2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

saloon close තට්ටේ ෂෝක්....

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

ඔන්න සහෝ මෙදාපාර Y Trend එක කොණ්ඩේ. කොරෝනා කාලේ කොණ්ඩ විලාසිතා. මේක මචෝ අමුතුම කාලයක්නේ. ඒ නිසා මේකත් අමුතුම මාතෘකාවක්. Saloon ගාණේ ගිහිල්ලා කොණ්ඩේ කපන්න විලාසිතා කරන්න මේ කාලේ ගොඩාක් අය ටිකක් අකමැතියි. අන්න ඒ නිසා තමා මේ සීන් එක කරළියට එන්නේ.

ඔන්න කෝවිඩ් ආපු මුල්ම මාසවල මේ කතන්දර අපි දැක්කේ මෙහෙම. ගමේ ටවුමේ ගොඩක් පිරිමි කොණ්ඩේ නෝට් එකටම ගහලා. නැත්නම් තට්ටේ බාලා. ඕක තමා අපි මුලින්ම දැක්ක කෝවිඩ් Hair Style එක. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරා පිරිමි පාර්ශව මේ සීන්එකේ හිටියා. Social media වල කොණ්ඩේ අඩු කරල ෆොටෝ දාන එක මාර Trend එකක් වුණා සුදෝ මතකද? සමහර තාත්තලා පුතාලා එකටම කොණ්ඩේ අඩු කළා ෆොටෝ දැම්මා බුකියේ.

හැබැයි මචෝ මේ සීන් එක පිටිපස්සේ තිබ්බේ වෙනම කතාවක් හරිය. Saloon වහලා කොණ්ඩේ කපාගන්න විදිහක් නෑ. මාර අපිළිවෙළයි. කරදරයි. කරන්න දෙයකුත් නෑ. කොණ්ඩේ පිළිවෙළට කපාගන්න තේරෙන්නේත් නෑ. ඉතින් හරි සරලයි මේක තමා ක්‍රමේ. කතුරෙන් ලාවට කපලා රැවුල කපන මැෂිමෙන් දෙනවා බැස්ටිය. සිම්පල් වගේම ආතල්. හැබැයි ඉතින් කාන්තා පාර්ශ්වයට මුලදී මේ සීන් එක එච්චර දරුණුවට දැනුණේ නෑ. පොෂ් බේබිලාට නම් Saloon යන්නේ නැතුව මානසික වැටුණා. ඒක වෙනම කතාවක්. ඒත් කොණ්ඩේ ගැන මුල් කාලේ Girls ලාට එච්චර අවුලක් තිබේ නෑ.

හැබැයි ඔන්න ටික කාලයක් යනකොට කෝවිඩ් පසුබිමෙන් ඒ්ක ඇඟට පත්තියන් වෙලා Life එක වෙනස් වෙනකොට ලොක්කියන්ට පැංචියන්ටත් Hire Style ගැන හිතන්න වුණා. හැබැයි වෙනිදා තරම් ආටක නාටක දන්න මේ සීන් එක අස්සේ මෙයාලත් හිත දුන්නේ නෑ. හැබැයි අමු සොහොනේ වුණත් විලාසිතා කරන්න ආදරණීය කාන්තාවන්ට තියන කැමැත්ත අඩු කරන්න කොවිඩ් නෙවෙයි මහා බ්‍රහ්මයා ආවත් බෑ. ඉතින් සහෝ ඔන්න අලුත් කෝවිඩ් විලාසිතා පටන් ගත්තා.

අපි මේ Y Trend එක ගලපන්න ජාත්‍යන්තර මට්ටමින්ම ඔය අනතර්ජාලේ තියෙන අලුත් Co‍vid Hair Style ගැන හොයලා බැලුවා හරිය. මේන් සීන් එක සුන්දරා, ඇමරිකාවේ කරපු සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා කන්තාවෝ බහුතරයක් මේ කාලේ කරන්න උත්සාහ කරන්නේ ස්වභාවිකත්වය මතුවෙන විලාසිතාලු. ඒ කියන විදිහට ඔය කොණ්ඩේ පාටකරනවා වෙනුවට රැලි කරන්න වගේ ගොඩක් කාන්තාවෝ පෙළඹිලා තියෙනවා. ඒ වගේම යුරෝපයේ ඇමෙරිකාවේ කොණ්ඩේ වර්ණ ගන්වන අපේ සුන්දරාලා වැඩිපුර අළු, කළු වගේ වර්ණවලට කැමැත්තක් දක්වන බව තමා පේනන තියෙන්නේ. මෙහෙම වෙන්න ඇයි කියලා නම් අපිට හරියට කියන්න බෑ මචී. ඒ වුණාට කෝවිඩ් එක්ක කට්ටිය ස්වභාවිකත්වයට සමීපවෙනවා වගේ සීන්කෝන් එකක් තියනවා නේද?

