PRIYANKA CHOPRA
රජත් - ඔබට ඔබගේ ඇත්ත ජීවිතයේදී අවස්ථාවක් ලැබුණොත් කාව හරි මරන්න කාවද ඔබ මරන්නේ?
ප‍්‍රියංකා - ඇත්තටම ඔබට මේ ප‍්‍රශ්නය මගෙන් අහන්න ඕනද රජත් සර්.?
රජත් - ඔව්
ප‍්‍රියංකා - ඇත්තටමද? එහෙමනම් ඔබව තමයි.
(රජත් සහ පැමිණ සිටින පිරිසද හිනාෙව්)
රජත් - මම ඔබෙන් අහන්න යන්නේ 2011 දී ඔබට නැගුනු චෝදනාවක් ගැනයි. මට දැනගන්න ලැබුණා ඉන්කම්ටැක්ස් එකෙන් ඔබගේ නිවෙසට ආවලු පරීක්ෂා කිරීමකට.
ප‍්‍රියංකා - ඒක වෙන්නේ ජනප‍්‍රියම තරු එක්ක කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා මම ගොඩාක් සතුටු වුණා. ඒත් මම කියන්න ඕන එයලා ආව කියලා මම ටැක්ස් හරියට ගෙවන නිසා එයාලා මම ටැක්ස් ගෙවන්නැතුව වංචා කරනවා කියලා නගන්න ආව චෝදනාවෙන් මම නිදහස් වුණා.
ඉන්කම් ටැක්ස් දෙපාර්තමෙන්තුව කියන්නේ ගොඩාක් ලොකු වගකීමක් දරන ආයතනයක්, මම මගේ ෆැමිලි එක සහ මගේ ලෝයර්ස්ලා ඔවුන්ට ඔවුන්ගේ රාජකාරි කරගෙන යන්න අපෙන් වෙන්න ඕන සහයෝගය ලබාදුන්නා.
රජත් - ඒත් පුවත්වත්වල තිබුණෙ කෝටි හයක් චෙක්
ප‍්‍රියංකා - සර් වැරදියට කියන්න එපා. චෙක් නෙවෙයි කෝටි හයක් සල්ලි මගේ මෙට්ටය ඇතුළේ තිබිලා හොයා ගත්තා කියලයි පත්තරවල ගියේ. එච්චර සල්ලි මම එකවර දැකලා නැහැ.
රජත් - කොච්චරක්ද තිබුණා කිව්වේ?
ප‍්‍රියංකා -කෝටි හයක් මුදලින්
රජත් - හරි කෝටි හයක් නෙවෙයිනම් කීයක්ද තිබුණේ?
ප‍්‍රියංකා - මුදලින් මට කෝටි කීයක්වත් ලැබිලා නැහැ.
රජත් - මම හිතුවේ ඔබ කෝටි හයක් වෙනුවට කෝටි හතක් කියලා කියයි කියලයි,
ප‍්‍රියංකා - අඩුම ගානේ දහයක් කියලයි කියන්න තිබුණේ නේද?
රජත් - ඉන්කම් ටැක්ස් එකේ නිලධාරීන් ආව වෙලාවේ දොර ඇරියේ කවුද?
ප‍්‍රියංකා - සර් සාමාන්‍යයෙන් අපේ ගෙවල්වල උදව්වට ඉන්න අයනේ දොර අරින්නේ. මගේ නිවසෙ මෙහෙකාරිය.
රජත් - ඔබගේ 2011 දී හිටිය මෙහෙකාරියගේ මුහුණ ශාහීද් කපූර්ගේ වගේ කියලද ඔබ කියන්නේ?
