ගුස්ටාච් ප්ලෝබෙයාර්... ප්‍රංශ සාහිත්‍යවේදියා ඔයාට මතකනම් එමා බෝවාරි ඔයාට අමතක වෙන්න විදිහක්ම නෑ... මතකද එමා... ජීවිතය හොයාගෙන ගිය එමා... ජීවිතය හමුනොවුණු එමා... ආදරය සොයාගෙන ගිය එමා.. ආදරය හමුනොවුණු එමා... ජීවිතය ඉල්ලුව දෑතට මරණය ලද එමා... සදාචාරයේ ජයග්‍රහණයක් ලෙසත් දුරාචාරයේ පරාජයක් ලෙසත් අර්ථ දැක්වූ එමාගේ මරණය ළඟ ගුස්ටාච් දිනුම දුන්නෙ සදාචාරයටවත් දුරාචාරයටවත් නෙවෙයි පුරුෂාධිපත්‍යයට කියලා මට හිතෙනවා.. ඔහු වේදනා විඳ විඳ මියැදෙන එමාගේ මරණාසන්න මොහොත ක_ර සතුටකින් වර්ණනා කළ දුෂ්ඨයෙක්, ආත්මාර්ථකාමියෙක් කියලා මට හිතෙනවා.
එමා බෝවරී කියන්නේ මම ආසම පරිවර්තනයක්. ඒ පරිවර්තකයා සිරිල් සී. පෙරේරා. ගුස්ටාච් කියන්නෙත් ජීවිතයේ හුඟාක් දුක් වින්ද මිනිසෙක්. එමෙන්ම හුදෙක් ආත්මාර්ථකාමී සිතුවිලි සන්තර්පණය උදෙසා ගැහැනුන්ට ළංවූ, ගැහැනුන් හැරදැමූ පිරිමියෙක්. එහෙත් ඔහු නිර්මාණශීලී සාහිත්‍ය ගවේෂකයෙක්. සියල්ල අවසන මම ඔහුට ආදරේ කරන්නෙ ඒ නිසා.
එමා කියන්නෙ ගොවියෙකුගේ දියණියක්. ඇයට කුඩා වියේදීම මවු සෙනෙහස අහිමි වෙනවා. ඇය විවාහ වුණේ පළමු බිරිය මියගිය චාල්ස් කියන වෛද්‍යවරයා සමඟ. ඒත් ඈ පැතූ ජීවිතය ඉන් බොහෝ දුරක වග වැඩි කල් නොගොස්ම ඈ තේරුම් ගත්තා. එහෙත් ඇය හිතුවක්කාර සිතුවිලි වලින් පිරෙන සිත මැඬගෙන පති භක්තිය ඇති පතිනියක වෙන්නට වරෙක යත්න දැරුවා. එහෙත් අවසානයේ ආගමට හා සමාජ සම්මුතීන්ට එරෙහිව ඇතුළු හදින් කැරලි ගැසූ ඈ, රුෙඩාල්ප් හා ලියොන් සමඟ අසම්මත කාම ලෝකයක රසයට වහ වැටුණා. එහෙත් ඇයට ආදරය හා ජීවිතය වෙනුවට අවසානයේ හමුවූයේ ගැහැනියක්කගෙන් කාමය මිස ප්‍රේමය හා ජීවිතය නොපැතූ පිරිමින් සිටින ලෝකයක සියදිවිනසා ගැනීමේ ඉරණම පමණයි.
ලියොන්ලා රුෙඩාල්ෆ්ලා මේ සමාජ යාත්‍රාවේදී ගැහැනුන්ට මුණගැසෙන වාර එමටයි.
දුර්වලයෙක් වුණත් චාල්ස්ලා ඇත්ත ලෝකේ හරි අඩුයි
එමට ඇඟිල්ල දිගු කරන්න ඉස්සර පිරිමින්ගෙ සහ සමාජයේ ජඩකම හෘද සාක්ෂියට එකඟව පිළිගන්න.
එමා පව්... ඒත් ඈ සමාව දිය නොහැකි තරම් දුර්වල ගැහැනියක්
♦ SANJU