අත්හරින්නේ කුමක්ද? රැකගන්නෙ කුමක්ද? කියලා තීරණය කරන්න වෙන තැන් ජීවිතයේ හමු නොවෙන්නේ අපි කාටද? එහෙත් ජීවිතය වගේම ජීවත්වීමත් මහා පුදුමාකාර දෙයක්... සමහරවිට අපි අත්හරින්නෙ හදවත ඉල්ලන හදවත රැකගන්න හදන හදවත මගේම කරගන්න හදන දේ... ඒත් ලෝකයට අවනතව ලෝකයට අවශ්‍ය දේ වෙනුවෙන් තමන් තමන්ට සහ හදවතට අවශ්‍ය දේ අත් හරිනවා... සතුට වෙනුවට වේදනාවට, විඳීම වෙනුවට විඳවීමට අපි ජීවිතයේ කවුළු පියන්පත් අපි විවර කරන්නේ මම අත් හැර මා සුවපත් කරනු පිණිස මම මරා දමද්දී...
සංස්කෘතිය සහ සංස්කෘතික බන්ධන මම දකින්නෙ මම කියවන්නෙ සහ මම විඳින්නේ මානව ප්‍රකෘතිය මරා දමා භෂ්මාවශේෂයකුදු ඉතිරි නොකර ආදාහනය කළ විකෘතියක් විදිහට ...ඒ විකෘතියට දක්වන අවනතභාවය තුළ මනෝ භාවයන් සේම මානව ප්‍රකෘතියේ ස්වභාවික ඉල්ලීම් මඟ හැර විඳිනු පිණිස වූ සියල්ල විඳවීමක් බවට පත් කරගන්නට මිනිස්සුන්ට සිදු වෙනවා...
දිල් ක්‍යා කරේ හින්දී සිනමා රෑපකාරකය පිරිසිඳ මම දකින්නෙත් එවන් ඛේදවාචකයක්... ආදරය කොයි විදිහට ඉපදිච්ච දෙයක්ද... මානවයා ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ඨාචාරය දක්වා සපැමිණි ගමනේදී එය හැදෑරූයේ කවර සිද්ධාන්ත සමඟද කුමක් වුවත් එය කවදාවත් අවසන් විශ්වීය මානවයා දක්වා එක් නිර්වචනයකට ගොනු කරන්න බැරි හැඟීමක් ලෙසයි මම දකින්නේ.
හිමිවීම් බැඳෙන්නේම අහිමිවීම් එක්ක කියලා හිතෙන තැන් ජීවිතයේදී හුඟක් හමුවෙනවා... සම්මුතියට විසම්මුතිකව තීරණ ගන්න පුළුවන් නම් මිනිස්සු හඬන හුඟක් තැන්වලදී මිනිස්සුන්ට හිනා වෙන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා... ඒත් ලෝක නිර්ණායක මිනිස්සුන්ට හෘද සාක්ෂියට වඩා වැදගත් වෙනවා ඔහු හෝ ඇය තවත් එක් සමාජ සත්ත්වයෙක් වීම තුළ.
ඒත් වැදගත් දෙය අවශ්‍ය දේ නොවේනම්.... මට හිතෙන්නේ හෘද සාක්ෂියට අවනතව සමාජ සම්මුතියට හිතුවක්කාරකම් කරන තැන ජීවිතය හුඟක් තැන්වලදී ලස්සනයි. තමන්ගේ නොවන දෙයක් තමන්ගේ නෙවෙයි තමන්ගේම කරගෙන මිනිස්සු ආදරය කරන හැටි වෙලාවකට හරි පුදුමයි.
අයිතිය නොවෙයි ආදරය කියන්නේ
ආදරය නොවෙයි අයිතිය කියන්නේ
හදවතින්ම අල්ලා ගන්න තැන තමා බැඳීම කියන්නේ... ඒත් බැඳීම ඇති හැම තැනකම ගැටගැහෙන්න අපිට බෑ...
දිල් ක්‍යා කරේ හරි ලස්සනට මේ සත්‍ය කතා කරනවා. කිසිම දෙයක් නොඉල්ලමින් බොහෝ දේ දන් දෙන්න හැකි තැනක ඔයා දකින්නෙ මොකක්ද?
මම දකින්නෙ ආදරය... ඒ තමා ආදරය... එහෙම පරාර්ථයක් ආදරය ළඟ තියෙන හැම මොහොතකම ආදරය හරි උත්තරීතර නිරවාණයක් බවට පත් වෙනවා.
මට හිතෙන්නේ හුස්ම ගනිමින් නිර්වාණය ලද හැක්කේ එවන් ආදරයක් තුළ මිසක් අන් කවර තැනකදීද?