මේ දවස්වල ගොඩක් අපේ ෆ්රෙන්තොන්ට කෝවිඩ් නිසා ලයිෆ් එක බෝරින්. කස්ටිය ගෙදරට වෙලා ඉන්නවා දුක ශෝකය හිතේ දරන්. කනවා බොනවා නිදාගන්නවා සයිබර් ලෝකේ සැරිසරණවා. අායේම ඒකම කරනවා. ඉතින් ආතල් නම් වානා. හැබැයි සුදෝ කට්ටිය අමුතු අමුතු ආතල් හොයනවා මේ කාලේ. වෙන මොකටවත් නෙවෙයි මචෝ පාළු කපන්න. ඔන්න අද අපේ Y Trend එක එහෙම සීන් කෝන් එකක් ගැන.
නිරෝධායනයට Cookery උණ කියන්නෙ වසංගත කාලේ පැතිරිලා අයන සුන්දර උණක්. ගෙදර මුළුතැන්ගෙය පැත්තේ නිකමටවත් නොගිය අය මේ දවස්වල චෙප්ලා වෙලා ඕං. සුදෝ මේවා තමා ආතල්. රට වටේම හතු පිපෙන්න වගේ මතුවන චෙප් සුදාලා. එයාලා මාර කෑම ජාති හදන්නේ. ඒ අස්සේ Kitchen අරගල විප්පල කැරළි කෝලාහල එහෙම නිතර සිද්ධ වෙනවා. ඝෝෂාව නම් එමට. මේතෙක් Kitchen එක බාරව හිටපු අම්මලාට නැත්නම් වයිෆ්ලාට මේ අලුත් සීන් කෝන් එක එච්චර දිරවන්නේ නෑ. ඒකයි මචෝ ඔය කැරළි කෝලහල ඇති වෙන්නේ.
මේ වෙනකොට ලෝකේ ගොඩක් ආයතන, ස්ථානවල කටයුතු අකර්මණ්‍ය වෙලානේ. මා සුදෝ ලෝකේ වැඩිපුර ක්‍රියාකාරීත්වය ඉහළ ගිහිල්ලා තිබෙන ස්ථාන දෙකක් තියෙනවා. එක Hospital දෙක Kitchen. ඒකෙත් පට්ට ආතල් සීන් එකක් තියනවා. මචෝ Hospital වලට යන්න හැමෝම වගේ බයයි. ඒ වුණත් මුළුතැන්ගෙට නැත්නම් කුස්සියට පොෂ් විදිහට කියනවා නම් කිචන් එකට යන්න අපේ උන් ඔක්කෝම මාර ආසයි. මොකද එතැනම තමා මේ වෙද්දී ලෝකයාට යම් ක්රියාකාරීත්වයක් දැකගන්න පුළුවන් ස්ථානය. අපේ මචංලා උයන්න උදව් වුණත් නැතත් කුස්සිය පැත්තට මේ දවස්වල නිතර හොට දානවා. ආ බොරුද... ආ....?
කොහොම වුණත් මේ ගෙවෙන කාලේ සුන්දරා. කෑම බීම ගැන කතා කළොත් ඒක ඇතුළේ මහා අනුවේදනීය කතාවකුත් තියනවා. කෝවිඩ් මාරයා නිසා රුකියා අහිමිවෙලා. තුන් වේලෙන් එක වේලක් කාලා ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඒ අයට නම් අපි කියන ජාතියේ ආතල් නෑ. ම්ම්ම්... දුක තමයි මචං මොනවා කරන්නද? සුදාලාට අපි හැමදාම කියනවා වගේ ඒක මේ ලෝකේ ස්වභාවය. ශරි ශරී අපි ඒ කතාව පොඩ්ඩකට අමතක කරමුකෝ. ආයේ සීන් එකට Enter වෙමු.
බිසී වෙන කුස්සියේ අමුතු කෑම ජාති හැදිල්ල. ඔන්න මචෝ මතකද ඉස්සර Cookery පොත් Cookery Class පිස්සුව. ඒක පරණ Trend එකක්. පස්සේ ආවා TV Cookery Shows. දැන් ඒක පරිණාමය වෙලා Cookery සීන් එක සම්පූර්ණයෙන්ම YouTube කරණය වෙලා තියෙන්නේ පැංචෝ. දැන් අපේ බ්රෝලා සිස්ලා කෑම ජාති හදන්නේ YouTube Chanel වල තියෙන Videos බලාගෙන. ඒ නිසා ඕන්න කොරොන්ටයි කාලේ Cookery උණ ආසාදනය වෙන්න ප්‍රධානම හේතුව විදිහට අපිට නම් කරන්න පුළුවන් YouTube කරණය.
