සිංහල සිනමා වංශකතාවේ වසන්ත සමයේ සුවිශාල මෙහෙවරක් ඉටුකළ සම්මානනීය සිනමා අධ්‍යක්ෂක වසන්ත ඔබේසේකර දැයෙන් සමුගත්තෙ කාගෙත් හිතට දුකක් ඇතිකරමින්.
ඔහුගේ මළගමට පැමිණි කලා ශිල්පීන් බොහෝ දෙනෙක් වසන්තට සම්බන්ධ රසකතා රැසක් යළි මෙනෙහි කළා.
වසර කීපයකට පෙර අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් වසන්තගේ බම්බලපිටිය නිවසට ගිහින් තියෙනවා.
ඒ වෙලාවෙ වසන්ත විසිල් ගසමින් ගේ පුරාම ඇවිදිනවලු.
මොකෝ වසන්ත විසිල් ගගහා ගේ පුරා ඇවිදින්නෙ...
නෑ මචං මගේ කාර් එකේ යතුර තිබ්බ තැන මතක නැහැනෙ. අවුලක් නෑ මෙහෙම විසිල් කළාම තියෙන තැනකින් බීප් බීප් කියලා සද්දයක් එනවා. අනේ මචං උඹලත් විසිල් ගහපල්ලකො.
දැන් තුන්දෙනාම ගේ පුරාම විසිල් ගගා ඇවිදිනවලු.
ටික වෙලාවකින් වසන්තට කෝල් එකක් එනවලු යතුර තියලා ආපු ගෙදරින්.
දර්ශන තලවලදී ඇසෙන අපූරු කතා අතර මේ කතාවටත් කාගෙත් වැඩි අවධානය යොමුවුණා.
අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් තවත් සහෝදර ශිල්පියෙක් එක්ක තමන්ගෙ දරුවො ගැනත් ඔවුන්ගෙ අධ්‍යාපන කටයුතු ගැනත් කතා කර කර හිටියෙ රූපගත කිරීම් අතර ලැබුණු සුළු විවේකයෙදි.
අපේ පුතානම් රුසියාවෙ වෛද්‍ය උපාධිය කරලා මේ අවුරුද්දෙ ලංකාවට එයි, එක් ශිල්පියෙක් කිව්වම අර ප්‍රවීණ කලා ශිල්පියා අපූරු උත්තරයක් දුන්නා.
අපේ පුතාත් වෛද්‍ය විද්‍යාව ගැන හැදෑරීමක් කරනවා, හැබැයි එයා ඉගෙන ගන්නෙ ලෙඩෙක් වෙන්න.
ලෙඩෙක් වෙන්න?
ඔව් ඔව් අද ලෙඩවෙන එක ලේසි නෑ. දොස්තරලගෙන් බේරෙන එකත් ලේසි නෑ. ඉතින් ලෙඩක් හැදුනම ඒකට ගත යුතු නිසි පියවර, විශේෂයෙන් පුද්ගලික රෝහල්වලට ඇතුළත් වුණාම විවිධ පරීක්ෂණ අත්‍යවශ්‍යය ද නැද්ද කියලා දැනගැනීම ලෙඩෙකුට ඉතාම වැදගත්. ලෙඩවෙන්න කළින් ඒ ගැන අවබෝධයක් ලබාගන්න එක හොඳයි කියලා එයා හිතනවා. ඉතින් අපටත් ඒ ගැන අකමැත්තක් නැහැ.
ලංකාවේ ප්‍රවීණ කලා ශිල්පියෙක් පහුගිය උත්සව සමයේ නිවාඩු පාඩුවේ කාලය ගත කරලා තියෙනවා.
දවසක් ඔහුගේ පුංචි මුණුබුරත් එක්ක කොළඹ ප්‍රසිද්ධ සුපිරි සාප්පු සංකීර්ණයට ගියාලු තෑගිබෝග ගන්න.
ඔන්න ළමයින්ගෙ සෙල්ලම් බඩු අලෙවි කරන සාප්පුවකට ගිහින් පොඩි එකාගෙන් ඇහුවලු බබාට මොනවද ඕනෙ කියලා.
අනේ සීයෙ මට තෝ ඕනෙ... කියලා මහ හයියෙන් කිව්වලු.
සීයගෙ මූණ රතුවුණාලු. කොල්ලා ආයිත් අඬනවලු මට තෝ ඕනෙ, කිය කියා.
සාප්පුවේ කළමනාකරු මේ ගැටලුව තේරුම් අරන් පොඩි පුතාට සෙල්ලම් බඩුවක් ගෙනත් පෙන්නුවලු.
බබාට මේ තෝද ඕනෙ?..
ඔව් අංකල්... සීයෙ මට මේ තෝ අරන් දෙන්න...