කෝවිඩ් සීන් එක ටිකක් ඇදිලා යද්දී ආපු තව සීන් එකක් තමා කොණ්ඩේ වවන පිරිමි ළමෝ, කොණ්ඩේ කපන ගෑනු ළමෝ සීන් එක. මතකනේ කට්ටියක් මුලදී තට්ටයෝ වුණා. පස්සේ තව කට්ටියක් කොණ්ඩයෝ වෙන්න තීරණය කරලා තිබ්බා. ඔන්න කෝවිඩ් එක්ක අපි අවුරැද්දක් ගතකරලා ඉවර වෙද්දී ලෝකේ වටේ පිරිමි කොණ්ඩයෝ ප්‍රමාණයත් වැඩිවෙලා කියලා කියනවා. මචාලට කියන්න පිරිමි පාර්ශ්වයත් කොණ්ඩ විලාසිතා කරන්න මාර උනන්දුවකින් හිටියේ කෝවිඩ්වලට කලින්. සුප්පා Trend ඇවිල්ලා තිබ්බා. හැබැයි කෝවිඩ් එක්ක පිරිමි කොණ්ඩ විලාසිතා හේදිලා ගියා.

කෝවිඩ් කාලේ ගෑනු ළමෝගේ කොණ්ඩේ කැපීම කියන්නේ වෙනම කලාවක්. ඔය ඉස්සර ඩොන්කි කට් කියපු එක වගේ එකක් තමා මේ කාලේ ආයේ ලංකාවේ Trend වෙලා තියෙන්නේ. පිටිපස්සෙන් බෙල්ල හරියට කොණ්ඩේ කපලා ඉස්සරහයි ඩොන්කි වගේ කොණ්ඩේ කපන ගෑනු ළමෝ ඕසෙට. ඒ වගේම මේ කොණ්ඩේ කැපිල්ල Instagram WhatsApp වගේ Social Media වල පොඩි රුල්ලක් වෙලත් තියනවා. ඒක වෙනම සීන් එකක් මචෝ. ඒ අස්සේ කොල්ලෝ වගේ කොණ්ඩේ කොටම කපන එකත් මේ කාලේ මාර රැල්ලක් වෙලා තියනවා. ලංකාවේ නම් එහෙන් මෙහෙන් තමා සීන් එක තියෙන්නේ. ඒත් යුරෝපයේ මේක නැගලා යනවා.

මේ ඔක්කෝම අස්සේ කොණ්ඩේ පිස්සුව විකාර විදිහට හදන එකත් ලාවට Trend වෙලා තියෙනවා. ඔය කොරෝනා වෛරස් එකේ හැඩේට කොණ්ඩේ කපන එක වගේ අමුතු සීන් පහුගිය කලේ දකින්න තිබුණා. කොහොම හරි මචෝ එව්වා නම් මේ හැමෝම කරපුවා නෙවෙයි. එකෙනෙක් දෙනෙක් කරලා Social Media දා ප්‍රසිද්ධ වුණ සීන්කෝන් සුන්දරා.

මේවට අමතරව කොරෝනා තිබුණත් ඒක නොතකා විලාසිතා ලෝකය පවත්වාගෙන යන්න හදන උත්සාහ ගැනත් කියන්න ඕනෑ. මොකද ඒ සීන් එක ඇතුළේත් වෙනම කතාවක් තිබෙනවා. වර්ණ දෙකක කොණ්ඩය. බද්ධ කරවා වගේ සකස් කරන කොණ්ඩය ආදී ඒවා තමා මේ කාලේ ඒ පැත්තේ Trend මචෝ. අනික් එක ස්වභාවික වර්ණ දෙකක් සහිත කොණ්ඩවලට මේ කාලේ මාර තැනක් ඇවිල්ලා තියෙනවා. ඔය පහුගිය කාලේ නූඩ්ලස් කොණ්ඩ තියන නංගිලා උඩ ගියා වගේ දැන් පාට දෙකේ කොණ්ඩේ තියන නංගිලා උඩ ගිහිල්ලා ඉන්නේ. හා මචාලා බයවෙන්න එපා ලංකාවේ එහෙම අය නෑ. මෙහෙ තමා trend එක නූල්ඩස් කොණ්ඩාස්ලා.

සුන්දරා සුන්දරී මේවා තමා කෝවිඩ් කාලේ Hire Style ගැන කතා. අපි දන්න තරමට තමා සුදාලට කතාව ගැලපුවේ. තව විස්තර තියෙනවා ගූල් දෙයියන්ගෙන් අහලා බලන්න. ඒ එක්කම හොයලා බලන්න. කැමති අය ඉන්නවා නම් ඔය කියන විදිහකට කපලා බලන්න. කොණ්ඩේ. ඉතින් අපට මොටෝ.