2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

සිඳු තෙර

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 83

කෝ ඒ මහ වැස්ස 
ළඟටම ඇවිත් අහස හැර ගිය 

පිපාසෙන් හූල්ලන මහ පොළොව රැවැට්ටු 

රත්තරන් සේලයක් 
සිඳු දියෙහි එලාලූ 
කෝ සොඳුරු හැන්දෑව 

ආදරය කියාදුන් 

රිදීවන් රේන්දෙන් 
හැඩවෙච්ච වලාකුළු 
නෑ තවත් අහස මත 

කවි සිතක් මවාලූ 

නියත දහමට සැලෙන 
හිත තාම දුක්බරයි 

ජීවිතේ අග්ගිස්සෙ 
පොහොට්ටුව පිපෙන තුරු

I saara