2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

මටත් එහෙම කෙනෙක් හිටියා...

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

අපි එදා උදේම ගෙදර යන්න පිටත් වුණා. අපි නැගිටිද්දී මිහිඳුම් සේල සේ දුහුල්ව හාත්පස පැතිරී තිබුණා. අපි ගමන් කළේ ජානා සතුවූ කුඩා මෝටර් රථයෙන්. මෝටර් රථය තුළ සියුම් සංගීතයක් වාදනය වෙමින් පැවතුණා.

මේ පරිසරය හරිම ලස්සනයි දුල්යානා... මට නවතින්න තරම් හිතෙනවා...
කොච්චර ලස්සන වුණත් මටනම් මේ පාළුව දරාගන්න බැරි තරම් අමාරුයි... 
උඹ නාවත් මම හැම මාසෙම දවසක් ඉඳලා යන්න හරි මෙහෙ එනවා...
උඹට සල්ලි තියෙන නිසා එන්න පුළුවන්.. 

අපි එකතුවෙලා සල්ලි හොයමු දුල්යානා... කොයිම වෙලාවකවත් හිතන්න එපා තමන් දුප්පත් කියලා. 
හිතුවෙ නැති වුණාට මම කොච්චර දුප්පත්ද? සිස්ටර් සේරා පල්ලියෙන් යන්න කියද්දී මම කොච්චරක්නම් අසරණ වුණාද... රෑ තිස්සෙ මම අඬ අඬා කල්පනා කළා කොහෙද යන්නෙ කා ළඟටද යන්නෙ කියලා... අන්තිමට තමා මට උඹව මතක් වුණේ.

ඇත්තටම ඇයි ඔයාලගෙ තාත්තා ඔයාලට එහෙම කළේ? 
මම දන්නෙ නෑ කීවොත් ඒක බොරුවක්... ඒත් මම කැමති නෑ ජානා ආයෙ ආයෙත් ඒ අතීතය මතක් කර කරා තැවෙන්න...
මාම උඹට එක දෙයක් කියන්නද?
මොකක්ද?
අයිස් ක්‍රීම් කන්න නැවත්තුවම කියන්නම්... 
නෑ දැන්ම කියන්න. 
වන්ගුවත් එක්ක තියෙන මිටියාවතේදී මම කොහොමත් වාහනේ නතර කරනවා... මගේ ඇඟට ටිකක් මහන්සියි දුල්යානා. 

ඒක හරි සුන්දර මිටියාවතක්... ඈතින් පෙනුනේ ළා නිල් පැහැ පැහැදිලි අහස... ළා රන්වන් පැහැයක් ඒ අහස පුරාම ඉහිරිලා තිබුණා... තද සීතලට ගැහෙමින් තිබුණු සිරුරු ඒ උණුසුමෙන් වින්දේ අමුතු සුවයක්. 
ඉතින් කියන්න... මම කාරයට හේත්තු වෙමින් ඇගේ පැහැදිලි නෙත් දෙස බලමින් විමසුවා. 
දුල්යානා... 

ඇය එවර මා දෙස බැලුවෙ හැඟීම්බර බැල්මකින්.
මම උඹ ගැන දන්න තරමටම නොදන්න දේවලුත් තියෙනවා... මට ඒ හැමදේම දැනගන්න ඕනැ...
ඒකෙන් ඇති වැඩේ මොකක්ද?
අපි හැමෝගෙම ජීවිතවල හැම පිටුවක්ම කියවපු කෙනෙක් අපි මැරෙන්න ඉස්සර අපේ ජීවිතවල ඉන්න ඕනැ 
මටත් එහෙම කෙනෙක් හිටියා...
කවුද?
ආදේශ්...
ඒත් අද උඹේ ජීවිතේ එහෙම කෙනෙක් නෑනෙ?
අදටත් ඉන්නවා... මම එහෙම කියද්දී ඇය කුහුලින් මගේ නෙත් දෙස බැලුවා 
කවුද ඒ?
ආදේශ්... 
විකාරයක් කියවනවා...
විකාරයක් නෙවෙයි...

ආදේශ් හැමදාමත් මගේ ජීවිතේ ඉන්නවා ජානා... මම වෙලාවකට හුස්මක් ගන්නෙත් ඒ හයියෙන්
ජීවිතේ ප්‍රයෝගිකව හිතපන්. ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ ලෝකෙ දාලා උඹේ ගාවට එන්නෙ නෑ 
ආදරේ කරන කෙනෙක් ළඟ හිටියත් එකයි, දුර හිටියත් එකයි තමන්ට හිමි කරගන්න බැරි දේවල් ගැන හීන දකින්න එපා දුල්යානා... අන්තිමේදී දුක විතරයි 
ජානා.. මොකක්ද ඔයාට මට කියන්න දෙයක් තියෙනවා කීවෙ? 
හැබැයි උඹ ඒකට බෑ කියන්නෙ නෑ කියලා පොරොන්දු වෙන්න ඕනැ