2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

කන්‍යාභාවයේ වැඩිම ලංසුව ඩොලර් මිලියන 3.7ක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

අද වෙද්දි ලෝකෙ හැමදේකටම මිලක් ලැබිලා. කෑමට බීමට කොටින්ම වතුර උගුරට පවා මිලක් තියෙනවා. තාම මිලක් නැත්තෙ අපි අරගන්න හුස්ම ටිකට විතරයි. ඉතින් එහෙම ලෝකෙක තමන්ගෙ කන්‍යාභාවයට මිලක් නියම කරපු එහෙමත් නැත්නම් කන්‍යාභාවය වෙන්දේසි කරපු කෙල්ලොත් ඉන්නවා. අන්තර්ජාල වෙන්දේසියකට ගිහින් එහෙමත් නැත්නම්  ebay එක හරහා මේ වැඩේ කරපු යුවතියෝ ප්‍රමාණය විශාලයි. නමුත් මේ අය ගණිකාවො විදිහට තේරුම් ගත යුතු නැහැ.  මොකද මේ විදිහෙ දෙයක් කරන්න විවිධ හේතු ඔවුන්ට බලපාලා තියෙනවා. ඉතින් ඒ විදිහේ තරුණියන් කිහිපදෙනෙක් ගැනයි මේ තොරතුරු.

ගම්ට්‍රී ගර්ල්
මේක ඇත්ත නමක් නෙමෙයි. 2011දී අයර්ලන්තයේ ඉන්න 16 හැවිරිදි සිසුවියක් Gumtree කියන වෙබ් අඩවිය පාවිච්චි කරලා තමන්ගේ කන්‍යාභාවය වෙන්දේසියේ දැම්මා. ඇය එහෙම කරලා තිබුණේ කලා පාසලකට යන්න අවශ්‍ය මුදල් හොයාගන්නයි. ඇගේ මේ ලන්සුව ඇත්ත එකක් ද කියලා සැක හැර දැනගන්න එක් වාර්තාකරුවෙක් ඩොලර් 10,000ක ලන්සුවක් ඉදිරිපත් කරලා තිබුණා. ඉන්පස්සේ ඇය තමන්ගේ ඇත්ත අනන්‍යතාවය පැහැදිලි කළාම වාර්තාකරුවාත් තමන්ගෙ අනන්‍යතාවය හෙළිකරලා. මේකෙන් කලබල වුණු අයර්ලන්ත පාසල් සිසුවිය තමන් බොරුවට ඒ වගේ ලන්සුවක් ඉදිරිපත් කළ බව ප්‍රකාශ කරලා තිබුණා.

රෝසී රීඩ් 
රෝසි කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික විශ්ව විද්‍යාල තරුණියක්. නමුත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වෙද්දි ඇයට ඩොලර් විසිදාහක විතර ණයක් විශ්ව විද්‍යාලෙට ගෙවන්න තිබිලා. ඉතින් ඒ තරම් මුදලක් හොයාගන්න බැරි හින්දා රෝසි කරලා තියෙන්නෙ කන්‍යාභාවට වෙන්දේසි කරන එකයි. ඇගේ කන්‍යාභාවය මිලට අරන් තියෙන්නේ ඉංජිනේරුවෙක්. හැබැයි ඇයට ඒ වෙනුවෙන් ලැබිලා තියෙන්නේ ඩොලර් 12,300ක් වගේ ගාණක්. තමන් ඒ ගත්තු තීරණේ ගැන ගොඩක් පසුතැවෙන බවත් ඇය පසුව කියා තිබුණා. 

අලීනා පර්සියා 
රුමේනියානු ජාතික මැයත් තමන්ගෙ කන්‍යාභාවය විකුණලා තිබුණෙ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හොයාගන්නයි. පරිගණක උපාධියක් හදාරන්න අවශ්‍ය මුදල් වෙනුවෙන් ඇය ඩොලර් 13,000කට තමන්ගෙ කන්‍යාභාවය වයස අවුරුදු 45ක ඉතාලි ජාතික ව්‍යාපාරිකයෙකුට විකුණලා තිබුණා. කොහොම නමුත් ඇය පසුව සඳහන් කරලා තිබුණේ වැනීසීයේදි සිදුවුණු ඔවුන්ගේ හමුව බොහොම රසවත් සහ විනෝද ජනක එකක් වුණා කියලයි. 