ප්‍රවීණ කලා ශිල්පියාට කතාව වැටහුණේ කළමනාකරු ඔහුට ඒ බව තේරුම් කරලා දුන්නට පස්සෙ.
තෝ (THOR) කියන්කෙ ලෝ ප්‍රකට MARVEL මාලාවේ එන එක චරිතයක්. හරියට ස්පයිඩර් මෑන්, අයන් මෑන්, හල්ක් වගේ. මහත්තයො අපට වඩා මේවා ගැන දන්නෙ අපේ පුංචි ළමයි. මේ බබත් සීයට වඩා දැනුම්වත්. අපි ඒ ගැන ලජ්ජා වෙන්න ඕන නැහැ. මමත් මේ සාප්පුවේ කළමනාකරු වුණාට මම ගොඩාක් දේවල් දැනගත්තෙ අපේ චූටි පුතාගෙන්, ඔහු කිව්වලු.
තම රට, ජාතිය හා සංස්කෘතිය පාවාදෙමින් ඇතැම් නිර්මාණ ෙව්දියෝ මොන තරම් ජාත්‍යන්තර පැසසුමට ලක්වුණත්, සම්මානයට පාත්‍ර වුණත් ඒවා ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මෑතකදී එවැනි ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍රපටයක් ගැන එක්තරා ප්‍රවීණ රංගන ශිල්පිනියක් කතා කළේ ඉතාම පිළිකුලෙන්.
මුදල් පසුපස හඹායන එවැනි සිනමා අධ්‍යක්ෂකවරුයැයි කියාගන්නා අය මේ රටේ අභිමානය විතරක් නෙවෙයි, ඔවුන්ගේ මවුපියන්ගේ ආත්මය පවා විකුණනවා. ඇය කිව්වා.
ඔහු ලංකාවෙ ජනප්‍රියම සහාය අධ්‍යක්ෂකවරයා. ඕනෑම නළුවෙක් නිළියක් ඔහු සමඟ ඉතා කුළුපහව ඇසුරු කරනවා. මාධ්‍යවේදීනුත් එහෙමයි.
මෑතකදී පැවැති චිත්‍රපටයක මංගල දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අලුතින්ම සිනමාවට පය තැබූ රූමත් රංගන ශිල්පිනියක් එතනට ආවලු. ඇය ආව ගමන්ම අපේ මිත්‍ර සහාය අධ්‍යක්ෂකවරයා බදාගෙන ඔහුට සුභ පැතුවලු. ඔහුට හීන් දාඩිය දැම්මා.
ඇති ඇති මේ ළඟ ඉන්නෙ මගෙ නෝනා, කියලා ඇගේ කනට කොඳුරලා කිව්වලු.
අපේ රටේ බොහොමයක් ප්‍රශ්නවලට පදනම්වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආත්මාර්ථකාමී ආකල්ප බව ඕනෑම ගැටලුවක සුලමුල හොයලා බැලුවම තේරෙන කාරණයක්. සමාජයේ සෑම තලයකම මේ ප්‍රශ්නය දැකගන්නට තියෙනවා. තමන් ගැන විතරක් හිතන අනුන් ගැන නොතකන පිරිස් ඉන්න තාක්කල් ප්‍රශ්නවලට කෙළවරක් නැතිවෙනවා.
මාධ්‍යවේදීන් සමඟ බොහෝ අය කරන ගනුදෙනුවලදී ද මෙවන් අය අපට හමුවෙනවා.
සමහරු හවසට තියෙන මාධ්‍ය සාකච්ඡාවකට හෝ මාධ්‍ය ආවරණයකට මාධ්‍යවේදීන්ට කතා කරන්නෙ එදා උදේ. අනෙකාගෙ කාලයට ගරු නොකරන මෙවන් අයගේ කෙටි දැනුම්දීම් මාධ්‍යවේදීන් සූක්ෂම ලෙස මඟහරින්නෙ ඔවුන්ට ඒකෙන් හෝ මොෙළ් පෑදේවි යන විශ්වාසයෙන්.
ඔන්න එවැනි කෙටිකාලීන දැනුම් දීමක් ලංකාවෙ ප්‍රවීණ මාධ්‍යවේදියෙකුට ඊයෙ පෙරේදා ලැබුණලු.
අනේ අයියෙ අද හවස එන්නකො අහවල් හෝටලේ පැත්තට... හොඳ කොක්ටේල් එකකුත් තියෙනවා...
මාධ්‍යවේදියාට මළ පැන්නලු.
ඕගොල්ලො කියන කියන වෙලාවට ලෑස්තිවෙලා ඉන්න අපි බ්‍රොයිලර් චිකන් කියලා හිතුවද? කියලා කිව්වලු.