ජනප‍්‍රිය හින්දී සිනමා නළුවෙක් වූ දේව් ආනන්ද්ගේ අභාවයේ සංවත්සරය පසුගියදාට යෙදී තිබුණා. ඔහු සිනමා ලෝකයෙන් නොව ඔහුගේ සැබෑ ජීවිතයෙන්ද සමුගෙන වසර ගණනාවක් වුවත් අදටත් ඔහු ජීවත්වෙන බවක් දැනෙනවා. ඔහුගේ සිනමාපට, ඔහුගේ ගීත ජවනිකා, ඔහුගේ ෆැෂන් එක, ඔහුගේ මතකය සිනමාලෝලීන්ගේ හදවත් තුළ සදාකාලිකවම පවතිනු ඇති. දේව් ආනන්ද්ගේ කාලය තුළ ඔහු බොහෝ දෙනකුගේ උන්මාදනීය පෙම්වතා වූවා පමණක් නෙවෙයි ඔහුගේ විලාසිතාද එකල බොහෝ ජනප‍්‍රියත්වට පත් වූ විලාසිතා විය. මේ ලිපියෙන් ඔබට කියන්න හදන්නේ ඔහු ගැන මෙතෙක් අනාවරණය නොවූ කරුණු කාරණා කිහිපයක් ගැනයි. 1923 සැප්තැම්බර් 26 වැනිදා වනවිට පකිස්තානයට ආයත් පන්ජාබ් ප‍්‍රදේශයේදී ඉපදුනු දේව් ආනන්ද් 2011 දෙසැම්බර් 03 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඔහු මිය යන විට නළුවෙක්, නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂවරයෙක් ලෙස මුලු ලෝකයම දැන සිටියා
මුල් කාලයේ සිනමාපටයන්හි ධෝති සහ කුර්තා ඇඳගෙන පෙනී සිටි දේව් ආනන්ද් පසුව විදේශීය ඇඳුම් ආයිත්තම් ඇඳගෙන සිනමාපට විචිත‍්‍රවත් කළ අතර ඒවාට ගැලපෙන ආකාරයේ ස්කාෆ් එකක් ඔහු ගෙළ වටා පළඳින්නටත් පටත් ගෙන තියෙනවා. ඒ වගේම ඔහු තමන්ගේ කමිසයේ ඉහළම බොත්තම් වසාගෙන තමයි හැමවිටම ඉන්නේ. දේව් ආනන්ද ඔහුගේ කිසිම සිනමාපටයකදී ඔහුගේ කමිසයේ ඉහළම බොත්තම විවෘත කරගෙන ඉඳලා නැහැ. ක‍්‍රම ක‍්‍රමයෙන් එය විලාසිතාවක් බවට පත්විය. ඔහු ඔහුගේ ඊළඟ සිනමාපටයේ අහෝ තමන්ගේ කමීසයේ ඉහළම බොත්තම ගලවලා ඉඳියි කියලා හිතාගෙන ඔහුගේ සිනමා රසිකයින් ඔහුගේ සිනමාපට නැරඹුවා කියලා කියනවා. ඒත් කවදාවත් ඔහු තමන්ගේ කමීසයේ ඉහළම බොත්තම විවෘත කර නොකළ අතර ඒකට හේතුවත් බොහොම සිත්ගන්නා සුළු එකක්. ඇත්තටම එහෙම වෙලා තියෙන්නේ දේව් ආනන්ද්ට කුඩා කාලයේ පටන් තිබුණු පුරුද්දක් හේතුවෙනුයි. ඒ වගේම ඔහු තමන්ගේ සිරුර ගැන ටිකක් සංකීරණ විදියට හිතලා තියෙනවා. ඔහුගේ මුහුණ ඉතාම පියකරු වූ අතර ඔහුගේ මස් පිඬු තිබුණේ නැහැ. අන්න එයත් ඔහු සම්පූර්ණයෙන්ම සිරුර වසාගෙන ඉන්න හේතුවක් වෙලා තියෙනවා. එය එසේ වුවත් ඔහුගේ විලාසිතාව ඔහුගේ ශෛලියේම කොටසක් බවට පත්වෙලා තියෙනවා.
