සජිත... මේ දවස්වල මොකද කරන්නේ...?
මම ඉගෙනගන්න කැලණි කැම්පස් එකේ අවසාන වසරයි මේ. කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාවේ විශේෂවේදී උපාධියක් හදාරනවා. ඉතින් නිවාඩුව ඉවරවෙලා දැන් වැඩේ පටන් ගත්තා විතරයි. ඒකට නාට්‍යයක් කරන්න ඕනේ. කෙටි චිත්‍රපටයක් කරන්න ඕනේ. ඒ හැමදෙයක්ම එක්ක කැම්පස් එකේ වැඩ ටික කරගෙන යනවා.
ඒ අතරේ සජිතගේ අලුත්ම ස්වර්ණපාලි සින්දුව ගැනත් මහන්සි වෙනවා නේද?
ඔව්... මගේ ස්වර්ණපාලි පළවෙනි සින්දුවේ වීඩියෝ එක මේ දවස්වල ප්ලෑන් කරනවා. සින්දුව හැදුවෙ සනුක. ඒක ලිව්වෙ මගේ අප්පච්චි.
සජිතට සින්දු කියන්න පුළුවන් කියලා හිතුණේ කොයි කාලෙදිද?
පුංචි කාලේ මම එහෙමම සින්දු කිව්වෙ නෑ. පුංචි කාලේ අපේ අක්කා ටිකිරි පැදුර, හපන් පැදුර කියන ගායනා වැඩසටහන් කළාට මම මුලදි එහෙම ගියේ නෑ. හැබැයි මම අට වසරේ ඉන්නකොට තමයි ඉන්ටවිව් එකට ගිහිල්ලා මම සින්දු කියන්න ගියේ. සින්දු කියනවට වඩා මම රඟපාන්න තමයි ආස කළේ.
කොළඹ ආනන්ද විදුහල සජිතගේ සින්දු කියන හැකියාව වෙනස් කළා නේද?
ඔව්.. මම A/L කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා. මගේ පන්තියේ මට එහා පැත්තේ හිටපු කෙනා තමයි හර්ෂණ දිසානායක. හර්ෂණ මගේ හොඳම යාළුවා වුණා. මට සින්දු ගයන්න කලින් සින්දු අහන්න කියලා දුන්නේ හර්ෂණ. ගෙදර පරිසරයේදි අපේ අම්මා මට සංගීත භාණ්ඩ ගෙනත් දෙනවා. මාව ගිටාර් ක්ලාස් එකකට දැම්මා. හැබැයි මම අහමින් හිටියේ එකම සින්දු ටිකක්.
ඒ කියන්නේ හර්ෂණගේ මුණගැහීම සජිතව වෙනත් පැත්තකට යොමු කළා?
ඔව්. දවසක් හර්ෂණ මාව එයාලගේ ගෙදර එක්කරගෙන ගියා. එදා අපි පුටු දෙකක ඉඳගෙන පැය ගාණක් සින්දු ගැන කියලා දුන්නා. අපි ඒවා විචාරය කළා. ඊටපස්සේ කාලයකට පස්සේ සනුක, නදීමාල්, කෞෂාල්, දිල්මිණ යන යාළුවෝ ටික මුණගැහුණා. දැන් අපි නැතිවම බැරි කණ්ඩායමක් වෙලා. අපි හැමවෙලේම මියුසික් ගැන කතා කළා. අපි දවස් තුනකට සැරයක්වත් මුණගැහෙනවා. නැත්නම් අපේ ඇඟ රිදෙනවා වගේ. ඒ තරම් අපේ යාළුවෝ සෙට් එක ෆිට් වුණා.
ඔය හැමදෙයක් එක්කම ගෙදර පස්දෙනාම එකටම රැඳෙන්න තියෙන කාලය හරි අඩුයි නේද...?
ඒ වෙලාව හරි විරලයි. ඉස්සර අපි පොඩි කාලේ අපිට අමාරු වුණේ අප්පච්චියි අම්මයි අල්ලගන්න විතරයි. අම්මා එවකට රජයේ රැකියාවක් කළා. අපි උදේට ඉස්කෝලේ යන්න නැඟිටිනකොට අප්පච්චි නිදි. අපි ඉස්කෝලේ ඇරිලා එනකොට අප්පච්චි වැඩ. අප්පච්චි වැඩ ඇරිලා එද්දි අපි නිදි. දැන් අප්පච්චියි අම්මයි ගෙදර ඉන්නකොට ළමයි තුන්දෙනා වැඩ. හැබැයි රෑ දහය වෙද්දි පස්දෙනා එකතු වෙනවා. ඒ වෙලාවට කතා කරන්න දේවල් ගොඩයි. ඒක කතා කරලා ඉවර කරන්න බෑ.
ජැක්සන් ඇන්තනීගේ අලුත්ම චිත්‍රපටයේ සජිතගේ දායකත්වය කෙහොමද..?
