මෙවර 5 Chioce වලට අපි සම්බන්ධ කර ගත්තේ ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර. විශ්වගෙන් අපි ඇහුවේ බොහෝ දෙනෙක් උත්තර දෙන්න අකමැති ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද මේ ගැන කියන්න ගිහින් ඉන්න යාළුවො තරහවෙයි කියලා තමයි ගොඩක් අය කිව්වේ. නමුත් විශ්ව නම් එක පොරොන්දුවක් පිට මේ ගැන 5 Chioce වලට කිව්වා.
අපි ඇහුවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න හොඳම මිතුරියන් 5 දෙනා ගැන....
හ්ම්.... මෙහෙමයි මම කලා ක්ෂේත්‍රය තුළ ඉන්න බොහොමයක් දෙනා මගේ මිතුරියන් සහ සමීපතයින් ලෙස ඇසුරු කරනවා, 1, 2, 3, 4 , 5 ලෙස මම නම් කරන්නේ ඔබේ මේ විශේෂාංගය නිසා. මේක අනිවාර්යෙන් ලිපියේ පල කරන්න. ඒක මගේ ඉල්ලීම.
01. පබෝදා සන්දීපනී
මම ඇයත් එක්ක එකට රඟපෑවේ පබළු නාට්‍යයේ. ඊට පස්සේ නම් මට ඇය එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ඉතින් ඒ නාට්‍යයේ රූ ගත කරන කාලේ වගේම තමා අදටත් ඇය මගේ මිතුරියක්. ඒ වගේම මගේම සහෝදරියක් විදියට මා එක්ක ඉන්න කෙනෙක් තමා පබෝදා සන්දීපනී කියන්නේ.
02. උපේක්ෂා ස්වර්ණමාලි
බෝම්බ සහ රෝස චිත්‍රපටයේ තමා මම උපේක්ෂා එක්ක නිර්මාණයකට දායක වුණේ. ඇයත් ඉතාම හොඳ සරලව හිතන නිහතමානී කෙනෙක්. ඉතින් එදා ඒ නිර්මාණය හරහා ඇති වුණු ඒ සහෝදරත්වය එදා වගේම අදත් තියෙනවා.
03. මහේෂි මධුෂංකා
චායා සහ පැහැසරා නාට්‍ය දෙකේදීම මට මහේෂි එක්ක රඟපාන්න ලැබුණා. ඇයත් මට මේ කලා ක්ෂේත්‍රය තුළ හමුවූ හොඳ යෙහෙළියක්.
04. වත්සලා දියලගොඩ
නෙතු සහ අමා නාට්‍යවලදී තමා මට වත්සලා එක්ක රඟපාන්න ලැබුණේ. ඇයත් යෙහෙළියක් විදියට ඇසුරු කරන්න හැකි හොඳ කෙනෙක්.
05. තිසුරි යුවනිකා සහ රිතු ආකර්ෂා
දරුවනේ චිත්‍රපටයේ දී සහ ආදරේ සුවඳ අරන් නාට්‍ය වල මට තිසුරි එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ වගේම ආදරේ සුවඳ අරන් නාට්‍යයේ රිතූත් ඉන්නවා. එයත් මගේ මිතුරියන් අතර කෙනෙක්. ඒ නිසා මම 5 වෙනි තැනට තිසුරි සහ රිතූ දෙන්නම මතක් කරනවා.
Text – Anusha Ranasinghe / Pic — internet