2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මම ගොඩාක් හොඳ බොරුකාරියක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

පළවෙනි වතාවටද ප්‍රියංකාට ඔෙහාම වැරදුෙණ්?

ප‍්‍රියංකා - පළවෙනි වතාවට එහෙම වුණේ ශාහීද් ළඟ. ඊට පස්සේ ශාරුක් ඛාන් ළඟදී ඩොන් ෆිල්ම් එකෙදී. එකේ ෆයිට් සීන් එකක් තියෙනවා, ඔහු මගේ බෙල්ල මිරිකගෙන ඉද්දී මට කියන්න තියෙන මගේ දෙබස් මට අමතක වුණා. තුන්වෙනි සැරේ ක‍්‍රිෂ් ෆිල්ම් එකේ රිතික් එක්ක රඟපාද්දී වුණේ.

රජත් - මම ඔයාගෙන් අරයා එක්ක සම්බන්ධයක් තියෙනවද? මෙයා එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා ඔබෙන් ප‍්‍රශ්න කරන්නේ නැහැ. ඒත් කපූර් කියන නාමය ඔබ අසලට නිරන්තරයෙන් එන්නේ ඇයි? ශාහීද් කපූර්, රන්බීර් කපූර්, කරීනා කපූර් එතකොට සාත් ඛූන් මාෆ් ෆිල්ම් එක අනූ කපූර්ගේ. 
ප‍්‍රියංකා - සර් මේක සමහර විට පංජාබී කතාවක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඇත්තටම සර් ඔයාට ඔය ප‍්‍රශ්නය ඒ අයගෙන් අහන්න වෙනවා, ඇයි එයාලගේ පෙළපත් නාමය කපූර් කියලා. මම චොප්රා කෙනෙක්.

රජත් - පංජාබ් ගැන ඔබ මතක් කළ එක හොඳයි. මම ඔබව දිල්ලි ආසන්නයේ බරෙයිලිවල කෙනෙක් විදියට අඳුන්වලා දුන්නත් ඔබ එහෙට එන්න කලින් පංජාබ්වල ජීවත් වුණු කෙනෙක් නේද?
ප‍්‍රියංකා - මම කියන දෙයින් ඔබත් පුදුමයට පත් වේවි. මගේ තාත්තා (දැන්ට ජීවතුන් අතර නැත) පංජාබ්වල අම්බාලා කියන ප‍්‍රදේශයේ කෙනෙක්. මගේ සීයයි ආච්චියි (තාත්තගේ මව සහ පියා) පංජාබ්වල අම්බාලාවල ජීවත්වුණු අය. දැනටත් මගේ බාප්පයි පුංචි අම්මා එහේ තමයි ජීවත් වෙන්නේ. බරෙයිලිවල මම හැදුනා වැඩුනා. මම ඉපදුනේ බිහාර්වල ජම්ෂේද්පූර්වලදී. දැන්නම් එහේ නමත් වෙනස් වෙලා තියෙන්නෙ. දැන් එහෙට කියන්නේ ජාර්කන්ඩ් කියලා. මගේ අම්මා බිහාර්වල කෙනෙක්. මගේ සීයා ඒ කිව්වේ මවගේ තාත්තා ඩොක්ටර් මනෝහර් කිශන් අකෞරි බිහාර්වල කොංග‍්‍රස් පක්ෂය නියෝජනය කළ ව්‍යවස්ථාදායක සභාවේ කෘතහස්ත කෙනෙක්. මගේ අම්මා ඉපදිලා තියෙන්නෙ මැඩ්ඩ‍්‍රාස්වලදී. එයා ඇති දැඩිවෙලා තියෙන්නේ ජාර්කන්ඩ්වලදී. ජම්ශෙර්පූර්වලදී මම ඉපදුනා. මගේ අම්මගේ තාත්තා කශ්මීර්වල කෙනෙක්, මගේ අම්මගේ අම්මා කේරළයේ. මම කොහේ කෙනෙක්ද කියලා ඔබම කියන්න.
මගේ අම්මගේ සහ තාත්තගේ රැකියාව නිසා දිල්ලී, චන්දිගර්, ලඩාබ්, අම්බාලා, ලඩාඛ්, ලඛ්නව්, කශ්මීර්, බරෙයිලි සහ පූනේ කියන නගරවල ජීවත්වෙන්න සිද්ධ වුණා.