ඇත්ත වශයෙන්ම ඔහු කුඩා කාලයේ පටන් කතා කරද්දී බෙල්ල නව කතා කිරීමටත් ඇවිදිනකොට බෙල්ල නවා ඇවිදින්නත් පුරුදුවෙලා හිටියා. ඒ පුරුද්ද සිනමාපටවලදීත් ඔහුට වෙනස් කරන්න නොහැකි වුණා. ඔහුගේ ඒ පුරුද්ද මිනිස්සු උමතු කරවන්න සමත්වෙලා තියෙනවා. කුඩා කළ පටන් තිබුණු පුරුද්ද සිනමාපටයන්හිදී තම අනන්‍යතාවය බවට පත්වූ බව සම්මුඛ සාකච්ඡාවකදීත් දේව් ආනන්ද් කියලා තියෙනවා.
දේව් ආනන්ද්ගේ කතා බොහොමයක් ඔබ අහලා ඇති. ඒත් ප‍්‍රසිද්ධ ස්ථානවල කළු කබා අඳින එක අධිකරණය විසින් ඔහුට තහනම් කරලා තියෙන කතාව නම් ඉතාම සිත්ගන්නා සුළුයි නේද? කාලා පානි කියන සිනමාපටයේ දේව් ආනන්ද් කළු පැහැති කබායක් ඇඳගෙන ඉන්නවා දුටු ඔහුට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන් ඒක කොච්චර අලංකාරද කියලා කියන්නා වගේ පිරිමි වගේම යුවතියනුත් ඒ වගේ අඳින්න පළඳින්න පටන් ගත්තා. දේව් ආනන්ද් සුදු පැහැති ෂර්ට් එකක් ඇඳ ඊට උඩින් කළු පැහැති කබායක් ඇඳලා ඉද්දී ගැහැනු ළමයි විශාල සංඛ්‍යාවක් නිවෙස්වල වහල මතට නැගී බලාගෙන ඉඳලා තියෙනවා. ඔවුන්ගේ ජීවිත අවදානම් සැලකිල්ලට ගෙන අධිකරණය විසින් දේව් ආනන්ද්ට කළු පැහැති කබා ඇඳීම තහනම් කරලා තියෙනවා.
මේ සුපිරි තාරකාවගේ සිනමාපට නැරඹීමට ඔහුගේ රසික රසිකාවියන් කොච්චර උන්මාදයෙන් සිටියාද කියනවා නම් ඔහුගේ සිනමාපටයක් නිකුත් වූ විගසම සිනමාහල් පිරී ගිහින් තියෙනවා. ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමට මිනිසුන් පැය ගණන් අව් වැසි නොතකා පෝළිම් ගැහිලා ඉඳලා තිබෙන අතර දේව් ආනන්ද්ගේ ජොනී මෙරා නාම් කියන සිනමාපටය ප‍්‍රදර්ශනය වෙන පළමු දිනයේදී සෙනඟ පිරී ඉතිරී ගියා කියලා කියනවා. ජම්ශේද්පූර්වල සිනමා ශාලාවක් ඉදිරිපිට ප‍්‍රවේශ පත‍්‍ර ලබාගැනීම සඳහා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරලා තියෙන අතර ඒ සිදුවීමෙන් සිසුන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ සිදුවීමෙන් පසුව සතියකට නටරාජ් ටෝකීස් කියන ඒ සිනමා ශාලාව වසා දමා තියෙනවා. ඒ විදියට දේව් ආනන්ද් මිනිසුන්ගේ හදවතේ සහ මනසෙහි ආධිපත්‍ය හිමිකරගෙන තියෙනවා.
