හැබැයි එයාගේ බර්ත් ඩේ එක දවසට විශේෂ Treat නම් දීලා තියෙනවා. කීල්ස් වල හරි ෆුඩ් සිටි වල තියෙන Dog Treat ගෙනැල්ලා දීලා තියෙනවා. එදා දවසම තනිකරම මස්ම තමයි.
කාර්යබහුලත්වයත් සමඟ මෙයාට වැඩි අවධානයක් දෙන්න පුළුවන්ද?
ඇත්තටම නෑ. මෙයා ගැන වැඩිපුර බැලුවේ මගේ අම්මයි, තාත්තයි එයාගේ හුරතල් දකින්න මට ලැබුණේ නෑ.
කණිෂ්කට මෙයාව බලාගන්න ගෙදරින් ලැබෙන සහයෝගය?
මුලදී අපේ අම්මා බල්ලන්ට කැමැති නෑ. බයයි. ටික දවසක් යද්දි එයාම කෑම දෙන්න පටන් අරන් එයාත් එක්ක යාළු වුණා. හැබැයි දැන්නම් අම්මා කෑම කන්නෙත් නෑ බල්ලා කෑම කෑවේ නැත්නම්.
දවසක විවාහ වෙන කෙනා මෙයාට අකමැති වුණොත්? මෙයාව දාලා යනවද?
කවදාවත් නෑ. අනිවාර්යයෙන් මම විවාහ වෙන කෙනා බල්ලන්ට ආදරය කරන කෙනෙක් වෙන්නට ඕනේ. මොකද තිරිසන් සත්තු කියන්නේ එයාලට ඕනේ කරන දේවල් කටින් කියලා ඉල්ලන්න බැරි කට්ටිය. අනික මම පොඩි කාලේ ඉඳන් කන්න බොන්න දීලා හදපු නිසා එයා මාත් එක්කම ඉන්න ඕනේ. ඒක නිසා මම විවාහ වෙන කෙනා අනිවාර්යයෙන්ම බල්ලන්ට ආදරය කරන්නම ඕනේ.
ඔබ අහලා දැකලා ඇති සමහර මිනිස්සු සතුන්ව බෝ වීම නවත්තන්න සැත්කම් කරනවා. ඒ ගැන ඔබේ අදහස කියන්නකෝ අපට?
මෙහෙමයි ඔතන තව ප්‍රශ්නයක් වෙනවා. බල්ලෝ හරි ඕනේ වර්ගයක සත්තු පැටව් ගහලා ගහලා කන්න බොන්න නැතිව කුලෑටි වෙලා අසනීප වෙලා විඳවලා මැරෙනවානේ. එහෙම නොවි එයාලව බලාගන්න කවුරුන් හරි ඉන්නාවා නම් එයාලා පැටව් ගැහුවට ප්‍රශ්නයක් නෑ. එහෙම නැතිව පාරවල් වල බැල්ලියෝ පැටව් ගහලා වාහනවලට යටවෙලා කන්න බොන්න නැතිව මැරිලා යනවා නම් මේ විදිහේ ක්‍රියා කරන එක හොඳයි.
ඔබ වගේ සුරතලුන් හදන හෝ හදන්න ඉන්න අයට ඔබට කියන්න යමක් තියෙනවාද?
බල්ලෙක් හෝ ඕනෑම සතෙක් හදන්න ඉන්නවා නම් හෝ හදනවා නම් එයාලට දෙන්න පුළුවන් උපරිම සැප දීලා හදන්න ඕනේ. නිකරුණේ අකාලේ මැරෙන්න ඉඩ ඇරලා හදනවා නම් කිසිම සතෙක් හදන්න එපා. බල්ලෙක් වගේ සතෙක් උපරිම ජීවත්වෙන්නේ අවු. 12-15 වගේ කෙටි කාලයක්. ඒත් මිනිස්සු අවුරුදු 80ක් වගේ ජීවත් වෙනවා. හැබැයි තිරිසන් සත්තු දන්නේ නෑ එයාලා මැරෙනවා කියලා. ඒ පාපෙටම තමා එයාලා ලබන ආත්මවලත් සතෙක් වෙලා ඉපදෙන්නේ. බුදුරාජණන් වහන්සේත් කියලා තියෙනවානේ මිනිසුන්ට විතරයි මරණය අවබෝධ කරගන්න පුළුවන් කියලා. අනිත් කිසිම සතෙකුට අවබෝධ කරගන්න බෑ. ඒ වගේම අපිට මිනිසත් බව ලැබිලා තියෙන්නේ අපි ගොඩක් පින්කරපු නිසා. ඒක නිසා ලැබුණු පින නැති කරගන්න එපා. සතෙක් අරගෙන වයසට ගියාම එයා ගැන බලන්නේ නැතිව කන්න බොන්න නොදී මැරෙන්න ඇරලා දාලා යනවා නම් කිසිම දවසක සත්තු හදන්න එපා කියන එකයි මට සත්තුන් හදන්න ඉන්න අයට සහ හදන අයට කියන්න තියෙන්නේ.