ප‍්‍රියංකා - මම හිතන්නේ ඒ පුවත්පතේ ඒක ලියලා තිබුණු අය ඉන්කම්ටැක්ස් එකේ අයත් එක්ක මගේ ගෙදරට එන්න ඇති. ඒකනේ ඒගොල්ලෝ දොර ඇරියේ කවුද කියලා දැක්කා වගේ ලියලා තිබුණේ. අපි ඒ ගැන හිනාවෙනවා. විහිළු කරනවා ඒ ගැන. ඒත් ඒක ගොඩාක් පහත් දෙයක්. මම හිතන්නේ මෙතන ගැහැනු ළමයි ගොඩාක් වාඩිවෙලා ඉන්නවා, ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් ඇති මම මොන වගේද ඒක වින්දනය කරන්නේ කියලා. ඔබ ළඟ ඔප්පු කරන්න විදියක් නැත්නම් හරි එහෙම දෙයක් නොවුණනම් හරි එහෙම චෝදනා කරන එක වැරදියි. තමන්ගේ රේටින්ග්ස් ඉහළ දාගැනීම් වෙනුවෙන් ප‍්‍රවෘත්ති කියලා දෙන්න ඕන ඇත්තටම වෙන දේවල් විතරයි. මේ වගේ දේවල කතා කරද්දී හිතන්න ඕන මමත් කාගේ හරි දුවෙක්, කාගේ හරි සහෝදරියක්, කියලා. ඔය තරම් නරක් දේ බොරු දේ මීඩියාවලින් දෙන්න ඕනද?
එදා මගේ අම්මා මධූ චොප්රා ගෙදර හිටියේ නැහැ. මගේ සීයගේ අවුරුද්දේ මතක් පිංකමට ගිහිල්ලා ඇය හිටියේ. විනාඩි 03ක් ඇතුළත මගේ නිවෙසට එන්න පුළුවන් යාළුවෙක්ට හිටියේ ශාහීද්. එයා ඇවිල්ලා හෙල්ප් කළා.
කවුරුවුණත් කාන්තාවකට චෝදනා කරන්න කලින් ඇය ගැනත් හිතන්න ඕන. මගේ තාත්තා අශෝක් චොප්රා සහ අම්මා මධූ චොප්රා ඉන්දියන් හමුදාවේ භෞත චිකිත්සකයින් විදියට සේවය කළ අය. ඒගොල්ලෝ අපිව මනා විනයක් ඇතුව හදලා තියෙනවා. ඒ වගේම මගේ බාල සහෝදරයා සිද්ධාර්ත් සහ දැනට ෆිල්ම්වල ඉන්න මගේ ඥති සහෝදරිය පරිනීතා චොප්රා පවා මේ බොරු චෝදනාව නිසා අපහසුතාවට පත් වුණා. මේ කියන කාලේ මගේ තාත්තාත් ජීවතුන් අතර හිටියා. ඔහු හිටියේ වෙනම ගෙයක. ඔහු උදේ පානදරම වැඩට යනවා. මම කෝල් කරලා එන්න කියන්න හැදුවා හැමෝටම විනාඩි 20ක් 25ක් යනවා. ඒ නිසා මම ශාහීද්ට කෝල් කරලා කිව්වා. ඔහු ඇවිත් උදවු කළා. මේ සිද්ධියවෙලා ගොඩාක් කාලයක් වුණත් තවමත් ඒ ගැන මගෙන් ප‍්‍රශ්න අහනවා. ඒකට මට හිනා වෙනවා. ඒත් ඔය හැමදේටම කලින් මම කාන්තාවක් කියන එකත් මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා කියන එකත් ඒවා ලියන අයත් හිනාවෙන අයත් හිතන්න ඕන.
රජත් - ඔබ ශාහිද් යාළුවෙක් කියලා කියනවනේ. කමීනේ ෆිල්ම් එකේ ෂූටිං කරද්දී ශාහීද් කපූර් අඬන්න තිබුණු සීන් එකකදී ඔබත් ඔහු සමඟ ඇඬුවා කියලා මට දැනගන්න ලැබුණා.
ප‍්‍රියංකා - ශාහීද් කපූර් කියන්නේ මම දකින විදියට ඉතාම දක්ෂ නළුවෙක්. මගේ ජීවිතයේදී ඔය වගේ සිද්ධිවලට මම තුන් වතාවක් මුහුණ දීලා තියෙනවා. එකක් කමීනේ එකේ ගුඩ්ඩුගේ චරිතය අඬද්දී මට මගේ දෙබස් අමතක වුණා. එයා ඒ තරම් හොඳට ඒ සීන් එක කළා. ටික වෙලාවක් ගියාමයි මට මගේ දෙබස් මතක් වුණෙත්. ඒකේ ඔහුට මොනොලොග් එකක් තියෙනවා. අඬ අඬා ඇයි මාව රැවැට්ටුවේ කියලා අහන්න තිබුණේ. ඔහු එය ඉතාම මැනවින් කළා. මට මගේ කොටස කරන්න අමතක වුණා.
නඩුව ඊළඟ සතියට කල්තැෙබ්
Translation — Chandana waravitage