රජත් - කශ්මීර්වල ජීවත් වෙන කාලයේ ඔබගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක්වෙලා තියෙනවා නේද?
ප‍්‍රියංකා - මට අවුරුදු 04දී තමයි අපි කාශ්මීර්වල ලෙහ් කියන ප‍්‍රදේශේෙය් ජීවත් වුණේ. එහෙදී තමයි මට වඩා අවුරුදු 07ක් බාල මගේ මල්ලී ඉපදුනෙ. අපි එහෙ බංකර් වගේ නිවාසවල තමයි ජීවත් වුණේ. මගේ ජීවිතයේ ගොඩාක් මතකයන් එහේ තියෙනවා.

රජත් - ඔබ අධ්‍යාපනය ලබලා තියෙන්නේ ලඛ්නව්වල මාර්ටිනියා ගර්ල්ස් ස්කූල් එකෙන් සහ බරෙයිලිවල ගොරෙටි කොලේජ් එකෙන් කියලා මම හොයා ගත්තා. ඒ වගේම අවුරුදු 18-19 කාලයේදී උසස් අධ්‍යාපනය සඳහා බරෙයිලිවල ආර්මි පබ්ලික් ස්කූල් එකට යනවා. ඒත් වයස අවුරුදු 13දී ඔබ ඉන්දියාවෙන් යනවා.
ප‍්‍රියංකා - මට අවුරුදු 13දී මගේ අධ්‍යාපන කටයුතු සඳහා අමෙරිකාවෙ ඉන්න මගේ ආන්ටි ළඟට යන්න වුණා. අවුරුදු 13 ඉඳන් 18 වෙනකම් මම අමෙරිකාවෙ නිව්ටන්, මැසචුසෙට්ස්, කෙඩාර් රැපිට්ස්, ලෝවා, ක්වීන්, නිව්යෝර්ක් වගේ තැන්වල ජීවත් වුණා ආන්ටිගේ ෆැමිලි එක එක්ක. මම එහේදී ක්ලැසිකල් වෙස්ටර්න් මියුසික්, සමූහ ගායනය සහ කතක් නර්තනය හැදෑරුවා. අමෙරිකා ගිය නිසා 2000දී මට මිස් වර්ල්ඩ් වෙන්න පුළුවන් වුණා.

රජත් - ඔබට නැගෙන ඊළඟ චෝදනාව රැවටීමට ශූරියක් කියන එකයි. ප‍්‍රියංකා මම ඔබට අතීතේ වෙච්ච දෙයක් මතක් කරවන්න යන්නේ. ඔබට නිව්යෝර්ක්වල සමර් ස්කූල් එක මතකද?
ප‍්‍රියංකා - ම්ම්ම්ම් සර්?

රජත් - එහේදී ඔයා ප්‍රොජෙක්ට් එකක් හදද්දී රැවටීමක් කළා.
ප‍්‍රියංකා - සර් මගේ  වෘත්තිය රඟපෑමනේ. විවිධ චරිත කරනවා. දෙබස් කියනවා. සිහින අලෙවි කරනවා. ඒක මගේ වෘත්තිය.

රජත් - ඔයා රඟපාන්න ආවමද රැවටීම කරන්න පටන ගත්තේ? නැත්නම්
ප‍්‍රියංකා - කලින් ඉඳන්ම කළා. මම ගොඩාක් හොඳ බොරුකාරියක් 

රජත් - කුඩා කාලයේ ඉඳන් තියෙන පුරුද්දක්ද?
ප‍්‍රියංකා - මම ටිකක් විතර නරක දඟකාර කෙනෙක්.

රජත් - ඒ වුණාට ඔබ ඉගෙනගන්න දක්ෂ කෙනෙක් කියලයි මම හොයාගෙන තියෙන්නෙ.
ප‍්‍රියංකා - ඔව් මම ඉගෙන ගන්න දක්ෂ වුණා. මම හැමවෙලාවෙම හිනා වෙවී දඟල දඟලා හිටිය කෙනෙක්. ඒ නිසා මගේ යාළුවෝ මට කිව්වේ සන්ෂයින් කියලා.

රජත් - ඔබ නිළියක් වෙන්න හිටිය කෙනෙක් නෙවෙයි නේද?
ප‍්‍රියංකා - සර් ඇක්ට් කරනවා කියන එක මගේ ජීවිතයට ආවේ මිස් වර්ල්ඩ් වුණාට අවුරුදු 02කට පස්සෙ. ඊට කලින් මම අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක් වෙන්නයි කැමැත්තෙන් හිටියෙ. ඒ වෙනුවෙනුයි ඉගෙන ගත්තෙත්, අවුරුදු 17දී මම මිස් වර්ල්ඩ් වුණේ. අවුරුදු 18 වෙද්දි මට හිතාගන්න බැරිවුණා මොකක්ද ජීවිතයේ වෙන්නේ කියලා. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

නඩුව ඊළඟ සතියට කල් තැෙබ්.

Translation — Chandana waravitage

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00