ආරංචි මාර්ග අනුව මගේ දායකත්වයක් තාමනම් නෑ.
සජිත කියන තරුණ කලාකරුවාගේ ඇතුළේ ඉන්න සාමාන්‍ය පිරිමි ළමයා මොනවගේද?
ඒක මට පපුව ඇරලා තමයි පෙන්නන්න වෙන්නේ. අපේ කැම්පස් එකේ හෝ මේ ක්ෂේත්‍රයේ ඉන්න අය කියන දේ තමයි මම දන්නේ. මම එයාලටත් ඔයාට පපුව ඇරලා පෙන්නන්නයි වෙන්නේ කිව්වහම එයාලා කියන්නේ පෙන්නන්න දෙයක් නෑ, ඔයාගේ පපුව පේනවා කියලා. මම ඇතුළේ එකක් එළියෙ එකක් තියාගෙන කතා කරන කෙනෙක් නෙවේ.
සජිතගේ ජීවිතයටත් පොඩි කෙල්ලෙක් සමීපවෙලා... අද වෙද්දි සජිත පෙම්වතෙක්?
ඔව්... ඒක ඇත්ත. දැන් මම පෙම්වතෙක් තමයි. එයාගේ නම බුවිනිකා. අපි එයා ගැන හැමදෙයක්ම ඉක්මනටම කියමු. මට ඒකට චූටි කාලයක් දෙන්න. හෙට අනිද්දාම ස්වර්ණපාලිත් එක්ක අපි එයා ගැන කියමු නේද..
විලාසිතාවලට තියෙන නැඹුරුව කොහොමද සජිත?
මගේ විලාසිතාව අර ප්‍රකෘතියම තමයි. දැන් කොණ්ඩේ වැවෙනවට වැවෙනවා. රැවුල වැවෙනවට වැවෙනවා. හිතලා බලලා කපන රටාවක් මගේ නෑ. හැබැයි මේ පුංචි කෙල්ලගේ ආගමනයත් එක්ක ටිකින් ටික අඳින ටීෂර්ට් එකේ, ෂර්ට් එකේ වර්ණය පොඩ්ඩක් ගළපන්න දැන් ටික ටික යොමුවෙනවා වගේ. හැබැයි ඉස්සර හිටපු සජිත ඔය අතට අහුවෙන එකක් ඇඳගෙන යන කොල්ලෙක්.
ඒ කොල්ලගේ විලාසිතා ටිකක් වෙනස් නේද?
ඔව්... බුවනිකා මාව විලාසිතා පැත්තට යොමුකළේ, යොමු කරවන්නේ අර මම කැමති පැත්තෙන්ම තමයි. මම ආසයි අනේ නිකන් පටි වගේ බැඳගෙන ඉන්න, අලි දත් වගේ මාල දාන්න මම ආසයි. කොලර් නැති ෂර්ට් අඳින්න, ලිනස් කලිසම් අඳින්න, දුඹුරු පාටට බර ලෙදර් සපත්තු දාන්න මම ආසයි. බුවනිකා ඒ හැමදෙයක්ම දන්නවා. එයා මට තෑග්ගක් අරන් දුන්නත් මම ආස දෙයක්ම තමයි අරගෙන දෙන්නේ. ඒක නිසානේ මෙහෙම අපි දෙන්නා එකතු වෙන්නත් ඇත්තේ.
මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු?
බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ මම හදාරන්නේ රංගනය. ඒ වගේම වැඩසටහන් හරහා මම නර්තනය කළා. දැන් සින්දු කියනවා. මේ ක්ෂේත්‍ර තුන එකතුවෙන තැන මොකක්ද කියලා මම හොයමිනුයි ඉන්නේ.
ඒ තුළින් සජිත යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නේද?
ලෝකේ බොහෝ රටවල මියුසිකල් තියටර් එකක් තියෙනවා. ඒත් අපේ එහෙම ලොකුවට පවතින්නේ නෑ. මට ආසයි හොඳ ඩ්‍රාමා කණ්ඩායමක් එක්ක ලංකාවේ හොඳ මියුසිකල් තියටර් එකක් බිහිකරන්න.
ඒ කියන්නේ සජිත ටික කාලයකට ලංකාව අතහැර යාවි..?
ඔව්.. ඒක කරන්නනම් මම මගේ ඩිග්‍රිය ඉවර කරලා මියුසිකල් තියටර් එක සම්බන්ධව මගේ පශ්චාත් උපාධිය ගන්න ඕනෙ. ඒ සඳහා පිටරට යාමේ බලාපොරොත්තුවක් තියෙනවා. අවුරුද්දක් වගේ කාලයකට මම ලංකාවේ නැතිවේවි. ඒත්... ආයෙත් ඇවිත් මම මේ රටට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
Text – Dishani Jayamali Karunarathna / Pic — internet