2021 මාර්තු 13 වන සෙනසුරාදා

ඩෝං පුතා කෝ කරුණා නෑ අප්පා සිරිපාදේ

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනවානේ  මචෝ. අන්න එතකොට තමා Trend නිර්මාණය වෙන්නේ. වෙනස්වීම වෙලාවකට හොඳයි. වෙලාවකට නරකයි. ඉතින් සුදෝ Trend කියන ඒවත් එහෙමයි. අද අපි කතා කරන්න යන්නේ නරක Trend එකක් ගැන. සහෝලට මේ කතාව අපි කියන්නේ දැහැමින් සෙමින් භක්තියෙන් කරුණාවෙන්. මේ Storyය Line වෙන්නේ Modern සිරිපා කරුණාව ගැන.

ලංකාවේ ගොඩක් බෞද්ධයෝ අවුරුද්දකට එකපාරක් සිරිපා කරුණා කරන්න පුරුදු වෙලා තියනවා අද කාලේ. ඒත් සහෝ ඉතිහාසයේ අපි අහලා තියන විදිහට ජීවිත කාලේටම එක පාරයි බෞද්ධයෙක් සිරිපා කරුණා කළේ. ඒ ගමන බොහොම දුෂ්කර වගේම කොච්චර අවදානම් ගමනක් වෙලා තිබුණාද කියනවා නම් අපේ මුතුන් මිත්තෝ ගේදොර වතු පිටි සියල්ල දරුවන්ට පවරලා තමා සිරිපා කරුණා කළේ. ඒ වගේම ලොකු ශ්‍රද්ධාවක් මේ එදා වන්දනාකරුවන්ට තිබුණා.
ඒ කොහොම හරි සිරිපා මාර්ග සංවර්ධනය වීමත් සමඟ පහුගිය දශක 4 ක විතර කාලය ඇතුළේ අධික පිරිසක් මේ සිරිපා කරුණාවට එකතු වුණා. ඔන්න අග්ගලකන් ඩෝං පුතා හෙලේ නගින් ඩෝං පුතා කියලා අපේ අය සිරිපා කරුණා කරනවා. සහෝ සිරිපා ගමන කියන්නේ වෙනම සංස්කෘතිකයක්.

අග්ගලකන් ඩෝං පුතා
හෙලේ නගින් ඩෝං පුතා
අපේ බුදුන් අපි වඳින්ඩ
පෙරළි පෙරළි අපි වඳින්ඩ

ඉතිහාසයේ පුරා තිබුණ Trend එකක්. එතකොට ඇයි මේ Y Trend වගේ සීන් එකට මේ පූජනීය සිරිපා කරුණාව අපි ගලපා ගන්නේ. ඔන්න සුදාලා කල්පනා කරනවා ඇති.
JBL එක සින්දු දාගෙන මළුවට එකයි සුරුට්ටු අස්සේම ජොයින්ට් එකක් පත්තු කරගෙන කෑලි ටෝක් කර කර සිරීපාදේ නගින හිපොල් පීපල්ස්ලා ගැන සුදාලට කියන්න තමා මේ Y Trend එක. මේක නම් පිස්සුවක් බං කියලා තමා සඳේ කියන්න වෙන්නේ. කවද දැක්ක ආතල්ද මේ. සිරීපාදේ යන තාරුණ්‍යයේ උමතු Y Trend එකක් තමා ඔය. ඔයිට වඩා ඒවා තියෙනවා. අහන්න ඛේදනීයයි දකින්න ශෝචනීයයි සුන්දරා. ඒත් මේ සීන් ඇත්ත. එදා මහා භක්තියකින් කරුණා කරපු සමනොළ ගිර අද so ආතල් Tour එකක් වෙලා. සුදාලට කියන්න මේක මහා අපරාධයක්. අහන්නත් දුකයි.
එකක් කියන්න ඕනා හැමෝම මෙහෙම නෑ. ඒත් පිරිසක් ඉන්නවා. ආතල් එකට සිරීපාදේ යන්නේ. මෙහෙමයි ඉතින් සිරිපා ගමනේ කවදත් විනෝදයක් තිබ්බා. ඒක සංස්කෘතියෙම කොටසක්.

