RUWANGI RATHNAYAKE
ඉතින් කොහොමද රුවන්ගි... මොකද මේ දවස්වල කරන්නේ?
මේ දවස්වල ටිකක් විවේකී පාඩුවේ ඉන්නවා. පහුගිය දවස්වල එකදිගටම වැඩ කළා. ඉතින් පොඩි විවේකයක් ලැබුණා. ආයෙත් අප්‍රේල් මාසේ අග ඉඳන් ටෙලිනාට්‍යයකයි චිත්‍රපටයකයි වැඩ කරනවා.
මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට මොකද කරන්නේ?
මේ පාර සිංහල අලුත් අවුරුද්දට සුපුරුදු පරිදි ගමේ යනවා. මගේ ගම කුරුණෑගල. ගොඩාක් අලුත් අවුරුදු දවස්වලට මට චැනල්වලින්නම් ආරාධනා ලැබෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ඒ නැකැත් දවසටනම් මම ඒවාට සහභාගි වෙනවා අඩුයි. සිංහල අලුත් අවුරුදු වැඩසටහන් කලින් රෙකෝඩ් කරපු ඒවටනම් මම සහභාගි වෙනවා. හැබැයි අවුරුදු දවසටනම් මම ගමේ යනවා වැඩියි.
මේ පාර කවදද ගමේ යන්නේ?
තාම ඒක තීරණය කරලා නෑ. වැඩත් එක්ක තමයි ඒක තීරණය කරන්නේ.
ගමේ ගිහින් මොකද කරන්නේ?
ගෙවල් අස්පස් කරන එකට අම්මට උදවු කරනවා. එතකොට අම්මා කැවිලි හදනවනේ. ඒවටත් මම උදවු කරනවා. සමහර රසකැවිලිනම් මටත් හදන්න පුළුවන්. හැබැයි හැමදෙයක්මනම් බෑ. මොකටද බොරු කියන්නේ. මම වැඩියෙන්ම කරන්නේ අම්මා හදන කෑමවලට උදවු කරන එක තමයි.
රුවන්ගි කියන්නේ විලාසිතා මවන්නියක්නේ. අවුරුදු දවසට පුංචි කාලෙත් ඔය වගේ ලස්සනට අඳින්න කැමතිද..?
චූටිම කාලේ මගේ අම්මා ඇඳුම් මහලා දීලා තියෙනවා. ඉතින් අම්මා ඇඳුම මහලා ඉවරවෙනකන් බලාගෙන ඉන්නේ ඒක ඇඳගෙන හැඩ බලන්න. ඊට අමතරව අපිට අම්මලා සාප්පුවෙනුත් ඇඳුම් අරන් දීලා තියෙනවා. අක්කලා දෙන්නටයි මටයි සමහර අවුරුදුවලදී එක ජාතියේ ඇඳුම් අරන් දීලා තියෙනවා. සමහර කාලවලදී අම්මා අපි තුන්දෙනාටම එකම විදිහේ එකම පාට ඇඳුම් මහලා දීලත් තියෙනවා.
කලාවට ආවට පස්සෙ මෑත කාලයේදී රුවන්ගිට ඇඳුම් පැළඳුම් විශේෂ වුණානේ. ඒ ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නේ කවුද..?
මගේ ඇඳුම් ඩිසයින් කරන්නේ මමමයි. ඒ ඇඳුම් නිර්මාණය. ඊට පස්සේ කාටහරි කියලා මම මහගන්නවා. හැබැයි ඇඳුම් නිර්මාණය නම් මගේ අදහසට අනුව තමයි නිර්මාණය වෙන්නේ.
ඒ කියන්නේ රුවන්ගි ඉන්ටර්නෙට් එකෙන් එහෙමත් බලාගෙන ඇඳුම් නිර්මාණය කරනවා.. එහෙමද..?
ඔව්.. මම ඉන්ටර්නෙට් එකෙන් බලලා තීරණය කරන වෙලාවලුත් තියෙනවා. ඒකට මගේ අදහසුත් එකතු කරලා තමයි මම මගේ ඇඳුම් ඩිසයින් කරගන්නේ.
වැඩිපුරම ආස මොනවගේ විලාසිතාවලටද..?
මම හැම විදිහේම ඇඳුම් අඳින්න කැමතියි. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට වැඩිපුරම අඳින්නේ ගවුම තමයි. ඇඳුම්වලට එහෙම විශේෂම කියලා පාටක් නෑ. හැබැයි මගේ වැඩිපුරම ඇහැ යන්නේනම් නිල් පාට, රෝස පාට, කහ පාටට තමයි.
ඇඳුම් නිර්මාණයක් කරද්දී රුවන්ගි මුලින්ම මොකද හිතන්නේ..?
විලාසිතා කරන්න මම ගොඩාක් කැමතියි. අලුත් අලුත් විලාසිතා මොනවද කියලා මම නිතරම හොයලා බලනවා. සමහරුනම් මම කරන සමහර විලාසිතා ගැන එක එක කතා කියනවා. හැබැයි මම කරන්නේ මට ගැලපෙන මම ආස කරන විලාසිතා තමයි. අපිට මේ හැමදෙයක්ම කරන්න ලැබෙන්නේ එක කාලසීමාවක් තුළදීයි. ඉතින් ලෝකේ තියන හැම විලාසිතාවක්ම මම බදාගෙන කරන්නේ නෑ. මට ගැළපෙන විලාසිතා විතරක් මම කරනවා. මම හැමදාමත් ආසයි ලස්සනට ඉන්න.
රුවන්ගිගේ අවුරුදු විලාසිතාව මොකක් වෙයිද?
ඒකනම් තාම තීරණය කරලා නෑ. අවුරැද්දටනම් ලොකු විසිතුරු ඇඳුම් අඳින්නේ නෑ. හරිම චාම් ඇඳුමක් තමයි අවුරුදු දවසේ අඳින්නේ. මේ පාර අවුරුද්දට ගමේ ගියාමත් හැමදාමත් වගේම මේ පාරත් අයියලාගේ බබාලා එක්ක සෙල්ලම් කරනවා. රතිඤ්ඤා පත්තු කරනවා. හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් සතුටින් ගත කරයි.
Text - Jayamali / Pic- internet