දේව් ආනන්ද් හෙවත් දේව් සාහිබ් වයසට ගියත් තරුණ පෙනුමක් තිබුණු කෙනෙක්. ඔහු අවසන් හුස්ම හෙලන විටත් නිරෝගීව බොහොම සුවයෙන් හිටිය කෙනෙක්. ඒත් කිසිවෙක් විශ්වාස නොකරන දෙයක් වුණත් දේව් ආනන්ද් කිසි විටෙක ආහාර පාලනයක් හෝ යෝගවල නිරත නොවුණු කෙනෙක්. මම නළුවෙක්, නළුවෙක් ඉදිරිපත් කරන්න ඕන කියන එක ඔහුගේ මුවේ නිරන්තරයෙන් තිබුණු දෙයක්. ඔයාට ඔයා ගැන හොඳක් දැනෙන්න ඕන. මොනවා වුණත් තරගකාරීත්වයේ රැඳී සිටීමට නම් ඔබ එයට සුදුසු බව ඔප්පුකරලා පෙන්වන්න ඕන කියලා ඔහු කියා තියෙනවා. ඒත් එයට විනය පමණක් අවශ්‍ය වෙන බව ඔහුගේ විශ්වාසය විය. ඔහු යෝග අභ්‍යාසවල නිරත නොවුණත් ඔහු යෝගියෙකු මෙන් ජීවත්වෙලා තියෙනවා. වැඩිපුර ආහාර නොගත් අතර රොටී සහ පරිප්පු වගේ සාමාන්‍ය ආහාර අනුභව කරලා තියෙනවා. කිසිවිටෙක මත්පැන් සහ සිගරුට් ස්පර්ශ කරලවත් නැහැ. ඒ විතරක් නෙවෙයි වෙනත් රට රටවලට ගියත් ඔහු කාලා තියෙන්නේ ඉන්දීය ආහාර වර්ග විතරයි. ඒ නිසාම ඔහු හැමදාම බොහොම නිරෝගීව ඉඳලා තියෙනවා.
ආදර අධිරාජ්‍යයෙක් වන දේව් ආනන්ද් ඔහුගේ ජීවිතයේ තුන් වතාවක්ම ආදරය කරලා තියෙනවා. සුරෛයා එක්ක ඔහුගේ තිබුණු ආදර කතාව ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒත් ඒ ආදර මාවත එතරම් සුන්දර එකක් වුණේ නැහැ. සුරෛයා මුස්ලිම් ජාතික අයෙක් වුණු නිසාම ආගම ආදරයේ හරහට හිටියා. ඇයගේ මිත්තණිය විසින් දේව් ආනන්ද් තමන්ගේ කෙනෙක් බවට පත් කරගන්න එක ප‍්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඔහුගේ ජීවිතය එන්නේ කල්පනා කාර්තික්. ඇය දේව් ආනන්ද්ගේ වැඩිමහල් සහෝදරයගේ කලින් බිරිඳගේ නැගණියයි. කල්පනාව දේව් විවාහකරගත් අතර ඔවුන්ට පුතුන් දෙදෙනකුට ජන්මය දුන්නා. ඒත් වසර කිහිපයකට පසුව ඔවුන්ගේ සම්බන්ධතාවය යහපත් වුණේ නැහැ.
ඊට පස්සේ දේව් ආනන්ද් සිය පුතාට වයස අවුරුදු 12ක් වෙද්දී තුන්වැනි වරටත් සීනත් අමාන් එක්ක ආදරයෙන් බැඳුණු අතර ඒ වනවිටත් සීනත් වෙනත් අයෙකු හා ආදරයෙන් බැඳී සිටි නිසා දේව් ආනන්ද්ට ඒ ආදරයත් ජයගැනීමට නොහැකිවුණු අතර ඔහු ජීවිත කාලය පුරාවටම සීනත් අමාන්ගේ හොඳම මිතුරෙක් විදියට හිටියා.