හිනා නොවී යන නංගිට
මස්කෙළියෙදි කපුටෝ කොටයි
එහෙම කිව්ව ඒ අයියට
සම්මා සම්බුදු සරණයි

තරුණයෝ තරුණියෝ අතර පවා මේ වගේ අපූරු කවි සංවාද මෑතක් වෙනතුරුම තිබුණා. ඒත් හැමෝම කට පරිසසම් කරගෙන තමා මේ ගමන ගියේ.
ඒත් අද ඒ විනෝදය උමතුවක් බවට සමහර තරුණ කොටස් පත්කරගෙන. ඉස්සර තිබුණ භක්තිය ගෞරවය නෑ. සමහරු බීලත් සිරීපාදේ කරුණා කරනවා. සමහරු බිබී සිරීපාදේ කරුණා කරනවා. බුලත්විට බාබුල් මාවා වගේ මත්ද්‍රව්‍ය ජාති අරගෙන යන තරුණයෝ සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්නවා.
මේ ඔකෝකොටම නීතියෙන් වැට බැඳලා තියෙන එක ඇත්ත මචෝ. ඒත් ඒ දේවල් සිද්ධ වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයටත් මේක පාලනය කරන බෑ. ඒ නිසයි සහෝ මේක බොහොම නරක Y Trend විදිහට ව්‍යාප්ත වෙනවා කියලා අපි කිව්වේ.

කට පරිස්සම් කරගන්න කියලා කිව්වාට දැන් කුණුහරුප කියන අයත් අද ඉන්නවා. බොහොම අවර ගණයේ විහිළු තහළුත් සිද්ධ වෙනවා. සම්ප්‍රදාය මේ අයට වැඩක් නෑ. ඒ වගේම ඔය කිරිකෝඩු දඬුකෝඩු වගේ දේවල් දැන් තරුණයෝ ගණන් ගන්නේ නෑ. එක්තරා විදිහට මේ සංස්කෘතිය පවරාදෙන්න අපේ වැඩිහිටි පරම්පරාව අසමත් වෙලා. මේ දේවල්වල තියෙන වටිනාකම් නොදන්න තාක්කල් ඔවුන් ඒ දේවල් විහිළුවක් විදිහට බාර ගන්නේ. අද ඒකයි වෙලා තියෙන්නේ සහෝ. ඇත්තට සරලව කියනවා නම් සිරිපා ගමන දැන් වන්දනා ගමනක් නෙවෙයි විනෝද චාරිකාවක් වෙලා.

ඒක හොඳට තේරෙනවා ඔය පෝලිම්වල ඇතිවෙන රණ්ඩු සරුවල්වලින්. සමහරු පෝලිම් පනිනවා. තවත් සමහරු බනිනවා. ඇත්ත සහෝ අර කරුණාව ශ්‍රද්ධාව ඒ වෙලාවට නම් හොයන්න බෑ. ඒ වගේම හොරකම් එහෙමත් මේ පින්බිමේ සිද්ධ වෙනවා. එතකොට තව තව ඔය අතරවාරේ වෙන දේවල් ගැනත් කනින් කොනින් අහන්න ලැබෙනවා. ඉතින් Modern සිරිපා කරුණාව ඇතුළේ තමා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ.

අනික් එක මේ Trend එකේ ප්‍රතිඵලයක් තමා පරිසරයට වෙන හානිය. ප්ලාස්ටික් පොලීතින් කන්ද කවදා හරි සමනල කන්ද පරද්දනවා මේ යන විදිහට ගියොත් මචෝ. වැඩේ කියන්නේ සිරීපාදේ අවට කඩවල ව්‍යාපාරිකයෝත් මේ විකෘතියට හවුල්වීම මචෝ. ඔවුන් හිතන්නේ මේ සිරිපාදේ රැකගන්න එක ගැන නෙවෙයි තමන්ගේ ව්‍යාපාර ගොඩදාගන්න එක ගැන. හැබැයි ඔවුන්ගේ ව්‍යාපාර රැකෙන්නත් මේ ශ්‍රී පාද සංස්කෘතිය රැකෙන්න ඕනෑ.
ඉතින් මචෝ හැම Trend එකක්ම හොඳ නෑ. හැබැයි Trend වෙනස ඇති කරන්න වගේම වෙනස් කරන්නත් අපිට පුළුවන්. අන්න ඒක මතක තියාගන්න.