දැන් සින් කෝන් එක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපේ කස්ටිය ඉන්නවා ගෙදරට වෙලා. පට්ට කම්මැලියි. ඔය අස්සේ කුස්සියෙන් සද්ද බද්ද එනවා. වෙන කරන්න දෙයකුත් නෑනි හිමීට ගල් ආඳා වගේ රිංගනවා කුස්සියට. අම්මා නැත්නම් වයිෆ් කෑම හදනවා. පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. එයා එක්ක පොඩි කතාවක් දානවා. නැත්නම් ඔය බෝංචි කරලක් කඩලා දෙනවා. ලූනු ගෙඩියක් සුද්ධ කරලා දෙනවා. ඒ නැත්නම් ඔය බොරු ටිකක් කියව කියවා ඔහේ ඉන්නවා. ඒ ගමන් උයන ජාතිය ගැන උයන විදිහ ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්නවා හොරා වගේ. ප්‍රශ්නයක් දෙකක් එහෙම අහනවා. හැබැයි ඕං ගෙදර උයන පිහන රාජකාරි බාරව ඉන්න කෙනා ටිකක් තදයෙක් නම් මේ ප්රශ්නය කිරීම්වලදී පොඩ්ඩක් කේන්ති යන්න පුළුවන්. මොකද මචෝ මේ ප්රශ්නය වෙලාවකට පට්ට ගොං.
කොහොම හරි පැංචෝ. මෙහෙම දවසක් දෙකක් කුස්සියට රිංගන්න ගත්තාම සූපශාස්ත්‍රය පිළිබඳ උපාධියක් තියෙනවා වගේ හැඟීමක් තමා එන්නේ. ඊට පස්සේ හිතෙනව පශ්චාත් උපාධියක් කරන්න. ඔන්න මචෝ ගෙදර උන්දෑ උයන අතරේ අනික් කෙනා රිංගනවා YouTube එකට. ඔන්න තියනවා Cookery Chanel... දන්නවනේ පැංචෝ ඔය අපේ අම්මා වගේ චැනල්. ආව් ඩඩ්ඩ ඩඩා... සෝ ඊසී... හැමදෑම මේවා කන්නේ නැතුව අපි හදමු Special මොනවා හරි. ඔන්න ඉතින් පටන් ගන්නවා. ඉවරයක් නෑ ඉතින් ගෙදර කෙනාට කරදර කරනවා. හදන්න උදව් කරනවා. තනියම හදන්න යනවා. ඔන්න Cookery උණ රෝග ලක්ෂණ හොඳට මතුවෙනවා. සුන්දරයි පැංචෝ. සුන්දරයි. මේවා දිහා බලන් ඉන්න අපිට හොඳේ... එයාල සුන්දරද දන්නේ නෑ ඕං.
කොහොම වුණත් හැමතැනම මේ කතාව එකම විදිහට සිද්ධ වෙන්නේ නෑ. සමහර තැන්වල වයිෆ්ලා තමා හස්බන්ලාව වැඩේට කතා කරලා එකතු කර ගන්නේ. සමහර තැන්වල දරුවෝ. ඔන්න වයිෆ්ව පැත්තකට කරලා එක දවසකට තමන්ම කෑම ටික Special විදිහට හදන හස්බන්ඩ්ලාත් ඉන්නවා. කොහොම වුණත් මේක මේ වෙද්දී මුළු ලෝකේ පුරාම තියෙන Trend එකක්. YouTube බලලා දෙන්න තුන්දෙනා එක්ක මේව හදන්නේ. වරදිනවා. හරියනවා. සුන්දර ආරවුල් ඇති වෙනවා. ඇත්තටම මේක ආදරණීය Trend එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේවා ඉතින් මචෝ Covid-19 හින්දම වෙන දේවල් තමා.
Cookery උණට එල්ල වෙන බාධා ගැනත් බලන්න ඔන්න. ප්‍රධාන දේ තමා මචෝ මේ දවස්වල ඔය අනුපාන සපයාගන්න එක. ඇත්තටම මේ ඇඳිරිනීතිය එක්ක ඒක කරන්න අමාරු දෙයක්. ඒ නිසා අපේ කස්ටිය ගෙදර තියෙන දේවල් එක්ක ඔට්ටු වෙලා තමා වැඩ කිඩ පෙන්නන්න යන්නේ. සමහර වෙලාවට ආසම දෙවල් තිබුණාට හදාගන්න බෑ. අනික් සීන් එක Cookery Chanel වල කියන සමහර දේවල් කොච්චර Try කළත් ඒ පදමට ගන්න බැරිවෙන එක. ඔන්න ඒ වෙලාවට නම් සුදෝ. අපේ කස්ටියට තදවෙනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්ව මත ගැටුම්... ඒ කියන්නේ ඔහොම නෙවෙයි මෙහෙම. ඕවා නම් ඕකට දාන්න එපා. වගේ ආහාර පිසින කොට ගෙදර අභ්‍යන්තරයේම මතුවෙන විරෝධතා. කොහොම වුණත් කාන්තාවන් මෙතැනදී ප්‍රායෝගිකයි. පිරිමි ඉතින් YouTube තියරියම තමා ඔළුවේ තියාගෙන ඉන්නේ.
ඔන්න අපේ පැංචෝ පැංචියෝන්ටත් Cookery උණ තියෙනවා කියලා අපි දන්නවා හරිය. හැබැයි වසංගතේ ඉවර වුණාමත් ඔය ඉගෙන ගත්ත දේවල් ප්‍රයෝජනයට ගන්න ඕනෑ හොඳේ. නැත්නම් මේ Trend එකත් නිකම්ම නිකන් ආතල් එකක් විතරක් වෙයි. ඕං කිව්වා. මේං අපි ගියා. ලබන සතියේ හමුවෙමු.