කැතී කොබ්ලර්සන් 
කැතීට තමන්ගෙ කන්‍යාභාවය විකුණන්න සිද්ධ වෙලා තිබුණේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණය ගෙවන්නයි. ඇයට තමන්ගෙ කන්‍යාභාවය වෙනුවෙන් ඩොලර් ලක්ෂයක් අවශ්‍ය කරලා තිබුණා. කොහොම නමුත් ඇය පසුව තමන්ගෙ ලන්සුව ඉවත් කරගෙන තිබුණ නිසා ඇයට ගැනුම්කරැවෙක් මුණගැහුනා ද නැද්ද කියන දේ නම් හෙළිවෙලා නැහැ. 

කැත්රිනා මිග්ලියරොනි
බ්‍රසීල ජාතික සිසුවියක් වන කැත්රිනා මුලදී තමන්ගේ කන්‍යාභාවය ඩොලර් 780,000කට විකිණීමට සූදානම් වුණා. ඒ ජපාන ජාතික ව්‍යාපාරිකයෙකුටයි. නමුත් විවිධ ප්‍රශ්න නිසා ඒ ගනුදෙනුව හරි ගියේ නැහැ. නැවතත් ඇය ඩොලර් ලක්ෂ 4කට කන්‍යාභාවය විකුණන්න දැන්වීමක් පළ කළත් පසුව ඒ තීරණය වෙනස් කරලා තිබුණා. ධනවත් අරාබි ව්‍යාපාරිකයෙක් ඇය හා විවාහ වෙන්න කැමැත්ත ප්‍රකාශ කිරීම ඊට හේතුව වෙලා තිබුණා. 

ග්‍රේෂිලා යටාකෝ 
මැය පේරු ජාතික තරුණියක්. තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙනුත් කුඩා සහෝදරයට ඉගැන්වීම සඳහාත් මුදල් සෙවීමට ඇය තෝරාගත් මාර්ගය වුණේ තමන්ගෙ කන්‍යාභාවය අලෙවි කිරීමයි. ඇයට කොච්චර හොඳ ප්‍රතිචාර ලැබුණද කීවොත් එක් කැනේඩියානු ව්‍යාපාරිකයෙන් ඩොලර් මිලියන 1.5ක් ඇගේ කන්‍යාභාවය වෙනුවෙන් ගෙවන්න කැමැත්ත පළකරලා. කොහොම වුණත් පේරු රටෙන් ආපු ප්‍රශ්න ගැටලු නිසා ඇයට මේ අලෙවිය කරන්න ලැබිලා නැහැ. 

නැටලි ඩිලන් 
දැනට වාර්තා වෙලා තියෙන අන්දමට වැඩිම වටිනාකමකින් යුතු ලන්සු ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ නැටලිටයි. 22 හැවිරිදි ඇමරිකානු විශ්ව විද්‍යාල තරුණියක් වන නැටලිගේ කන්‍යාභාවය වෙනුවෙන් තැබුණු ලන්සුවල වටිනාකම ඩොලර් මිලියන 3.7ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 55කටත් වැඩියි. හැබැයි නැටලි තමන්ගෙ කන්‍යාභාවය වෙන්දේසි කරන බවට දැන්වීමක් අන්තර්ජාලයේ පළ කරලා තියෙන්නෙ ඇත්තටම එහෙම කරන්න නෙමෙයි. කාන්තා අධ්‍යයනය (Women’s Studies) පිළිබඳ උපාධියක්  හදාරන ඇයගේ පර්යේෂණ මාතෘකාව වෙලා තියෙන්නේ කන්‍යාභාවයේ වටිනාකම (The Value of Virginity) යි. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඇය තමන්ගේ කන්‍යාභාවය අලෙවි කරන බවට පළ කරලා තිබුණෙ.